අමෙරිකාවේ ගෙවන ජීවිතේ ගැන මේනක සහ නෙහාරා කියන කතාව

 


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්.ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා.ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත කරනවා.මේනක වගේම නෙහාරත් කලාවට සම්බන්ධ බව හැමෝම දන්නවා.ඒ වගේම නෙහාරා නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි.ඉතින් මේ කැදැල්ලට පුංචි සුරංගනාවියන් දෙදෙනෙක් එකතු වෙලා තියෙනවා. ඇය පසුගිය දවසක හදිසියේම විදේශගත වෙලා තිබ්බා.


ඒ තමන්ගේ දියණියන් දෙදෙනත් එක්කයි. මේ ගමන පුංචි පැටව් දෙන්නත් එක්ක යන එක මොනතරම් දුෂ්කර වුණත් නෙහාරා ඒ දුෂ්කර ගමන සාර්ථකව අවසන් කරලා කියලා තමයි ඇය ඇගේ සමාජමාධ්‍ය ජාලා පිටු අතරට එක්කරලා තිබුණේ. කොච්චර වෙහෙසකර ගමනක් වුණත් මේ ගමන යන්න ඇයට ශක්තියක් වෙලා තියෙන්නේ මේ පුංචි පැටව් දෙන්නම තමයිලු.අමෙරිකාවට ගියෙ ස්ථිර පදිංචියටම ද කියලා නම් තාම හරියට දන්නෙ නැහැ.


මේනක – නෙහාරා යුවළ විදෙස්ගත වීම ගැන කවුරුත් පසුවුණේ ප්‍රශ්නාර්ථයක. ඒ මොකද ඇයි එකපාරටම මුළු පවුලම විදෙස්ගත වුණේ කියන එක. ඔන්න ඊටත් ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඔවුන් මේ විදියට අදහස් දක්වලා තිබුණා.

”ගොඩාක් දේවල් ගැන හිතලා,විශේෂයෙන් ම බබාලා දෙන්නගෙ අනාගතේ ගැන හිතලා අපි අමෙරිකාවට ඇවිල්ලා ඉන්නවා. ලංකාවට ඇවිත් යන්න ඕනි. රටට ආදරෙයි. පාලකයින්ගෙ තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ.අපි ප්‍රේක්ෂකයින්ගෙන් ඈත් වෙලා නෙවෙයි ඉන්නෙ, සමාජ මාධ්‍ය හරහා අපි ප්‍රේක්ෂකයින් එක්ක ඉන්නවා….” 



Previous Post Next Post