කෝලං කුට්ටම හරහා රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන අංජලී ජයසිංහ, හිරු අවුරුදු කුමරිය ලෙසින් කිරුළු දරනව. එතැනින් පස්සෙ සීයූ, සිකුරු ඇවිත් සහ ජුරාලියා යන ටෙලි නාට්‍ය තුළින් රසිකයන් අතරට එන අංජලී, ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ දෙකකින් දැකගන්න ලැබෙනව කියලයි අපිට දැනගන්න ලැබුණෙ.
අංජලී, අපි මුලින්ම ‘ජුරාලියා’ ගැන කතාකරමු?
ජුරාලියා ටෙලි නාට්‍යයට මට ආරාධනා කරන්නෙ චේතනී විජෙතුංග මිස් සහ සුපුන් රත්නායක අයිය. පිටපත බලල, අපි කතාබහ කරල ආරාධනය භාරගත්තා.
රසිකයො මොකද චරිතය ගැන කියන්නෙ?
ජුරාලියා කියන්නෙ සාමාන්‍ය කෙල්ලකුගෙ චරිතයක්. නමුත් ප්‍රේක්‍ෂකයන් ආදරෙන් වැලඳගෙන තියෙනව. මේ නිසා ඉතාමත් හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නෙ.
ජුරාලියා සහ අංජලී අතර සමානකම් තියෙනවද?
චරිත ලක්‍ෂණ අතින් ගත්තොත් ජුරාලියා කියන්නෙ සාමාන්‍ය කෙල්ලෙක්. සමහර වෙලාවට තරහ යනව, ගෙදර ඉන්නකොට නංගිලත් එක්ක රණ්ඩු අල්ලනව, ආදරය කරද්දි සෞම්‍ය ගති තියෙනව. මේ දේවල් එක්ක ගත්තාම ඇයගේ සමහර ගති ලක්‍ෂණ මට සමානයි.
අංජලී ජයසිංහ කියන්නෙ මොන වගේ චරිතයක්ද?
අංජලී ජයසිංහ කියන්නෙ වැඩි සද්දබද්දයක් නැති, පැත්තකට වෙලා පාඩුවේ පොතක් පතක් බලාගෙන ඉන්න තියෙනවනම් කියල හිතන, තමන්ගෙ නිදහස අගයකරන චරිතයක්.
වෙනත් නිර්මාණ මොනවද?
මම රංගනයෙන් දායක වුණ සී යූ ටෙලි නාට්‍යය ළඟදි අවසන් වුණා. දැනට දෙරණ නාළිකාවේ විකාශය වන සිකුරු ඇවිත් සහ ජුරාලියා කියන නිර්මාණ දෙකට මම රංගනයෙන් දායක වෙනව. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙකක් විකාශය වීමට නියමිතව තියෙනව.
අංජලී ඇයි රංගනය තෝරා ගන්නෙ?
පොඩිකාලෙ ඉඳන්ම මම රඟපාන්න ආසයි. නමුත් මම ඒක තෝරාගත්තෙ නැහැ. අහම්බයකින් මට ඒ අවස්ථාව ලැබෙනව. මම 2023 වර්ෂයේ හිරු අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණය කරනව. එතැනින් පස්සෙ තමයි මම රංගනයට යොමු වෙන්නෙ. මගේ මුල්ම නාට්‍යය වෙන්නෙ කෝලං කුට්ටම. මේ සඳහා මම සම්බන්ධ වෙන්නෙ අවුරුදු කුමරිය වෙන්න කලින්.
මේ වන විට ඔබේ වෘත්තිය?
දැනට මම ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් ඩිග්‍රි එක අවසන් කරල තියෙනව. මගේ වෘත්තිය වෙන්නෙ ඒක. එහි මාස්ටර්ස් උපාධිය හදාරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නව. නමුත් රංගන කටයුතු නිසා කාර්යබහුල තත්ත්වයක් ඇතිවෙලා තියෙනව. දැන් මට හිතිල තියෙන්නෙ දවසට පැය විසිහතරකට වඩා තිබුණ නම් හොඳයි කියල.
ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?
මම කොළඹ කෙනෙක් නෙමෙයි. මගේ ගම නුවර. ගොඩක් වෙලාවට ෂුටිං තියෙන්නෙ කොළඹ නිසා අම්මා මගේ පිටිපස්සෙන් එනව. ඒ වෙලාවට නංගියි තාත්තයි ගෙදර ඉන්නෙ. එයාල ඒක දරාගෙන මට ලොකු සහයෝගයක් ලබාදෙනව.
සිනමාවටත් ආරාධනා ලැබිල තියෙනව?
ඔව්, අපි ඒවා ඉදිරියෙදි බලමු.
නුවර ඉඳන් කොළඹ එන්නෙ නිළියක් වීමේ අරමුණින්ද?
නැහැ, මට වැඩ තියෙන්නෙ කොළඹ නිසයි කොළඹ පදිංචියට එන්නෙ.
ලැබෙන ජනප්‍රියත්වය ගැන අදහස මොන වගේද?
ජනප්‍රිය වෙනවනම් ඇත්තටම සතුටුයි. නමුත් මට ජනප්‍රිය වෙන්න ලොකු වුවමනාවක් තිබුණෙ නැහැ. එහෙම වෙනකොට ප්‍රශ්න වැඩිවෙනව කියලයි මම හිතුවෙ.
ජුරාලියා අධ්‍යක්‍ෂවරයා ගැන කතා කළොත්?
සුපුන් රත්නායක අයිය එක්ක මීට කලින් වැඩකරල නැති නිසා මට බයක් දැනුණා. නමුත් චරිතය ගැන පැහැදිලි කරල මුල ඉඳන්ම මට හොඳ සහයෝගයක් ලබා දුන්නා.
ක්‍ෂේත්‍රය ගැන අදහස මොන වගේද?
රංගන ක්‍ෂේත්‍රය ගැන කතා කළොත් ඉතාමත් දක්‍ෂ නවකයන් පිරිසක් ඉන්නව. මං හිතනව ඉදිරියෙදි අපේ ක්‍ෂේත්‍රය තුළ ලොකු පෙරළියක් වෙයි කියල.
දිගටම රඟපාන්නද අදහස?
ඒ ගැන මට තවම අදහසක් නැහැ. සියයට පනහ පනහ වගේ තැනක ඉන්නෙ.
අංජලීගෙ තොරතුරු ටිකක් කියමු?
මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, නංගියි, මමයි. නංගිත් දැන් අධ්‍යාපන කටයුතු අවසන් කරල පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හදාරනව. මම පාසල් ගියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට.
වේදිකාවට කැමැත්තක් නැද්ද?
වේදිකාවට මම ආසයි. තවමනම් එහෙම ආරාධනයක් ලැබිල නැහැ.
ප්‍රවීණයන්ගෙන ලැබුණ සහයෝගය මොන වගේද?
අධ්‍යක්‍ෂවරු කිහිපදෙනකු යටතේම මම වැඩකරල තියෙනව. ඒ බොහෝ අවස්ථාවලදි මට වැඩකරන්න ලැබුණෙ ප්‍රවීණයන් එක්ක. මුල් කාලෙ බයක් දැනුණා මට අත්දැකීම් නැති නිසා. නමුත් ඔවුන් ආධුනික බවක් නොදැනෙන විදිහට මගේ චරිතය ගොඩනඟාගන්න උදව් කළා.
අංජලී කැමති හොඳම රංගන ශිල්පිනිය වෙන්නද? ජනප්‍රියම රංගන ශිල්පිනිය වෙන්නද?
මේ චරිත දෙක අතරින් ගත්තොත් මම වඩාත් කැමති හොඳම රංගන ශිල්පිනිය වෙන්න.
මේතාක් ලැබුණ චරිත ගැන සෑහීමකට පත්වෙනවද?
ඔව්, ඇත්තටම මට සතුටුයි. මෙතෙක් මට ලැබුණෙ එකකට එකක් වෙනස් චරිත. ඒක මට ගොඩක් වටිනව.
අංජලී පෙම්වතියක්ද?
ඇත්තටම නැහැ.
ක්‍ෂේත්‍රයේ බොහෝ අයට වගේ ආදර යෝජනා එනව ඇති?
අනේ නැහැ. මට තවමනම් එහෙම යෝජනා ආවෙ නැහැ.
නිරූපණය ගැන කතා කළොත්?
මම නිරූපණ ක්‍ෂේත්‍රයෙත් වැඩකරනව. විශේෂයෙන්ම මම කැමතියි උඩරට මනාලියක් විදිහට හැඩ වෙන්න.
අවුරුදු කුමරිය ඔබේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළා?
ඇත්තටම ඔව්. ඒක මම බලාපොරොත්තු නොවුණ ආකාරයේ ජයග්‍රහණයක්. ඒකත් එක්ක මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති වුණා.
ඔබ ඉටුකරන්නෙ අම්මගෙ ආසාව?
ඔව්, අම්ම තමයි මේ තරගයට ඇප්ලිකේෂන් දාන්නෙ. ඇයට ආසාවක් තිබුණ මම මේ තරගයට ඉදිරිපත් වෙනව දකින්න. නමුත් එතැනදි ටැලන්ට් ඉදිරිපත් කරන්න ඕන වෙන නිසා මම ලජ්ජාවෙන් හිටියෙ.
රංගනයෙදි සීමා මායිම් තියෙනවද?
මගේ අනාගතයට කිසිම ප්‍රශ්නයක් නොවෙන, සුදුසු ඕනෑම චරිතයක් මම භාරගන්නව.
මහේෂ් එදිරිසිංහ