අප එක් කළේ පල්ලියේ ගීතිකා කණ්ඩායමයි - ක්‍රිස්ටිනා බණ්ඩාර



ඈ රහට ගයන්නීය. ඇගේ රීදි සීනු හඬින් පසුගිය දිනවල මෙරට සමාජ මාධ්‍ය කලඹන ලන්නට හැකිවීම මේ ලියවිල්ලට ද හේතු වූයේය. කවුරුනුත් කතා කරන්නට වූයේ ඈ කවුද’ කියාය. ඇගේ පෙනුමද මෙරටට නෑ කම් කීවේ නැත. මේ නිසාම මේ කුතුහලය බොහෝ දෙනාගේ සිත් සතන් තුළ නිරන්තරයෙන් ලැගුම් ගත්තේය.

බාහිර පෙනුම අපට ළඟ නොවූවද ඇගේ හඬ අපට ළඟය. ඈ ගයනා ගී අපට ළඟය. පුරා වසර ගණනාවක් මෙරට සංගීත ලෝලී සිත් වසඟ කළ ඒ ගායනා ඈ ඇගේ රහට ගයන්නීය. ඇය ක්‍රිස්ටිනාය මේ මොහොත වන විට නම් ඇය හඳුන්වන්නට ඒ නම විතරක් ද ප්‍රමාණවත්ය. තවදුරටත් කියනවා නම්, අද ක්‍රිස්ටිනා බණ්ඩාරය. ඇය බණ්ඩාර වූයේ අපේ ආදරණීය වාද්‍ය ශිල්පී තිසර බණ්ඩාරගේ ආදරණීය බිරිය වූ නිසාය. ඒ කතාව ඇතුළත මෙරට සංගීත ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණ, ජනප්‍රිය නාමයන් ඇගේ ඥාතිත්වය සමඟ බද්ධ වන්නේය.


ඉතින් අපි ඒ ගැන කතා කරමු. සංගීතය ගීතය, ආදරය, ප්‍රේමය, ඥාතිත්වය, මේ සියල්ල ගැන ඇගේ අදහස. ඒ වෙනුවෙන් අපි හමු වූු සොඳුරු මොහොත තුළ අපේ කතාබහට එක් වූයේ ක්‍රිස්ටිනා සමඟ ඇගේ දයාබර සැමියා තිසර බණ්ඩාරය.


තිසර බණ්ඩාර යනු මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී පවුලක තුන්වෙනි පරම්පරාවය. ඒ මෙරට ගීත කෝකිලාව ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල පරම්පරාවේ තුන්වෙනි පුරුකක් ලෙසිනි. ලතා - ධර්මදාස යුවළගේ එකම දියණිය ධම්මිකා බණ්ඩාර තිසරගේ ආදරණීය මැණියන්ය. ප්‍රවීණ ගිටාර් වාදන ශිල්පී මහින්ද බණ්ඩාර ඔහුගේ ආදරණීය පියාණන්ය. සීයා - ආච්ිචිගේ සිට මව - පියා දක්වාම සත්සරින් උපන් ලේ උරුමයන් හැටි කරගනිමින් ආ තිසරට, සිය ජීවන ගමන් සහකාරිය ද සත්සර ඇසුරින්ම හමු වීම ද එක්තරා අන්දමක සංසාරික බැඳිමකි.


‘ක්‍රිස්ටිනාව මට හමුවෙන්නෙත් අහම්බෙන් වගේ. මම මියුසික් වැඩවලට යත්දි ක්‍රිස්ටිනා කෝරස් කියන්න එහෙම ඇවිත් ඉන්නවා මම දැකලා තිබුණා. මම මුහුණු පොත හරහා ඇයට කතා කරල බැලුවා. ඒ හඳුනා ගැනීමෙන් අවුරුදු දෙකකට විතර පස්සේ ඇය මට පණිවිඩයක් දාලා තිබුණා. ඉතින් මමත් චැට් කරන්න ගත්තා. ඊට පස්සේ ඉතින් ඒ සම්බන්ධය දුර ගිහින් මෙතැනින් තමයි නැවතුණේ.


ක්‍රිස්ටිනා යනු ද ගායිකාවක වීමේ සිහිසන සිටි තැනැත්තියක නොවේ. එහෙත් ඇය පල්ලියේ ගායනා කණ්ඩායමේ සාමාජිකාවක වූවාය. තිසරගේ නෙත ක්‍රිස්ටිනා හා ගැටෙනුයේ ද එවන් අවස්ථාවකදීය.


‘මට ගායිකාවක් වෙන්න ඕන කමක් තිබුණේ නෑ. නමුත් මම පල්ලියේ ගායක කණ්ඩායමේ හිටියා. මම ඉගෙන ගත්තේ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ. ගමේ පල්ලියේ ගායක කණ්ඩායමක් හිිටියා. මම හරි ඉක්මනට ගීතවල පද මතක හිටිනවා. මෙලඩ් එකක් මතක සිටිනවා. ඊට පස්සේ මම කීර්ති පැස්කුවල් මහතා යටතේ කටහඬ පුහුණුවට ගියා. එතනදි කෝරස් කියන්න ගියාම තමයි මට තිසරව හම්බ වෙන්නේ.


ක්‍රිස්ටිනා සංගීත ලෝකයට අත්පොත් තබනුයේද පල්ලියේ ගීතිකා කණ්ඩායමකි. ඇගේ මිත්තණිය, අපේ ප්‍රවීණ ගායන ශිල්පිනී ගී රැජින ලතාවල්පොල සංගීත ලෝකයට අත් පොත් තබනුයේ ද පල්ලියේ ගීතිකා කණ්ඩායමකි. මේ දෙදෙනාටම දෙවියන් වහන්සේ එක විදිහට සලකා ඇත. ක්‍රිස්ටිනාට ඇගේ හැකියාවන් සමඟ ඇයට සුදුසුම පවුලක් ද තෝරා දී ඇත. දැන් ඈ මේ මාවත ඔස්සේ වෙනම ගමනක් යන්නට සූදානම් වෙනු දක්නට ලැබේ. සියලු දෙනාගේ ආශිර්වාදයක් මැද්දේ යන ඒ ගමනට, මිත්තණිය, නැන්දණිය, මාමණ්ඩිය සේම, ඔවුන්ගේ පවුලේ අනෙකුත් සියලු දෙනාගේම ආදරය ඇයට නොඅඩුව ලැබෙන්නීය.


‘මම දැන් ආචිචිත් එක්ක කතා කර කර ඉන්නකොට මම කියනවා ‘මම දන්නේ නෑ අනේ මම ඔහේ පල්ලියේ ගීතිකා කිව්වා විතරයි කියලා.


එතකොට ආචිච්ත් කියනවා. මාත් එහෙම තමයි ඔහේ ගායනා කළා. වැඩිපුර ඉගෙන ගන්න ගියා නම් අපිට සින්දු කියන්න හම්බවෙන්නෙ නෑ කියලා’.


තිසර මුණ ගැහුණාට පස්සේ කොහොමද ජීවිතේ ගෙවුණේ.


අපි දෙන්නා මුණ ගැහිලා මාස දෙක තුනකට පස්සේ අපි ගැන තිසර ගෙදරට කියල තිබුණා. මුලින්ම මගේ ෆෝටෝ එකක් ආචිචිට පෙන්නල තිබුණා. ආචිචි මගේ රූපේ දිහා බලලා ආ... මෙයා හොඳයි මම නම් කැමැතියි කියල තිබුණා. හැබැයි ආචිචි කියල තියනවා මෙයා නම් ලංකාවේ කෙනෙක් වෙන්න බෑ කියලා. එතකොට තමයි තිසරත් හිතිල තියෙන්නේ ඇත්තටම මම ලංකාවේ කෙනෙක් නෙමෙයිද කියලා.’ තිසර කියන්නෙත්. අද දැක්කට ඒ ගැන ඔහුගේ ඔළුවට ආවේ නැති බවයි. ඒත් ගී රැජින ඇගේ චිරාත් කාලීන ඇත්දැකීම් හා ප්‍රවීණත්වය සමඟ ක්ෂයකින් එය හඳුනාගන්නට සමත් වුවාය.


තිසර සහ ක්‍රිස්ටිනා හමු වූ මුල්ම දිනයේ ඇගේ සම්පුර්ණ වත ගොත ඈ තිසරට පැවසුවාය. එහෙත් ඒ පිළිබඳ කිසිවක් ඉන්පසු තිසරගේ මතකය තුළ නොවීය. ඇගේ ආදරය, සෙනෙහස පමණක් ඒ මතකය තුළ සදාකාලික විය. ආදරයට ජාති බේද, වර්ණ බේද, ආගම් බේද මේ කිසිවක් අදාළ නොවන බව අන් අපට යළි යළිත් පසක් වන්නේය.


‘දවසක් තිසර මට කියනවා ආචිචි කිව්වා ඔයා ලංකාවේ කෙනෙක් නොමෙයි කියලා. ඒක ඇත්තද? කියලා ඇහුවා.


මම කිව්වා ඔව් ඉතිං මම ඔයාට මුල්ම දවසෙම ඒක කිව්වනේ ඇයි මතක නැද්ද කියලා ඇහුවා.


ආ.... ඔව්නේ. ඔයා මට කිව්වා නේද කියලා එයාට එතකොට තමයි මතක් වුණේ.


ක්‍රිස්ටිනගේ පවුල් පසුබිම සැකසෙනුයේ ද හරි අපුරු ආකාරයකටය.


‘මම ඉපදුණේ ලෙබනන් වල. මගේ තාත්තා ටැන්සානියානු ජාතිකයෙක්. අම්මා ශී‍්‍ර ලාංකික මට අවුරුදු 04 දි තාත්තා නැතිවෙනවා. ලෙබනන් වල බෝම්බ පිපිරිමකින්. ඊට පස්සේ අම්මා ටිකක් බයවෙලා තියෙනවා එහේ ඉන්න. මුලදිත් ටිකක් තිබිලා තියෙනවා අම්ම සුදුයි, තාත්තා කළුයි. ඒ කාලේ අපේ තාත්තාගේ අම්මා (ආචිච්) කියල තියනවා මාව ඒ ගොල්ලන්ට දෙන්න කියලා. අම්මා බයවුණු පාර මාවත් අරගෙන ලංකාවට ඇවිත්. ඊට පස්සේ ඒ සම්බන්ධතා ඔක්කොම අයින් කළා. ඊට පස්සේ ලංකාවේ තමයි අපි ජීවත් වුණේ. අධ්‍යාපනය ලැබුවේ හැම දෙයක්ම.’


වර්තමානයේ ඇය සම්බන්ධ වී සිටිනුයේ ලංකාවේ සුවිශේෂී පවුලක් සමඟය. එහෙත් ඇය මේ පවුලට සම්බන්ධ වනතුරු මේ පවුලේ තොරතුරු වැඩිදුර දැනගෙන සිට නැත.


‘මම තිසරගේ අමිම තාත්තා දකින්නෙත් මගේ අම්මා තාත්තා විදිහට. මේ පවුලේ හැම කෙනෙක්මබ මගේ සමීපතම ඥාතීන් විදිහට දකිනවා මිසක් මට අමුත්තක් දැනුණේ නෑ. මේ පවුලට සම්බන්ධ වෙන්න ලැබුණු එකට මම හරි සතුටුයි. ඒ වුණාට එහෙම කියලා මම බොරු ආඩම්බරය ලොකුකමක් වගේ හිතන්න මම ආස නෑ. මම සාමාන්‍ය සරල කෙනෙක්.’


ක්‍රිස්ටිනා ගායිකාවක් වෙන්න කැමැතිද?


තිසරගේ තාත්තා කියන විදිහට නම් ඒ ගැන මට කිසි උනන්දුවක් නෑ. මට ඕන ඇත්තටම සාමාන්‍ය විදියට ඉන්න. මගේ නිදහස සීමා වෙනවට මම කැමැති නෑ. ගායිකාවක් වුණාම යම් කිසි පිළිවෙළකට ඉන්න ඕන නේ.


ක්‍රිස්ටිනා කියන්නේ ඇගේ සරල සුන්දර ජීවිතේ නිදහසේ විඳින්න තිබෙන ආසාවක් එක්ක. ඒත් ඈට උරුම වුණු දිවියමය කට හඬ.. ඒකට මේ වනවිට එක්රොක් වුණු රසිකයෝ ප්‍රමාණය විතරක් නොවෙයි.


ලංකාවේ ගී රැජින. ඇගේ අදරබර මිත්තණිය සහ නැන්දණියගෙන් එල්ලවන බලපෑම, මේ සියල්ල මඟ ඇරලා ඇයට ඉන්න බැරිවෙයි. ගී රැජින ලතා වල්පොල සහ ඇගේ දියණිය ධම්මිකා බණ්ඩාරගේ දැඩි ඉල්ලීමට කි‍්‍රස්ටිනා හා තිසර කරපු ගීතය මේ වනවිටත් සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ අසා ඇති.


ජීවන ගංගාධාරයේ අපි ඇවිදි යමු පි‍්‍රයේ...


පායන හිරුට හාදු දී


මල් පිපී දිලේ...


එදා සිය සීයා වන ධර්මදාස වල්පොල සහ මිත්තණිය ලතා වල්පොල ගායනා කළ මේ ගීතය මෙදා තිසර සහ ක්‍රිස්ටිනා ගායනුයේ ඊට නව රසයක් එක් කරලනමිනි. ඒ සඳහා පවුලෙන් එල්ලවුණු බලපෑම් ගැන තිසර කිව්වේ මේ වගේ කතාවක්.


‘ඇත්තට මම වෘත්තියෙන් වයලීන් වාදනයෙන් නේ. මම සිටියේ ඇත්තටම ගායනා කරන්නේ නෑ කියන තැන. පොඩි කාලේ ඉඳලම මම කිව්වා මම සින්දු කියන්නේ නෑ කියලා. එහෙම ඉන්ඩ බෑ කියන එක ආච්චියි, අම්මයි හැමදාම පුන පුනා කිව්වා. ‘ඔයා කියන්නම ඕන සින්දුවක් කියලා. ඒ දෙන්නගේ උවමනාවට තමයි ඔය ගීතය ගායනා කළේ. ඊට පස්සේ තමයි ආචිච්ගෙයි. සීයාගෙයි ඔය සින්දුව අඥ ර්චයඥ කරලා දැම්මේ. ඊට පස්සේ ඒකට අපි හිතන්නේ නැති ප්‍රතිචාර ආවා. එතැනින් තමයි අපි දෙන්නට විිශාල ප්‍රතිචාර එන්න පටන් ගත්තේ. දැන් ඇත්තටම එතැනින් ගැලවෙන්න බැරි වගේ තැනක තමයි ඉන්නේ. දැන් ඉතින් සින්දු කිව්වෙ නැත්තම් ගහන තත්ත්වයට වගේ ඇවිදින්. හරිම අකරතැබ්බය තමයි අපිට වුණේ. සාමාන්‍ය විදියට පවුල් ජීවිතේ ගෙනියන්න බැරි තත්වයක් ඇවිත් තියෙන්නේ.


දැන් අපි දෙන්නට නිදහසේ ඉඳගෙන ටිකක් කතා කරන්න වෙලාවක් නෑ. අපි දෙන්නා ගත කළේ හරි නිදහස් ජීවතයක් දෙන්න එකට ගමන් බිමන් ගියා එකටමයි හිටියේ. ඒ නිදහසට අපි හරිම කැමැතියි. මේ කාර්ය බහුල වීමත් එක්ක ඒ නිදහස නැතිවෙනවා. පාරකදි වුණත් දැන් අපි දෙන්නට ඕන විදියට ඇවිදින්න යන්න බෑනේ.’


ක්‍රිස්ටිනාව හමු වී ඇත්තේ අපූරු පවුලකි. මේ නිවසේ උදේ එළඹුණ වෙලේ පටන් රාත්‍රී නින්දට යනතුරුම ඇසෙනුයේ ගීතයි ඒ ගැන ක්‍රිස්ටිනා කියන්නේ මෙහෙමයි.


‘අපේ ගෙදර කොයි වෙලෙත් ඉතින් සින්දුම තමයි. ආචිචි පල්ලෙහා කාමරේ ඉඳන් සින්දු කියනවා. සින්දු අහනවා. එයා බලන්නේ අලුතින් එන අයගේ ඒවා. අම්මා හැම තිස්සෙම අහන්නේ. කියන්නේ ආචිච්ගේ - සීයාගේ සින්දු අප්පචිචි ගෙදර ඉන්න හැම තිස්සේ ඉන්නේ ගිටාර් එකේ. තිසර ඉන්නේ හැම තිස්සෙම ස්ටුඩියෝ එකේ. මං ඉතින් ගෙදර අතරමං වෙලා වගේ එහෙට යනවා මෙහෙට යනවා.


එතකොට අම්මා කියනවා ඔයා ආචිචිගේ සින්දු බලාගන්න කියලා.’ මම හා කියලා එතැනින් පල්ලෙහාට ගිහින් ආචිචි ගාවට ගියාම ආචිචි කියනවා ‘ඔයා නිරෝෂාගේ සින්දු බලාගන්න කියලා. එහෙම ඉඳලා අප්පචිචි ගාවට ගියාම එයා වෙනම වැඩක්. තිසර හොයාගන්නත් නෑ. අන්න ඒ වගේ.


ක්‍රිස්ටිනාගේ අම්මාගේ ප්‍රතිචාර මොනවාද?


අපේ අම්මා ර්භඵඪජ වලට ගොඩාක් කැමැතියි. සින්දු කියන්නත් පුළුවන්. හැබැයි අම්ම කියන විදිහට මට මධඪජඥ එක ඇවිල්ල තියෙන්නේ තාත්තාගේ පැත්තෙන්.


තිසරට මොනවද හිතුණේ ක්‍රිස්ටිනාව දැක්කම?


මම දැනගෙන හිටියේ නෑ මෙයා මෙහෙම සින්දු කියනවා කියලා. මම මෙයා කෝරස් කියනව දැකලා තිබුණට තනියම එයාගේ ඍධඪජඥ එක අහල තිබුණේ නෑ. අනිත් ඒක ඒ කාලේ එයා කොන්ඩේ ඉබපචඪඨඩබ කරලා හිටියේ. මට ඒ කාලේ මෙයා ගැන වෙනසක් දැනුණේ නෑ. අපේ ආචිචි තමයි දැක්ක ගමන්ම ‘මේ ළමයා නම් ලංකාවේ වෙන්න බෑ කියලා කිව්වේ. ඔහොම අඳුරගෙන ඉන්නකොට දවසක් ස්ටුඩියෝ එකේදී මම ඇහුවා ඔයා අද කියන සින්දුව මොකක්ද කියලා. එතකොට කිි‍්‍රස්ටිනා කියනවා ‘දූවිල්ලෙන් වත්සුණු තවරා’ කියලා. එතකොට අපි දෙන්නා යාළුවෙලා සතියක් විතර ඇති. මම කිව්වා ඒ සින්දුව අපේ අම්ම කියන්නේ කියලා.


ක්‍රිස්ටිනා එතකොට මට කියනවා ‘බොරු කියන්න එපා. ඒක චිත්‍රපටයක තියෙන සින්දුවක් කියලා.


ඉතින් මම කිව්වා ඔව් ඉතින් ඒක කියන්නේ මගේ අම්මා කියලා.


ඇත්තටම ක්‍රිස්ටිනා ඒ වෙනකොටත් දැනගෙන ඉඳලා නෑ මගේ පවුලේ අය ගැන තොරතුරු.


ක්‍රිස්ටිනා ඒ ගැන කියන්නේ මෙහෙම කතාවක්.


‘මම තිසර ගැන දැනගත්ත ගමන්ම අම්මට ගිහින් කිව්වා අම්මේ මම යාළුවෙලා ඉන්නේ මේ වගේ කෙනෙක් එක්ක කියලා.


‘අම්මා මට සැර කළා. අනේ මේ බොරු කියන් නැතුව යන්න කියලා. මම ෆොටෝ එකක් පෙන්නුවට පස්සේ තමයි අම්ම විශ්වාස කළේ.


දැන් ආචිචිගේ සීයාගේ සින්දු ඉස්සරහට ගෙනියන්න දෙන්නෙක් ඉන්නවා නේද?


ඇත්තටම දැන් ටික කාලයක ඉඳලා අම්මටයි, ආචිචිටයි දෙන්නටම ලොකු දුකක් තිබුණා. ඒ අයගේ සින්දු ඇහෙන්නෙ නෑ කියලා. අලුත් ගීත එනකොට ඒවා යාවත්කාලීන වෙන්නෙ නැති නිසා. ඒකම හින්ද තමයි අපි දෙන්නට ගොඩක්ම බල කළේ මේ ගීත කියන්න කියලා. මේවා කිව්වොත් අලුත් අයත් අහාවි කියලා. මමත් ඒක ගැන එච්චර හිතුවේ නෑ. දැන් ඇත්තටම තේරෙනවා එහෙම අඩුවක් තිබිල තියෙනවා කියලා. ඒක හින්දා මමත් දැන් හිතෙනවා. ආචිචි කියන දේ ඇත්ත කියලා.


කොහොම වුණත් මේ ගීත එහෙම කෙනෙකුට ලේසියෙන් කියන්න බෑ. ආචිච්ගේ ගීීත වගේම සීයාගේ ගීතත් එහෙමයි. විශේෂ දක්ෂතාවයක් නැති කෙනෙකුට ඒවා කියන්න අමාරුයි. අදටත් අපි දෙන්නටත් ඒ ගීත එහෙමම කියන්න බෑ. අපි දෙන්නම මේවා කියන්නේ සෑහෙන වෙහෙසක් දරලා පුහුණු වීම කරලා. අපි දෙන්න මේ සින්දුව කරලා අම්මට, අප්පච්චිට, අහන්න දීලා ඒනනපධමචත එක අරගෙන තමයි එළියට දැම්මේ. නිකං හරි අපි අතින් වැරැද්දක් වුණොත් ඒක මකන්න බෑ. මේක පෞරාණික වස්තු.


ඉස්සරහට ඔක්කොම සින්දු ඔය විදිහට අහන්න ලැබෙයිද?


ගෙදර අයගෙන් නම් බේරිල්ලක් නෑ. ඔක්කොම කරන්න කියලා. බලමු ඉතින් යන විදිහට. ඔක්කොම කරන්න බලාපොරෝතුවක් නෑ. අපි දෙන්නටම වෙනත් වෘත්තිය ජීවිත තියෙනවානේ. ක්‍රිස්ටිනා වෘත්තියෙන් ජ්ඪබදඥඵඵ ධ්දඵබපභජබධප කෙනෙක්. ඒවත් එක්ක තමයි ර්භඵඪජ කරන්නේ.


මේ දිනවල අලුත් ගීත කිහිපයක් කරගෙන යනවා. එකක් මම හදපු සින්දුවක්. අනික අපේ තාත්තා හදපු එකක්. ලබන මාසේ වගේ ඍඪඤඥධ එකක් එක්කම කරන්න ර්‍ථතචර කරනවා.


අපේ ජ්චථඪතර එකෙන් ක්‍රිස්මස් ගීතයක් මේ දිනවල කරන්න හදනවා.





Previous Post Next Post