ගයාන් සහ පූජනීගේ ආදර කතාවට දැන් ටික කාලයක් වෙනවා. මේ දෙපළගේ ආදර කතාව ගැන අපි ආපහු කතාබහ කරන්න හිතුවේ පසුගිය දවසක පැවැති ඒ දෙන්නගේ විවාහ උත්සවය හින්දයි. ඉතින් ගයාන් – පූජනීගේ විවාහයේ විස්තර දැනගන්න අපි පූජනී භාග්‍යාට කතා කළා.
වැඩි සද්දබද්දයක් නැතිවම වෙඩින් එක ගත්තා නේද?
මේ.. මේ.. විදිහට කරමු කියලා ලස්සන සැලසුමක් තිබුණා. ඒ අතරින් පළමු වැනි දවස දෙපාර්ශ්වයේ ඥාතීන් එකතු කරගෙන පෝරුවේ චාරිත්‍ර සමග විවාහ ගිවිස ගැනීම සිදුකළා. ඊට පසුව ෆ්‍රී ෂූට් එකට ලස්සන සින්දුවක් නිර්මාණය වුණා. ඉන්දියානු විදිහටත් ෂූට් එකක් කළා. අන්තිමට අපිට උදවු කරපු අය වෙනුවෙන්ම හෝම්කමින් පාර්ටි එකක් සූදානම් කළා.
ගයාන්, පූජනී වෙනුවෙන් කරපු ගීතය ටේරන්ඩින් වුණා නේද?
ඔව්. තවමත් ටෙන්ඩි්‍රන් ටොප් 5 අතර තියෙනවා. ඇත්තටම සතුටුයි. මොකද මම වෙනුවෙන්ම ගීතයකුත් නිර්මාණය වුණානේ.
පූජනීව මනමාලි කරගන්න ගයාන් කොච්චර කාලයක් බලාගෙන හිටියද?
අපි දෙන්නගෙ සම්බන්ධතාවය ආරම්භ කරලා මේ අවුරුද්දට අවුරුදු හයක් වෙනවා. ඉතින් මම හිතන්නේ අවුරුදු හය සම්පූර්ණ වෙන්න කලින් තමයි අපි දෙන්නා විවාහ වුණේ.
අපි දෙන්නා ජීවිතය පටන්ගත්තෙ බිංදුවේ ඉඳලා - පූජනී භාග්‍යා
ගයාන්ගේ ඔබ දැකපු විශේෂත්වය මොකක්ද?
මම ක්ෂේත්‍රයට එනකොට තිබුණ එකම බලාපොරොත්තුව තමයි චරිතයට හානිවෙන කිසිදෙයක් කරගන්නේ නැහැ කියන කාරණාව. ඒ වගේම කෙටි මාර්ගවලින් ගමනක් යන්නේ නැහැ කියන එකත්. ගයාන් කියන්නේ මාව හරියට අඳුරගත්ත කෙනෙක්. මට මේ ක්ෂේත්‍රයේ හොඳ විදිහට නම රැකගෙන ගමනක් යන්න උදවු කරපු ප්‍රධාන කෙනා කිව්වොත් හරියටම හරි.
ගයාන් ජීවිතයට ලොකු ආලෝකයක් වෙයි කියලා හිතුවද?
ඔව්. ඇත්තටම. ගොඩක් වෙලාවට එයා හරි විනෝදයෙන් ඉන්න චරිතයක්. මමත් එහෙමයි. නොගැළපෙන තැන් තියෙනවා. මේ ලෝකේ සියයට සියයක් ගැළපෙන මිනිස්සු නැහැනේ.
නොගැළපෙන තැන් ගළපාගෙන අපි දෙන්නට මේ ගමන යන්න හරි ලේසියි. ඉතින් ඒ වැඩත් එක්ක එයාගේ මම ලොකු විශේෂත්වයක් දැක්කා.
අපි දෙන්නා ජීවිතය පටන්ගත්තෙ බිංදුවේ ඉඳලා - පූජනී භාග්‍යා
ගයාන් ගැන පුංචි හරි බයක් හිතුණ අවස්ථා නැතිද?
එහෙම බය හිතුණ තැන් තියෙනවා. මම හිතනවා ඒක එයාටත් පොදුයි මටයි පොදුයි. දැන් මේ මොහොතේ කතා කළත් අපි දන්නේ නැහැනේ අපේ ජීවිතවල ඉදිරි ස්වභාවය මොනවගේ ද කියලා. තව අවුරුදු ගණනාවක් ජීවත්වෙන්න තියෙනවා අපි හිතන්නේ නැති ප්‍රශ්න ඇදිලා එන්න පුළුවන්. ඒ වගේ දේවල්වලට දැන් මේ අවුරුදු හය පුරාවට අපි මුහුණදීපු විදිහක් තිබුණා. වැඩ කරන්න සැලසුමක් තිබුණා. කොච්චර වුණත් අපි දෙන්නා අපි දෙන්නාගේ ඉදිරි ජීවිතවල සැලසුම හදලයි තියෙන්නේ. ඒ දේවල් එක්ක හරි ලේසියි මේ ගමන යන්න.
ගයාන් – පූජනීගේ වෙඩින් එකට ගයාන්ගේ තාත්තා නුවන් ගුණවර්ධන හිටියා නම්?
ඇත්තටම අපේ වෙඩින් එකේ වැඩකටයුතු සියල්ලම පාහේ හොඳින්ම සිද්ධ වුණා. එකම දුකයි තියෙන්නේ ගයාන්ගේ තාත්තා හිටියා නම් කියලා. මොකද ගයාන්ගේ හොඳම යාළුවා එයාගේ තාත්තා. ගයාන්ගේ මුළු ලෝකයම තාත්තා. එයාට ගොඩක්ම දරාගන්න බැරිවුණේ පෝරුවේ චාරිත්‍රවලදී එයාට එයාගේ තාත්තාව මතක් කිරීම. තාත්තත් මේ දේවල් දකින්න හිටියා නම් තව තවත් සුන්දරත්වය වැඩිවෙයි. ආශිර්වාදය ගොඩක් වටිනවා කියලා මට නිතර මතක් වෙනවා. හැබැයි තාත්තා කොහේහරි ඉඳලා අපිට ආශිර්වාද කරනවා ඇති.
ආදර කතාවට අවුරුදු හයක්. ආපස්සට හැරිලා බැලුවොත්?
ආපස්සට හැරුණහම ජීවිතයේ වැටිච්ච තැන් ගොඩයි. හිත් රිදුණු තැන් ගොඩයි. අපි දන්න වගේම නොදන්න මිනිස්සුන්ගෙ හිත් කැඩිච්ච තැන් බිඳිච්ච තැන් වගේ මේ හැමදෙයක්ම පාස්කරගෙන අපි දෙන්නා දැන් ගමනක් ඇවිත් ඉන්නවා. මේක ඉවරයි නෙමෙයි, මේ තමයි අපේ පටන් ගැන්ම. අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා. දැන් අපිට පිටිපස්ස හැරිලා බලලා ඒ දේවල් ගැන සතුටු වෙන්න විතරමයි තියෙන්නේ. මොකද අපි දෙන්නා දැන් ගොඩක් දුර ඇවිල්ලා හින්දා ඒ දේවල් ගැන හිතන්න කාලය වැය කරන එක අපරාධයක් කියලයි මට හිතෙන්නේ. කිසිම වෙලාවක බයක් නෑ. මොකද ජීවිතයේ බින්දුවේ ඉඳලා අපි දෙන්නා පටන් ගත්තු දෙන්නෙක්. තවමත් එහෙමයි. තවමත් අපි දෙන්නා මේ ගමන යන ගමන් ඉන්නේ. ගොඩාක් සතුටුයි.
දැන් ඉස්සරහට වගකීම් වැඩිවුණා කියලා හිතනවාද?
වගකීම් නම් වැඩිවුණා. ජීවිතයේ තව ගොඩක් දේවල් ඉදිරියට කරගෙන යන්න තියෙනවා. දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ්, බෝයි ෆ්‍රෙන්ඩ් වගේ නෙමෙයි මට මොනවාහරි වුණොත් ඒ වගකීම එයා ගන්න ඕනෑ. ගයාන්ට මොනවා හරි වුණොත් ඒ වගකීම මම ගන්න ඕනෑ. තව ඉස්සරහට වගකීම් වැඩි වෙනවා මිසක කිසිම දේකින් අඩුවක් වෙන්නේ නැහැ. කොහොම හරි අපි දෙන්නම එකතු වෙලා ඒ වගකීම්වලට මුහුණ දීලා ජීවිතයට මුහුණදෙන්න තමයි සැලසුම.
කොහොමද රඟපෑම් වැඩකටයුතු?
පසුගිය දවස්වල මම මොකුත්ම වැඩ කළේ නැහැ. මම අන්තිමට කළේ ආයාචනා ටෙලි නාට්‍යය. ඒත් එක්කම මම මගේ විවාහයේ වැඩකටයුතු කරගන්න නතර වුණා. ඔය අතරේ මට තිළිණ බොරලැස්ස අයියාගෙන් ආරාධනාවක් ලැබුණා ‘මං හොයන්නේ ප්‍රේමයක්’ කියන චිත්‍රපටයට රංගනයෙන් දායකත්වයක් ලබාදෙන්න. චිත්‍රපටයකට රංගනයෙන් දායකත්වය ලබාදෙන්න ගොඩක් ආශාවෙන් හිටියේ. ඒ නිසාම මම තිළිණ අයියාගේ ආරාධනාව පිළිඅරගෙන වෙඩින් එක අතරේම රූගත කිරීම් සිදුකළා. ඒ චිත්‍රපටය තමයි ළඟදීම තිරගත වෙන්න තියෙන්නේ. ඔය අතරේ මමයි ගයානුයි වගේම මම ඉන්න නිර්මාණ මේ දවස්වල භාර අරගෙන ෂූටින් පටන් ගන්න තමයි යන්නේ.
දිනේෂ් විතාන