වැඩිම කාලය දෙන්නේ සාරණ්‍යාට - සාරංග

 


අද තරුණී කවරය හැඩවන්නේ ජනප්‍රිය රංගන ශිල්පියකු වූ සාරංග දිසාසේකර සහ රංගන ශිල්පිනී පියුමාලි එදිරිසිංහගේ සොඳුරු රුවෙනි. මේ දිනවල ඉමහත් ප්‍රේක්ෂකාදරය හිමිකරගත් “ආලවන්ති” ටෙලිනාට්‍යයේ පෙම්වතුන් ලෙසින් අපූර්ව රංගනයක නියැළෙන ඔවුන් සමඟ පුංචි කතාබහක යෙදෙන්නටයි මේ සූදානම.


 


ඉතින් සාරංග මොනවද අලුත් තොරතුරු?


 


“සුපුරුදු පරිදි කලා කටයුතු එක්ක තමයි කාලය ගත වෙන්නෙ. සතියේ දින පහේම විකාශය වන “ආලවන්ති” ටෙලි නාට්‍යයේ වගේම RAT ටෙලිනාට්‍යයේ කටයුතු කෙරෙනවා. ඊට අමතරව විවිධ කලා කටයුතු සමඟ තමයි ඉතින් අපේ දවස ගත වෙන්නෙ.”



කොහොමද ආලවන්ති?


 


“ඇත්තටම ඉහළ ප්‍රතිචාර හිමිවෙනවා. මාව බොහොමයක් ටෙලි නිර්මාණ සඳහා දායක කරගත් ශිවගුරුනාදන් මහතාගේ ආරාධනයෙන් තමයි මම ආලවන්ති සමඟ සම්බන්ධ වුණේ. පියුමාලි දිසානායකත් සමඟ රංගනයේ යෙදෙන පළමු අවස්ථාව මෙය. නමුත් නවක රංගන ශිල්පිනියක් බව නොදැනෙන ආකාරයට ඇය හොඳ සහයෝගයක් ලබා දෙනවා.”


 


ඔබ රංගන ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක් විදිහටත් කටයුතු කරනවා.?


 


“ඔව්. මම පසුගිය කාලයේ එක දිගටම රියැලිටි වැඩසටහනක නිවේදකයකු ලෙසින් කටයුතු කළා. එහි එක් අදියරක් නිමා වූ නිසා ටික කාලයක විවේකයක් ලැබුණා. ඒ නිසා මේ දිනවල නිවේදන කටයුත්තක නම් යෙදෙන්නේ නැහැ.”


 


අපි ඔයාගේ පුංචි පවුල ගැනත් කතා කරමු.


 


“මම , දිනක්ෂි, චුටි දූ අපි ඉතින් සතුටින් කාලය ගත කරනවා. දැන් දිනක්ෂි නැවතත් එයාගේ කලා කටයුතු අාරම්භ කළා. ඒ නිසා කාලය කළමනාකරණය කරගෙන හැමදේම කරනවා. චුටි දූ සාරණ්‍යාත් දැන් පෙර පාසල් යනවා. ඉතින් එයාගේ හුරතල් බලබල ඉද්දි දවස ගෙවෙනවා දැනෙන්නෙවත් නෑ.”


 


ඔබේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ මතක් කළොත්...


 


“මේ දවස්වල කරන ටෙලි නාට්‍ය දෙකට අමතරව ඇත්තටම අලුත් වැඩ බාර අරන් නැහැ. නිෂ්පාදන කටයුත්තක් පිළිබඳත් සැලසුම් ටිකක් තියෙනවා. ඒ නිසා ටිකක් කාලය අරගෙන හොඳ නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.”




Previous Post Next Post