ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කරනු ලබන ‘හිරිපොද වැස්ස’ මේ දිනවල හරි ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. යූ ටියුබ් අවකාශයේ දවසින් දවස ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ යන ‘හිරිපොද වැස්ස’ ආත්මී ගැන දැන් හැමෝම වගේ හොයන්න පටන් අරගෙන. ආත්මී ගැන ඔයාලා නොදන්න දේවල් දැනගන්න ආත්මීව ජීවන දෙන මියෝනා ද සිල්වාට අපි මේ ඉඩකඩ වෙන්කරන්න හිතුවා.
මියෝනා ද සිල්වා අපට මුණගැසෙන්නේ හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයෙන්. කොහොමද ලැබෙන ප්‍රතිචාර ?
ඇත්තටම මේක මගේ පළමුවන නිර්මාණය නෙමෙයි. මම පළමුවෙන්ම එන්නේ වසන්ත කුමාරවිලගේ නිර්මාණයකින්. නමුත් මුලින්ම විකාශනය වෙන්නේ හිරිපොද වැස්ස ටෙලිනාට්‍යය. ඉතින් මේ වෙනකොට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
රංගනය හදාරලා තියෙනවාද?
පාසලේ මම මුලින්ම මාධනී මල්වත්ත මිස්ගේ රංගන පාසලේ පාඨමාලාව හදාරලා තියෙනවා. මේ නාට්‍යයට අපේ නිෂ්පාදන කණ්ඩායම වගේම ප්‍රභාත් අයියා, ඉන්දික අයියා මට උදව් කරනවා. හිතුවෙත් නැති ටික කාලයක් ඇතුළත ලොකු ෆෑන්බේස් එකක් හැදුණා.
මියෝනාට ආත්මීව හමුවෙන්නේ කොහොමද?
පසුගිය වසරේ මම චන්දිමාල් ජයසිංහගේ සීජේ අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරගයේදී අවුරුදු කුමරිය වුණා. ඊට පසුව මට ගොඩක් ටෙලිනාට්‍යවලින් ආරාධනා ලැබුණා. නමුත් මම ගොඩක් ආරාධනා ප්‍රතික්ෂේප කළා. මට මගේ චරිතයේ පොඩි වෙනසක් ඕනෑ වුණා.
ආදර කතාවක් කළත් පොඩි වෙනසක් ඕනෑ වුණා. මට හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයට මුලින්ම ඔඩිශන් එකට කතා කරනවා එහි නිෂ්පාදන කළමනාකාර අකලංක අයියා. තිමිර අයියා තමයි මගෙත් එක්ක මුලින්ම දෙබස් බැලුවේ. පිටපතේ තිබුණෙත් අක්ක මල්ලිගේ ලව් ස්ටෝරි එකක් ඒකත් වෙනස් දෙයක්. මට ඒ වගේ සම්බන්ධතා තිබිලත් නෑ. මට හිතුණා මේක භාරගන්න ඕනෑ කියලා.
මේ තෝරාගැනීම ගැන අද වෙනකොට මොකද හිතෙන්නේ ?
ඇත්තටම කියන්න වචන නැහැ. සියයට සියයක් නිවැරදි තෝරාගැනීමක් කියලයි මට හිතෙන්නේ. නිෂ්පාදක කණ්ඩායම කියන්නෙත් ආත්මීව මාස තුනක් තිස්සේ හෙව්වා කියලයි. පළමු වන ඔඩිශන් එකෙන්ම අපි ඔයාට කැමැතිවුණා කියලත් කිව්වා. ඒකෙන් අපි දෙගොල්ලෝම ලැබුවේ ජයග්‍රහණයක් කියලත් කිව්වා. මොකද නාට්‍ය මේ වෙනකොට ටේරන්ඩින් වෙනවා.
මියෝනා මේ දවස්වල ලවන්ගේ පෙම්වතිය ?
ලවන් අයියා මගේ සහෝදරයෙක් වගෙයි. හරිම සුහදශීලියි. අපි දෙන්නට ගොඩක් අය කැමැතියි. ලවන් අයියා මට වඩා ගොඩක් වැඩිමල්. මම හිතන්නේ කතාව ඇතුළේ අපි දෙන්නා අක්කා මල්ලි කියන එක දැනෙන්නම ප්‍රේක්ෂකයක්ට ලබාදෙනවා කියලයි.
මේ අභියෝගය භාර ගන්න මුලින්ම බය හිතුණා ද?
එහෙම බයක් නෙමෙයි තිබුණේ. ලැජ්ජාවක් තිබුණේ. මට හරි ලැජ්ජයි චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක ආදර සම්බන්ධතා වගේ ජවනිකාවල රඟපාන්න. ඇත්තටම මට ලවන් අයියා හම්බවුණ එකෙන් ඒක හරි පහසුවක් වුණා. මට හිතෙනවා ලවන් අයියා හම්බවුණ නිසාද මන්දා මම මේ චරිතය මෙච්චර ලස්සනට කරන්නේ. මොකද කිසිම අපහසුතාවයක් නැහැ.
මියෝනාගේ ජීවිතයට ආත්මී ලොකු වෙනසක් ඇතිකළා ද?
අනිවාර්යයෙන්ම. මම ඒ නමටත් හරි ආසයි. මොකද මම රඟපාන මගේ පළමු චිත්‍රපටයෙන් මගේ නම පටන් ගන්නේ ‘අ’ යන්නෙන්. පළමු ටෙලිනාට්‍යයෙත් නම පටන්ගන්නේ ‘අ’ යන්නෙන්. මිනිස්සු වයස් භේදයක් නැතිව ආත්මී කියලා තමයි මට කතාබහ කරන්නේ.
ළඟදී චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා නේද?
ඔව්. වසන්ත කුමාරවිල සර් තමයි මට සටන් පුහුණු කරලා සිනමා නිර්මාණයකට සම්බන්ධකරගත්තේ. පස්සේ මම අවුරුද්දක වගේ කාලයක් විදෙස් ගතවෙලා හිටියා. ඊට පසුව මම ලංකාවට ආවට පස්සෙ ආපහු මාව සම්බන්ධ කරගෙන චිත්‍රපටයේ වැඩ පටන්ගත්තා. මම රඟපෑවේ ඉන්ස්පැක්ටර් කෙනකුගේ චරිතයක්.
ඇයි මේ හදිසියේම ලංකාව දාලා ගියේ ?
මම පුංචි කාලේ ඉඳලම ජීවත්වුනේ මාලදිවයිනේ. මගේ අම්මා, තාත්තා අයියා නංගී ජීවත් වෙන්නෙත් මාලදිවයිනේ. මම ඉතින් නිතරම මාලදිවයිනට ට්‍රැවල් කරන කෙනෙක්. ගොඩක් කාලෙකින් යන්න බැරිවුණ හින්දා වගේම තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලටත් උදව් කරලා විවිධ පැතිවලට යන්න තමයි හිටියේ.
ආත්මී හින්දා මියෝනාට අලුත් ආරාධනා ලැබුණා ද?
ඔව්. ඔව්. අනිවාර්යයෙන්ම. ටික්ටොක් එකේ මගේ වීඩියෝ ගොඩක් ෂෙයාර් වෙනවා. ටික්ටොක් එකයි ආත්මීවයි වගේම හිරිපොද වැස්ස පීක් එක හින්දා මට ගොඩක් චිත්‍රපටවලට ආරාධනා ලැබෙනවා. ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරන්න බලාපොරාත්තුවෙන් ඉන්නවා.
අදවෙනකොට මියෝනා ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ ?
ඇත්තටම ගොඩක් සතුටුයි. මාව දාලා ගිය අය, මට කතාන්දර හදපු අය, පාසල් කාලයේ මාව පැත්තට දාපු අය අද මා ළඟට ඇවිත් හලෝ කියාගෙන කතා කරන්න එනවා. මම හිතනවා මම යම් අඩියක් ඉදිරියට තිබ්බා කියලා.
මියෝනා කිසිම දෙයකට සැලෙන්නේ නැතිද?
නැහැ. කිසිම දෙයකින් සැලෙන්නේ නැහැ. මාව එහෙම හලන්නත් බැහැ. අනික මම ලේසියෙන් සැලෙන්නේ නැහැ. හැමදෙයකටම මම හිනාවෙලා උත්තර දීලා හිත හයිය කරගෙන තවත් ඉදිරියට යන්න තමයි නිතරම බලන්නේ.
දිනේෂ් විතාන