සාරා කාපු බීපු හැටි හොයපු අයට සාරාගෙන් උත්තර




සාරා අබේවර්ධන කියන්නේ ලංකාවේ නර්තන ක්ෂේත්‍රයේ ඉහළින්ම  ඉන්න අති දක්ෂ නර්තන ශිල්පිනියක්. දක්ෂකම වගේම රූමත්කමත් අඩුවක් නැතුව පිහිටලා තිබෙන නිසාම ඇයට ලැබෙන රසික අවධානයත් අති විශාලයි. සාරා මේ දවස්වල ලංකාවේ බහුතරයකගේ කතාබහට ලක්වුණු මාතෘකාවක් වෙලා ඉන්නේ ඇයගේ ඇ¾දුම් විලාසිතාවක් නිසා. ඒ වගේම මෑතකදී ඇය ඇගේ හිසකෙස් විලාසිතාව වෙනස් කර තිබීමත් ඇයට ලැබෙන අවධානය තීව්‍ර කරන්න සමත් වෙලා තිබෙනවා.


සාරා පසුගිය දිනක රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගි වෙලා තිබුණා. ඒ අවස්ථාවට සහභාගි වීමට ඇය සැරසිලා තිබුණේ  බතික් ආශ්‍රයෙන් සිදුකළ වෙනස්ම විධියේ විලාසිතාවකින්. මෙහිදී ඇය දැලක් වැනි දෙයක් උපයෝගීි කරගෙන ඇගේ හිස සහ මුහුණ ආවරණ කරගෙන සිටි නිසාම ඇගේ මේ විලාසිතාව සමාජ මාධ්‍යවල බොහෝ සෙයින් කතා බහට ලක් වුණා.


ඒ වගේම ඇය පසුගිය දිනවල ඇගේ හිසකෙස් විලාසිතාව වෙනස්කර තිබුණේ, කොටටම කපා සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමෙන්. මෙවැනි විලාසිතා ලංකාවට තරමක් නුහුරු නිසාම ඇයට මෙතරම් අවධානය හිමිවීමට එයත් හේතුවක් වුණා.


කොහොම නමුත් සාරාගේ මේ ඇ¾දුම් විලාසිතාවට අදාළ ඡායාරූප සමාජ මාධ්‍යවල පළවීමත් එක්කම බොහෝ දෙනා මේ ගැන විවිධ මත පළ කිරීම සිදුකළා. විශේෂයෙන් ඇගේ හිස සහ මුළු මුහුණම ආවරණය කර තිබුණු දැල නිසාම, ෆේස්බුක් පිටු බොහෝමයක් ඇගේ ඡායාරූප සමඟ විවිධ හාස්‍යජනක අදහස් බෙදාගෙන තිබුණා.


ඇතැම් ෆේස්බුක් පිටුවල ඇගේ ඡායාරූප පළ කරලා තිබුණේ “පොඩි කාලේ අම්මා ගෙනාපු ඇපල් ගෙඩිය”, “ෆුඩ් සිටි එකෙන් ගත්ත ලූනු” වගේ අදහස් එක්ක.


ඒත් එක්කම ඒ පෝස්ට්වලට අදහස් ඉදිරිපත් කරලා තිබුණු බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුවෙලා තිබුණේ මේ විලාසිතාව නිසා ඇය ඒ උත්සවයේදි කොහොමද ආහාර ගත්තේ කියන දේ. ඒ අතර “ගිය එකටත් පාඩුයිනේ කන්නේ කොහොමද දැලක් දාගෙන” වගේ අදහස් වගේම “කෑවේ බීවේ කොහොමද දන්නේ නෑ” සහ  මෙහෙමයි, මම මීට වඩා ලස්සනට ඔයාව දැකලා තිබෙනවා. ඒ නිසා මට නම් මේ විලාසිතාව එච්චර සෙට් නැහැ. මම දකින ලස්සන වෙනයි. ඔයා දකින ලස්සන වෙනයි. ඒ නිසා ඔයාට හොඳයි නම් අවුලක් නැහැ. ඒත් ඔයාගේ සමීපතම අයගෙන් අහන්න බලන්න මේක හොඳයිද කියලා.” වැනි අදහසුත් පළවෙලා තිබුණා.


හැබැයි ඉතිං මේ වගේ අදහස් ඇතුළේ සාරාගේ මේ අලුත් විලාසිතාව අගය කළ විශාල පිරිසකුත් හිටියා. ඔවුන් බොහෝමයක් ඇගේ පෙනුම. ඇගේ මේකප් එක වගේ දේවල් අගය කරලා තිබුණා.


ඒ වගේම සාරාගේ කොටටම කපලා සුදු පාටින් වර්ණ ගැන්වූ හිසකෙස් විලාසිතාවටත් ලැබිලා තිබුණු ප්‍රතිචාර අතරින් බහුතරයක් ධනාත්මක ප්‍රතිචාර ඒ අතර, “මං ගොඩක් ආසයි අක්කේ ඔයාට ඇත්තටම දකින්න තිබෙනවා නම්. මාර හොඳයි කිසිම ආඩම්බරකමක් නැහැ”, “හැබැහින් දකින්න ආස රුවක්”, වගේ ප්‍රතිචාර වගේම ඇයව කුඩා කල ඉඳන් හ¾දුනන අයගේ “දහම් පාසල් යන කාලෙ ඉඳන්ම දැක්ක කොයි වෙලෙත් හිනාවෙන නිහතමානී චරිතයක්” වගේ අදහසුත් පළවෙලා  තිබුණා.


සාරා තමන්ගේ පළමු දරු ප්‍රසූතියට මුහුණ දුන්නේ මෑතකදී. ඇයගේ ගර්භණී සමය තුළදීත් ඇය බොහොම අභියෝගාත්මක නර්තන අංග ඉදිරිපත් කළේ කිසිම චකිතයකින් තොරව. ඒ නිසාම ඇගේ ගර්භණී සමය තුළදීත් සාරා පිළිබඳව සමාජ මාධ්‍ය ඇතුළේ බොහෝ සෙයින් කතාබහ වුණා.


ඒ කොහොම වුණත් දරු ප්‍රසූතියෙන් පස්සේ පොඩි කාලයක් ගත වෙද්දිම ඇයට ඇගේ ශරීර හැඩය පවා පෙර තිබුණු තත්ත්වයට පත් කරගන්නට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසාම ඇයට කිසිම චකිතයකින් තොරව ඕනෑම විලාසිතාවක් කිරීමේ හැකියාව තිබෙනවා.


කොහොම වුණත් සාරා තමන්ගේ මේ කළු සහ රත්රන් පැහැයට සමාන වුණු බතික් විලාසිතාවට එල්ලවෙලා තිබුණු විවිධ විවේචනවලට ඇගේ ක්‍රමයට උත්තර දෙන්නත් පසුබට වෙලා තිබුණේ නැහැ. “ගිය එකටත් පාඩුයිනේ කන්නේ කොහොමද දැලක් දාගෙන” කියලා වැටිලා තිබුණු කමෙන්ට් එකකට ඇය උත්තර දීලා තිබුණේ “මම බඩ පිරෙන්න කෑවා ඔයා දුක් නොවී ඉන්න කියලා”


ඒ වගේම මෙම ඡායාරූප සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වෙමින් විවිධාකාර පුද්ගලයන්ගේ විවේචනයට ලක්වෙද්දී සාරා තීරණය කරලා තිබුණා මේ සඳහා පොදුවේ උත්තරයක් ලබා දෙන්න. එහිදී ඇය ඇය ඒ පිළිබඳව ඇගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් තම අදහස පළ කරලා තිබුණා.


“When you don’t dress like everybody else, you don’t have to think like everybody else.” 


ඉහත තිබෙන්නේ ඇගේ ඒ සටහන.  එහි අදහස වෙන්නේ “ඔබ අන් අය වගේ අඳින්නේ පලඳින්නේ නැත්නම්, ඔබ අන් අය වගේ සිතන්න අවශ්‍යත් නැහැ.” කියන දේ.


ඒ වගේම ඇය එම සටහන මඟින් ඇගේ අලංකාර ඇ¾දුම නිර්මාණය කළ අනුශ්කා ජයමාන්නට වගේම ඇගේ කොණ්ඩ විලාසිතාව සහ මේකප් එක සිදුකළ අමිල ඉන්ද්‍රජිත්ට ස්තුති කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ.


ඇත්තටම සාරා කියන්නේ මොන තරම් විවේචන, අදහස් ඉදිරිපත් වුණත් තමන්ගේ අරමුණ ගැන සැලකිල්ලෙන් ඉදිරියට යන කෙනෙක්. ඒ නිසාම ඇය මෙවැනි දේවල් පිළිබඳව එතරම් තැකීමක් කරන බවක් පෙනෙන්නේ නැහැ. ඇත්තටම සාරා කියනවා වගේ මේ ලෝකේ හැමෝම එකම විධියට හිතන්න අවශ්‍ය නැහැ. ඕනෑම පුද්ගලයෙක්ට අන් අයට කරදරයක් නොවෙන ආකාරයෙන් තමන්ගේ ජීවිතය විඳීමේ අයිතිය තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post