කටට වශීවුණ අය ගොඩයි- වෙනූ විජේසුන්දර



පුංචිතිරය නරඹන ප්‍රේක්ෂකයෝ අතර මේ දවස්වල හුඟක් කතාබහට ලක්වෙලා තියන ටෙලිනාට්‍යයක් තමයි see you කියන්නෙ. ඉතින් see you ටෙලි නාට්‍යයේ ටීෂාගේ චරිතය රඟපාමින් කලා ලොව එළිය කරන නවක රංගන ශිල්පිනියක් තමයි වෙනූ විජේසුන්දර කියන්නෙ. ක්ෂේත්‍රයට ඇය අලුත් කෙනෙක් නිසා අපි වෙනූ ගැන විස්තර ටිකක් දැනගමු.




වෙනූ කියන්නෙ ඇත්තටම කවුද?




නමින් මාව හැඳින්වුවොත් නම් වෙනූ විජේසුන්දර. වෘත්තියෙන් මම නිළියක්, නිවේදිකාවක් වගේම නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා.


කොහොමද රංගන ක්ෂේත්‍රයට ආවෙ?




See you කියන්නෙ ඇත්තටම මගේ දෙවෙනි ටෙලි නාට්‍යය. මුලින්ම මම රඟපෑවෙ සුපුන් රත්නායකගේ තුන්පනේ ටෙලි නාට්‍යයේ. ඊට පස්සෙ දනුෂ්ක රත්නායකගේ තිර පරීක්ෂණයකට මම සහභාගි වුණා. මගේ රඟපෑමේ හැකියාව හොඳයි කියලා ඒ තිර පරීක්ෂණයෙන් මාව see you ටෙලි නාට්‍යයේ ටීෂාගේ චරිතයට රඟපාන්න තෝරගත්තා.




See you නිසා ගොඩක් දෙනා අතර කතාබහට ලක්වෙලා තියනවා..




See you ටෙලි නාට්‍යය බලන ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රංගනයට වගේම මගේ කටහඬටත් ගොඩක් අය කැමතියි කියලා තියනවා. වීදුරුවක් වගේ පැහැදිලියි වගේම ඇහුවහම වශී වෙන විදිහෙ ලස්සන කටහඬක් මට තියනවා කියලා see you බලන ප්‍රේක්ෂකයෝ අදහස් දක්වලා තියනවා.




කටහඬ ඔච්චරටම ලස්සන වුණේ කොහොමද?




නිවේදන කටයුතු කරන නිසා මම හඬ පුහුණුවීම් කරනවා. ඒ නිසා තමයි හඬ පැහැදිලි විදිහට ලස්සන වෙලා තියෙන්නෙ.




වැඩිපුර කැමති නිවේදනයටද රඟපාන්නද?




නිවේදනයට වගේම ⁣රංගනයටත් මට හැකියාවක් තියනවා කියලා මම හිතනවා. එක ක්ෂේත්‍රයක් තෝරගත්තොත් හැකියාවන් සීමාවෙලා මම කොටු වෙනවා. ඒ නිසා නිවේදන කටයුතුයි රංගනය කටයුතුයි දෙකම සමබරව කරගෙන යනවා.




සැබෑ ජීවිතයේදි මොන වගේ කෙනෙක්ද?




See you ටෙලි නාට්‍යයේ මම රඟපාන ටීෂාගේ චරිතයට වැඩිය නම් මම ගොඩක් වෙනස්. ආඩම්බර කමක් නැතුව පොළොවෙ පය ගහලා ඉන්න සරල කෙල්ලෙක් මම.




රඟපාන චරිතෙදි වගේම විලාසිතාවලට උනන්දුයි කියලා ආරංචියි?




ඔව්. විලාසිතා අතින් නම් ටීෂාගේ චරිතයත් එක්ක සමානයි. මම නිතරම අලුත් විදිහෙ විලාසිතා කරනවා. වෘත්තීය කටයුතු වලින් බැහැරවෙලා ඉන්නකොට මම කොට ඇඳුම් වගේම දිග ඇඳුමුත් අඳිනවා. ටැටූස්වලට මම ගොඩක් ආසයි. අද වෙද්දි ⁣ටැටූස් ගොඩක් දෙනා අතර ජනප්‍රිය නිසා ගොඩක් ආසාවෙන් ටැටූස් වගයක් මගේ ඇඟේ කළා. ඒ වගේම බඳ ⁣ප්‍රදේශයේ පියර්සිං එකකුත් මම කරලා තියනවා.




ඇඟ ලස්සනට තියාගෙන ඉන්නෙ කොහොමද?




විශේෂ දෙයක් නම් කරන්නෙ නැහැ. ව්‍යායාම කරනවා. ඒ ඇරුණාම සාමාන්‍ය විදිහට ආහාර ගන්නවා.




ලස්සන ගෑනු ළමයෙක් නිසා පෙම්වතෙක් ඇති?




අනේ නැහැ. මම තනිකඩයි.




ආදරය ගැන අත්දැකීම් මොන වගේද?




ආදරය කියන්නෙ සුන්දර දෙයක්. බොරු නොකරන අවංක කෙනෙක් ලැබුණු දාට ආදරය හරි සතුටින් විඳින්න පුළුවන්.





Previous Post Next Post