වෙලාවකට මගෙන් අඩුවක් වෙනවද කියලා මට හිතෙනවා-දිලිනි ලක්මාලි

 


පුංචි තිරයේ අහිංසකාවිය ලෙස ඔබේ හදවතට නිතරම සමීප වුණු දිලිනි ලක්මාලි හදිසියේම නවසීලන්තයේ පදිංචියට ගිහින් කියන ආරංචිය කලා ලෝකයේ හැම කෙනෙක්ම දැන් දන්නවා. ඒ නිසාම, කාලයක් පුරා ටෙලිනාට්‍යවල ආකර්ෂණීය රංගනයක නිරත වුණු ඇයව සම්බන්ධ කරගන්න ‘මව්රට’ ‘හාට්’ අපි කටයුතු කළේ ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන්මයි. Sri Lanka Latest News


ඉතින් දිලිනි කොහොමද?

හොඳින් ඉන්නවා.

හදිසියේම ලංකාවෙන් යන්න හිතුණේ ඇයි?

එහෙම හදිසියක් නැහැ. ඒත් පවුල් ජීවිතය ගැන හිතලා මම ලංකාවෙන් යන්න තීරණය කළා. හස්බන්ඩ් ඉන්නේ නවසීලන්තයේ. ඔහු ඒ රටේ ෆාම් එකක මැනේජර් කෙනෙක්. ඉතින් අපි විවාහ වෙලා දෙපැත්තක ඉඳලා තේරුමක් නැහැනේ. ඒ නිසාම තමයි මම ලංකාවෙන් ආවේ.

බාරගත්ත නිර්මාණවලට අසාධාරණයක් වෙයි නේද?

මම එහෙම නිර්මාණවලට අසාධාරණයක් කළේ නැහැ. මම සම්බන්ධ වුණු හැම නිර්මාණයකටම මම, මට කළ හැකි උපමරි සාධාරණය ඉටුකළා. අවසානයට කළේ ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නාට්‍යය. ඒ වෙනුවෙන් මම අවුරුද්දක් ලංකාවේ හිටියා. ඒ සියලු වැඩ අවසන් කරලා තමයි මම ලංකාවෙන් ආවේ.

ඔබ ලබපු අත්දැකීම් සමග කලාව වෙනුවෙන් යමක් කරන්න බලාපොරොත්තුවක් එහෙම ඇති නේද?

අනිවාර්යයෙන් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඒ ගැන දැන්ම මම කතා කරන්න කැමැති නැහැ. මට තියෙන්නේ රංගනය පැත්තෙන් හොඳ නිර්මාණ සඳහා විවිධ චරිත කරන්න. ඒ අතර බලාපොරොත්තුව ගැනත් සැලසුමක් කරගෙන යනවා.

ඔබේ ආදරණීය සැමියාගෙන් ලැබුණු සහාය කොයි වගේද?

ඔහු මට ලබාදුන්න මානසික නිදහස මට හොඳටම ඇති. ඔහුගෙන් කිසිම බාධාවක් නැහැ මගේ කලා කටයුතුවලට.

පුංචි තිරයේ අහිංසකාවියට සිනමාවෙන් ලැබුණු ඉඩකඩ අඩුයි කියලා හිතෙනවද?

ඒ ගැන මටත් හිතුණා. එක්කෝ මගේ අඩුවක් ද කියලා වෙලාවකට මට හිතුණා. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 16ක් විතර වෙනවා. ඒ කාලසීමාව තුළ ඉතා අඩුවෙන් තමයි මම සිනමාවට සම්බන්ධ වුණේ.

දිලිනි වැඩිපුරම සම්බන්ධ වුණේ ගැමිකමට හුරු චරිතවලට නේද?

ඔව්. මම ගොඩක් ආශාවෙන් තමයි අපේ සංස්කෘතියට ගැළපෙන හොඳ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණේ. මගෙ පෙනුමත් එක්ක මට වැඩිපුරම ආරාධනා ලැබුණේ එවැනි නිර්මාණවලට. පසුකාලීනව විවිධ වර්ගයේ නිර්මාණ හැදුණා. නැවත ප්‍රේක්ෂක ජනතාව අපේ සංස්කෘතියට ගැළපෙන නිර්මාණ රසවිඳීමට හුරුවෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මම ආශාවෙන් කරපු තවත් හොඳ නිර්මාණ කීපයක් ඉදිරියේදී විකාශය වෙයි කියලා.


වසන්ත විතාරණගේ



Previous Post Next Post