චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන්න ආසයි සනුලි පෙරේරා



කුඩා අවධියේම ශබ්ද රසයට ඇලුම් කරමින් පාසල් කාලයේදි ම කලාවට යොමු වන ඇය දක්ෂ ගායන ශිල්පිනියකි. පාසල් කාලය තුළම ගායන ක්ෂේත්‍රයට පිවිසෙන අතර කෙටි කාලයක් තුළ ජනප්‍රියත්වයට පත්විය. පාසල් වේදිකාව ඇයට ඇගේ නිවහන බවට පත්විය. ඒ ලැබූ පන්නරය නිසාම ඇගේ ප්‍රථම ගිතය පසුගියදා ජනගත කෙරිණි. ඉන් නොනැවතුණු ඇය නව නිර්මාණ කිහිපයකටම ගමන් ආරම්භ කළාය. ඇගේ ගමන් මඟ පිළිබඳව සරසවිය සමඟ සාකච්ඡාවකට පිවිසිය. ඇය නමින් සනුලි පෙරේරායි.


පාසල් ජීවිතය ගෙවුණේ කොහොමද?


මගේ මුලික අධ්‍යාපනය සිදුවෙන්නේ ලයිසියම් අන්තර්ජාතික පාසලෙන්. උසස් අධ්‍යාපනය සඳහා ජීවවිද්‍යා විෂයධාරාව තමයි හදැරුවේ. මගේ විෂය ධාරාව එසේ වුවත් මම වැඩියෙන්ම ඇලුම් කරන්නේ මගේ හදවතේ ජීවත්වන සංගීතයටයි. අපේ වෘත්තීයභාවය කෙසේ වෙතත් මේ මිහිපිට ජීවත්වන අපි කලාවේ ජීවත් විය යුතුයි. ඒ වීඳීම අපි සියලු දෙනාටම අවශ්‍යයි.


කලා ජීවිතයට පෙලඹෙන්නේ? 


මට වයස 03දි විතර පෙර පාසලේදී නිල් අහස් තලේ ගීතය ගායනා කරමින්. එදා ඉදන් ගීත ගැයීමට ප්‍රිය කළා. ඉන් පසු පාසල් කාලයේ සිටම මම කලාවේ ගමන ආරම්භ කරන්නේ ලයිසියම් අන්තර්ජාතික පාසලෙන්.උමාරියා සිංහවංශ ගුරු මෑණියන්ගේ මූලික ගුරුහරුකම් ගන්නේ. පාසලේ පැවති සෑම කලා කටයුත්තකම මගේ හඬ අවදි වුණා. එක මම ලබපු ජයග්‍රහණයක් මගේ සංගීත කෞශල්‍ය වර්ධනය කරගන්නට. පසුව මම ආචාර්ය ප්‍රශාන්න කූරගම සර්ගෙන් සහ අයේෂා සිංහවංශ මැඩම්ගෙන් සංගීතය වැඩිදුරටත් හැදෑරුවා. දැනට මම විශාරද කරලා ඉවරයි. දැන් මම භාත්ඛණ්ඩේ ප්‍රථම සහ මධ්‍යම කියන දෙකම හදාරනවා.


වේදිකාවට ද සිනමාවටද ටෙලිනාට්‍යවලටද ගීත ගයනා කිරීමට කැමති?


වැඩියෙන් කැමති සිනමාවටයි. මම පාසල් කාලයේ සිටම ඇලුම් කළේ සිනමාවේ ගමනක් යන්නයි. ජීවිතේ ගමනක් යනවා නම් අරමුණක් හරියාකාරව තිබිය යුතුයි. ඒ නිසා තමයි මම සිනමාව තෝරා ගන්නවා කියන්නේ. සිනමාවට වැඩිය ප්‍රියතාවයක් දක්වනවා වුණාට වේදිකාවටත් ටෙලි නාට්‍ය කලාවෙත් පසුබිම් ගායනයට කැමතියි. අවස්ථාව ලැබුණොත් ඒවටත් දායක වෙන්න බලාපොරොත්තු තියෙනවා.


කසුන් කල්හාර සමඟ කුරුළු බිලින්දි ගීතය ගායනා කිරීම සිදු උණේ කොහොමද?


මම යූටියුබ් නාලිකාවක ඵචතධ කියන ජධමඥප මඥපඵඪධද එක කළාට පස්සේ ඒක කසුන් සර්ට පෙන්නලා ඉවර උණාට පස්සේ තමයි කසුන් සර් කැමති උණේ මේ ගීතය ගායනා කරන්න මගෙත් එක්ක. මගෙත් එක්ක ගීතය ගායනා කරන්න ඉස්සර වෙලා මට ගොඩක් උපදෙස් දුන්නා මේ ගීතය ගායනා කරන්නේ මේ විදිහට හඬ උස් පහත් කරන ආකාරය හ⁣ඬෙ රිද්මය තියා ගන්නා ආකාරය, ගීතයක තිබිය යුතු ලක්ෂණ ගොඩක් මම එදා ඉගෙන ගත්තා, ඒ කියපු විදිහට තමා කුරුලු බිලිඳී ගීතය ජනගත වුණේ.


ඔබ ක්ෂේත්‍රයේ දැනුම ලබාගන්න ප්‍රායෝගිකව හදාරා තිබෙනවාද ?


මම දැනට ආචාර්ය ප්‍රශාන්ත කුරගම සහ අයේෂා සිංහවංශ දෙදෙනාගෙන් සංගීතය පිළිබඳ හදාරනවා. ක්ෂේත්‍රය ගැන මම තනිවම වෙබ්සයිඩ් අන්තර්ජාලය ඔස්සේ අත්දැකීම් ගන්නවා. දැන් ගොඩක් දෙනෙක් ක්ෂේත්‍රයට පිවිසෙන අය විද්‍යුත් මාධ්‍ය හරහා සහ අන්තර්ජාලය ඔස්සේ පාඨමාලාවක් හදාරනවා. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පමණක් සතියක් විතර සමහර විට වෙන් කරනවා. ඉදිරියේදී මම පාඨමාලා තුන හතරක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.


ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?  


මම ගොඩක් වාසනාවන්තයි. ඒ ගැන කතා කරද්දී මොකද හොඳ ගුරු හරුකම් ලැබුණා සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගෙන්. සංගීත අධ්‍යක්ෂවරුන්ගෙන්ද, ප්‍රවීණ ගායන ශිල්පින්ගෙන් හා ශිල්පිනියන් ගෙන්. කෙටි කාලයක් ක්ෂේත්‍රයට ඇවිල්ලා මෙහෙම ගුරුහරුකම් ලබා ගන්න ලැබෙනවා කියන්නේ මම ලබපු ලොකු අත්දැකීමක්. ක්ෂේත්‍රයට ආවත් බොහෝ දෙනාට ඒ අවස්ථාව හිමිවෙන්නේ නැහැ. මම හිතන්නේ මට ඒ දේවල් ලැබුණේ මම පාසලෙන් සහ සංගීත ආචාර්යවරුන්ගෙන් ලැබුණු අධ්‍යාපනය ඒ ලබපු ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම නිසයි.


කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?


විශ්ව සංගීතය තුළ මට කවදාවත් දිග පළල සොයන්න බැහැ. මගේ ජීවිතේ තියෙනකම් මට මේ තුළ ඉගෙන ගන්න වෙනවා. ගායන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ගීතයක් ගායනා කිරීමට තියෙන්නේ විනාඩි 4ක් හෝ 5 ක් ඒ දේ හරියට කළොත් ඔහු සමහරවිට සම්මානනීය ගායන ශිල්පියකු වෙන්න පුළුවන්. මේ සියලු දේවල් තීරණය වෙන්නේ ඔහු හෝ ඇය කරන කැපකිරීම තුළයි. මම හැමවෙලේම හිතන්නේ මට ලැබෙන ගේය පද රචනයට සාධාරණයක් කිරීම පමණයි. එහි දිග පළල සෙවීම මම කවදාක්වත් කරන් නැහැ.


දැනට ඔබ කළ ජධමඥප මඥපඵඪධද මොනවාද?


එන්ජල්, හන්තාන සිහිනය, වින්ටර් වෝන්ඩ ලැන්ඩ්ර්, සැලෝ, ඔල්වෙස් රිමේම්බර් ඇස් දිස්වේ, සම්‍ය ඔවද රෙන්බෝ සහ මගේම නිර්මාණ ලෙස කොවිඩ් කාලේ හිරු ටීවී එකට ශ්‍රී ලංකාව ගැන කියවෙන ගීතයක්, කුරුලු බිලින්දි ගෙන් පස්සේ කෝ මාගේ ඩාලින්, සඳ කුමාරි යන ගීත ටික මේ වෙන විට මම කරල ඉවරයි. මේ ගීත සියල්ලටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. යූටියුබ් නාළිකාවලින් මේ ගීත අහපු සියලු දෙනාගේම. අලුතින් හොඳ ගේය පද රචනා ගොඩක් ලැබිලා තියෙනවා. ඒවා තෝරාගෙන කරන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ.


ගෙදරින් ලැබෙන සහයෝගය


මගේ අම්මා තාත්තා ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. උපරිම නිදහස ලබාදිලා තියෙනවා. මේ තාක් මේ ගමන එන්න සහයෝගය ලැබුණේ ඔවුන්ගෙන් ලැබුණු උදව් උපකාර නිසාමත් මාව රැකබලා ගැනීමත් නිසාමයි. මගේ මේ ගමන පිටුපස යෝධ ශක්තීන් ගොඩක් තියෙනවා. තාත්තිත් මට සින්දු කිහිපයක්ම ලියලා තියෙනවා. නම් නොකිව්වත් ඒ සියලු දෙනාම මම ආදරයෙන් මතක් කරනවා.


ඉදිරි බලාපොරොත්තු මොනවාද?


මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙනවා. වෛද්‍යවරියක් වීමේ සිහිනය සැබෑ කරගන්න. මගේ අධ්‍යාපනයත් සමබරව කරගෙන ගීත ලෝකෙ ගමනක් යන්න තමයි බලාපොරතුවෙන්නේ. මට මේ තාක් දුර එන්න උදව් කරපු සියලු දෙනාටම මම මෙය අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න.


- නිශ්ශංක විජේරත්න




Previous Post Next Post