
නැඟීඑන නිළියට හිමි සම්මානය ඔබටයි කියලා කියනකොට මොකද හිතුණේ?
ඇත්තටම සුසුම් රස්තියාදුව මගේ පළමු ටෙලි නාට්‍යය. නිර්දේශ වීමත් මට සර්ප්‍රයිස් එකක්. මොකද මේක මම හිතපු නැති දෙයක්. සම්මානය ලැබෙයි කියන අදහසින් නෙමෙයි ගියේ. මම හිතුවේම එතැනට නිර්දේශ වුණු අනෙක් අයගෙන් කාට හරි හම්බවෙයි කියලයි. මගේ නම කියද්දී මගේ මුලු ඇඟම හිරි වැටුණා.
ඔබේ නම නිර්දේශවෙලා තියෙන බව දැනගත්තාම මොනවගේ හැඟීමක් ද දැණුනෙ?
නිර්දේශිත නාම උළෙලට කලින් අපිට දුරකථනයෙන් කතා කරනවානේ. “ඔයා නොමිනේට්, ඒක නිසා නිර්දේශිත නාම උළෙලට එන්න කියලා” මම ඔවුන්ටත් කිව්වා එහෙම වෙන්න පුළුවන්ද කියලත්. ඒ ගැන මාර සතුටක් තියෙන්නේ.
සම්මාන රාත්‍රියේදී ප්‍රවීණයන් ඔබට මොනවද කිව්වේ?
මම හිතුවෙත් නැහැ ජීවන්ති කියන චරිතය කට්ටියට මතක ඇති කියලවත්. මට හැමෝම වගේ කිව්වේ අපි නාට්‍යය බැලුවා. අපි හිතුවා ඔයාට අනිවාර්යයෙන්ම ඇගැයීමක් ලැබේවි කියලා. ගොඩක් අය කිව්වේ මේ ගමන නවත්වන්න එපා තව ඉස්සරහට වැඩ කරන්න කියලයි.
ජීවන්ති ඔබේ ජීවිතයට මොනවගේ වෙනසක්ද ඇති කළේ?
රඟපෑමට මම පුංචි කාලෙ ඉඳලම කැමැතියි. සාමාන්‍ය පෙළට වගේම උසස් පෙළට ටෙලි නාට්‍ය විෂයක් විදිහට හදාරලා තමයි රඟපෑමට එන්නේ. එතකොට ජීවන්ති කියන චරිතය මට ඒ වෙලාවේ ලොකු බරක් විදිහට දැනුණේ නැහැ. මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ ජීවන්ති කියන චරිතය තමයි.
ජීවන්තිගේ චරිතය ඔබට ලැබෙන්නෙ කොහොමද?
මම කොළඹට ඇවිත් සෝමලතා සුභසිංහ මිස්ගේ ප්ලේ හවුස් එකෙන් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ඊට පස්සේ ටවර් හෝල් රඟහල පදනමෙන් ඉගෙන ගත්තා. කොහොමත් මම ප්‍රියන්ත ප්‍රනාන්දු අයියව පොඩි කාලෙ ඉඳලම දන්නවා. හැබැයි ඔහු මට රඟපාන්න අවස්ථාවක් දුන්නේ නෑ. හැම තිස්සේම කිව්වේ රඟපෑම හදාරලා තමයි රඟපෑමට එන්න ඕනෑ කියලා. වේදිකාවෙත් වැඩ කළාට පසුව තමයි මට මේ චරිතය ලබාදුන්නේ.
ජීවන්ති වෙනුවෙන් මොනවගේ කැපකිරීමක් ද කළේ?
ජීවන්තිගේ චරිතය මගේ ජීවිතයට හරිම ළඟයි. මොකද කෑගල්ල, බුලත්කොහුපිටිය කියන ගමේ ජීවත්වුණු මමත් ඔය විදිහටම රඟපාන්න ආසාවෙන් හිටපු චරිතයක්. ගමේ ජීවිතය මට හොඳට හුරුයි. චරිතය වෙනුවෙන් මට වෙනමම වෙනස් වෙන්න අවශ්‍ය වුණේ නෑ. ඇත්තටම ප්‍රියන්ත අයියාගේ උපදෙස් මත දිනිති අක්කා, හංසමාලා අක්කා, අනුරාධ අක්කා වගේ අයගේ උපදෙස් මත තමයි ජීවන්තිගේ චරිතයට ඉස්සරහට එන්න ලැබුණේ.
වත්සලා කෑගල්ලේ ඉඳලා කොළඹ එන්නේ නිළියක් වෙන්න බලාගෙනම ද?
ඔව්… ඔව්… සාමාන්‍ය පෙළට සංගීතය හදාරලා අතරමඟදී ඒ අදහස වෙනස් වෙලා රඟපෑම හදාරනවා. ඔය අතරේ මම පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. මගේ අරමුණ තිබ්බේම රංගන ශිල්පිනියක් වෙන්න තමයි.
නැඟීඑන නිළියට හිමි සම්මානය හිමිවීමත් සමගම අලුත් ආරාධනා ලැබුණද?
අගැයීමත් එක්ක මට ආරාධනා රැසක් ලැබුණා. ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාගෙ අලුත්ම නාට්‍යයටත් ආරාධනාවක් ලැබුණා. ඊට අමතරව ඉන්දික ධර්මතිලක මහත්මයාගේ අලුත්ම නිර්මාණයකටත් ආරාධනාවක් ලැබුණා.
වත්සලාගේ වෘත්තිය මොකක්ද?
මට මගේම කියල ශාරද ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් කියල ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. එහි දඹදිව වන්දනා චාරිකා ඇතුළුව ලංකාවෙන් පිටත තායිලන්තය, සිංගප්පූරුව වගේ සංචාර සංවිධානය කරලා සිදුකරගෙන යනවා. මගේ ව්‍යාපාරය ආරම්භ කරලා අවුරුද්දක විතර කාලයක් වෙනවා.
රඟපෑම් වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය?
මගේ අම්මා කොහොමත් කැමැතියි මම රඟපානවාට. අම්මත් පුංචි කාලෙ ඉඳලා රඟපාන්න කැමැත්තෙන් ඉඳලා තියෙනවා. නමුත් එයාට අවස්ථාවක් හම්බවෙලා නැහැ. මගේ පවුලේ ඉන්නේ අක්කයි, මායි, අම්මයි, තාත්තයි. ඒ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඊට අමතරව මම විවාහකයි.
සැමියාගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
සම්මානය ලැබීම ගැන සැමියා මොනවද කිව්වේ?
එයා මම නිර්දේශ වෙච්ච දවසේම කිව්වා ඔයාට ඔය සම්මානය අනිවාර්යයෙන්ම හම්බවේවි කියලා. මං ඒ වෙලාවේ කිව්වේ, “නැහැ… මම අලුත් නේ…” කියලයි. ඒත් ඔහු කිව්වේ, “නැහැ… ඔයාට හම්බවෙයි” කියලමයි. සම්මාන රාත්‍රිය දවසේ ඔහු විදෙස්ගත වෙලයි හිටියේ. නමුත් ඔහු මට ෂැංග්‍රිලා හෝටලයේ ඇතුළට යනකොට කෝල් කරලා කිව්වා “ඔයා බය නැතිව යන්න. ඔයාට තමයි ඕක හම්බ වෙන්නේ” කියලා. මම ඒත් අනේ මේ විහිළු කරන්න එපා කියලයි කිව්වේ. මට වඩා මහත්තයා විශ්වාසයෙන් හිටියා ජීවන්තිට සම්මානයක් හම්බ වේවි කියලා.
වත්සලා ජයසිංහ කියන්නේ කවුද?
ඇත්තටම මම ටිකක් හිතුවක්කාරයි. කෙළින් කතා කරන, ෂේප් එකේ ඉන්න චරිතයක්. මට හිතෙන දේ තමයි මම හැම වෙලේම කළේ. මේවා මම තනියම තෝරා ගත්තු පාරවල්.
කැපිලි කෙටිලිවලට මුහුණදීලා තියෙනවද?
කිසිම දෙයක් වෙලා නැහැ. මම බොහොම හෙමින් ගමනක් යන්නේ. හරිම අඩුවෙන් ක්ෂේත්‍රයේ අය ආශ්‍රය කරන්නේ. තැනකට ගියත් ඒ වැඩේ කරලා, හිනාවෙලා, කතාබහ කරලා, ෂේප් එකේ ඉන්න කෙනෙක්. ඒ හින්දා මට එහෙම ගැටලුවක් ඇති වෙලා නැහැ.
මහේෂ් එදිරිසිංහ
