මෙතුකිටත්, තුෂිටත්, ලැබෙන ප්‍රතිචාර අඩුවක් නෑ-ධනංජි තාරුකා




ඇය සිය පියාගේ අඩි පාරේ යන්නට ඔහුගේ ජීවිතයේ මෙන්ම වෘත්තියේ අත්දැකීම්ද තමන්ට ළං කරගත්තා ය. ඒ තම පියාගේ රාජකාරියට අදාළ කටයුතු වලට සහයවෙමින් නිල නිවාස වල වැඩි කාලයක් ජීවත් වෙමිනි, කවදා හෝ බන්ධනාගාර නිලධාරිනියක් විමට ඈ සිහින මැව්වාය. ඒ සඳහා තම පෞරුෂය මෙන්ම ඊට අදාළ ප්‍රායෝගික සහ න්‍යායාත්මක පුහුණුවක්ද ලබමින් තම දැනුම ද හැකියාව ද වැඩි දියුණු කරගත්තා ය. තවද සහජයෙන් ඇයට ඒවා පිහිටා තිබූ බැවින් ඒ කාර්යය වඩාත් පහසු වූවාය. නමුත් දෛවය එයට හරස් වෙමින් ඒ සියල්ල පසෙකලා මේ වන විට ඇය අපේ රටේ නම ගිය ජනපි‍්‍රයතම කලා ශිල්පිනියක් බවට පත්වූවාය. නිරූපිකාවක් මෙන්ම නර්තන හා රංගන ශිල්පිනියක් ලෙසින් ද ඈ මේ වන විට දශකයකටත් වඩා වැඩි කාලයක සිට ක්ෂේත්‍රයේ රැඳී සිටින්නීය. ස්වාධීන රූපවාහිනීය (ධ්ඊව්) සේවය තුළින් ඈ මේ දිනවල අප හමුවන්නීය. ඒ සතියේ දින පහේම (05) රාති‍්‍ර 8:30 ට විකාශය වන සික්ස්පැක් (ඉඪය නචජ) ටෙලි නාට්‍යයේ හැම විටම විනෝදයට ජොලියට බර යුවතිය වන මෙතුකි” ලෙසින් රංගනයෙන් මෙන්ම නර්තනයෙන් ද දායක වෙමිනි. එමෙන්ම හිරු රූපවාහිනී සේවයෙන් හිරු ඊඍ රාති‍්‍ර 9.00 ට විකාශය වන සංසාරිණී ටෙලි නාට්‍යයේ “තුෂී” ලෙසින් ද ඇය අපේ ආලින්දයට ගොඩවන්නීය. ජනපි‍්‍රය කලා ශිල්පිනී ධනංජි තාරුකා සමඟයි මෙවර අපේ කතාබහ.


ධනංජි තාරුකා මුලින්ම කරළියට එන්නේ නර්තන ශිල්පිනියක් ලෙසින් ද?


නැහැ අයියේ මම ඵදාැක කෙනෙක් (නිරූපිකාවක්) ලෙස තමා ක්ෂේත්‍රයට එන්නේ.


ඔබ වඩාත් ජනපි‍්‍රය වුණේ නර්තනයෙන්. බොහෝ අය ඔබගේ නර්තනය දක්ෂතාවය ගැන කතා කරනවා. ඒ ගැනත් කියමු බලන්න.


ඒක වුණේ මෙහෙමයි. දෙරණ රූපවාහිනී (ඊඍ) දෙරණ සේවයෙන් රියැලිටි ස්ටාර් සීටී (අඥචතඪබර ඉබචප ඛ්ඪබර) කියලා කලා තරු අතර නර්තන තරඟයක් පැවැත්වුවා. මම වට කිහිපයකින් පස්සෙ ඒ එයින් ජයග්‍රහණය ලැබුවා. එතනින් තමා මං ගැන, මගේ නර්තනය පිළිබඳව බොහෝදෙනා කතාබහ කරන්න පටන්ගත්තේ. ඊට පෙරත් මම නර්තන කටයුතු වලින් වැඩසටහන් වලට දායක වෙලා තිබුණා. නමුත් මේක තමා මගේ ස්ටා(ර්) එක වුණෙ එතනින් පස්සේ තමා නර්තනය ගැන වැඩිදුර හදාරන්න හා පුරුදු පුහුණු වෙන්නත් යොමු වුණේ. ඒ මේ රටේ අද ඉන්න නම ගිය ප්‍රවීණ ජනපි‍්‍රය නර්තන ආචාර්යවරු යටතේ ඔවුන්ගේ ආභාසය අත්දැකීම්ද ලබා ගනිමින්.


එතකොට ඔබ රංගන ශිල්පිනියක් වුණේ කොහොමද?


මුලින්ම මට මොඩල් (ර්ධඤඥත) කෙනෙක් ලෙස වෙළඳ දැන්වීම් වලත්, ගීත රූප රචනා වලත් (ර්භඵඪජ ඍඪඤඥධ) පෙනී ඉන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ තමා ටෙලි නාට්‍ය රඟපාන්න ලැබුණේ. කැමරා ශිල්පී රුවන් අධිකාරිය අයියා තමා මට ඒ ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව උදාකර දෙමින් උදව් කළේ. අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න මහතාගේ සහය අධ්‍යක්ෂ එරංග අයියා යටතේ තමා මම ‘අලූත් ගෙදර’ කියන ටෙලි නාට්‍යයේ වැඩ කළේ. 2011දී තමා ඒ නාට්‍යයේ රූගත කිරීම් සිදු වුණේ. හැබැයි ස්වාධීන රූපවාහිනියෙන් ඒ ටෙලි නාට්‍යය විකාශය වුණේ 2012 වසරේදී. එතැනින් පස්සෙ මට දිගටම වෙළඳ දැන්වීම්වලටත්, ටෙලි නාට්‍ය වලටත් අවස්ථාව ලැබුණා.


සිනමාවට ධනංජිගේ දායකත්වය කොහොමද?


චිත්‍රපට කීපයකටම රංගයෙන් දායක වුණා. භ්‍රමණය කියන චිත්‍රපටය තවම තිරගත වුණෙ නැ. දායක වූ ටෙලි නිර්මාණ රැසක් තියෙනවා විකාශය නොවුණ ඒවා. සුනිල් ප්‍රේමරත්න මහතාගේ “සීමා නෑ ආකාසේ” තමා ප්‍රථම චිත්‍රපට රංගනය. ඊට පස්සේ නිහඩ සෙවණැලි, ලොක් ඩවුන් (ඹ්ධජඬ ච්ධඹද), භ්‍රමණය, කිඩ්නැප් (ම්ඪඤදචන) අදිය එවා අතර වෙනවා.


වේදිකා නාට්‍යවලත් රඟපෑව ද?


පාසල් යන කාලේ ඉඳල තමා වේදිකා නාට්‍යවල ඉන්නේ. නැකත, ඉලන්දාරි, ආදී නට්‍යය වල මම රඟපෑවා. ඊළගට රාජ්‍ය සම්මාන ලබපු දඟකාරියෝ, කඩුවක් සමඟ නඩුවක්, ආමර් විදිය වගේ නාට්‍ය වලත් මම රඟපෑවා. පසුගිය කොරෝනා වසංගතය ආවත් එක්කම වේදිකා නාට්‍යවල නැවතීමක් සිදු වුණා. අපි බලමු ඉස්සරහට වේදිකාවත්.


ධනංජිගේ ජීවිතය හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණේ ?


මහින්ද කුලසිංහ මහතාගේ “සුසුමක ඉනිම” කියන ටෙලි නාට්‍යය එහි රංගනය වෙනුවෙන් මං සුමති සම්මානයත් හිමිකර ගත්තා. චිත්‍රපට පැත්තෙන් ගත්තාම භ්‍රමණය, ඊළඟට “සුද්දේ” කියන ටෙලි නාට්‍යයත් පුබුදු චතුරංග එක්ක තමා මට එහි රඟපාන්න තිබුණේ. තිසුල දීප තඹවිට මහතාගේ නිර්මාණයක් තමා ඒ නාට්‍යය.


මේ දවස්වල ඔබ පේ‍්‍රක්ෂකයින් අතරට එන්නේ ?


මේ දවස්වල මං චරිත දෙකකට පණ පොවමින් ප්‍රේක්ෂකයින් අතරට එනවා සික්ස් පැක්(ඉඪය ර්‍ථචජ) ටෙලි නාට්‍යයේ මෙතුකි, ඒ වගේම හිරු ඔඪ එකේ යන සංසාරිණි ටෙලි නාට්‍යයේ තුෂී ලෙසත් මං රංගනයෙන් දායක වෙනවා.


එවාගේ ඔබ රඟපාන චරිත ගැන කිව්වොත් ?


පළමුවෙන්ම සික්ස් පැක් (ඉඪය ර්‍ථචජ) එකේ මෙතුකි. එයා සෝෂල් මීඩියා (සමාජ මාධ්‍ය) වලත්, (ටික් ටොක්) වලත් සමාජ මාධ්‍යයේ හැම පැත්තකින් ම කැපී පේනේන ඉන්න කැමති, ඔසන ඔදන අනාගතයේ නිළියක් වෙන්න බලාපොරොත්තු වන ගැහැනු කෙනෙක්ගේ චරිතයක්. ඊළඟට සංසාරිණි මේ ටෙලි නාට්‍යයේ තුෂි. ඇය ලයිමක ජීවත් වන (වතු ආශි‍්‍රතව) කාටවත් බය නැති පිරිමි අයත් එක්ක හරි හරියට හැප්පෙන තරමක් දාමරික චරිතයක් කිව්වොත් හරි.


ඔබට ඒ චරිත සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද ?


සික්ස් පැක් (ඉඪය ර්‍ථචජ) එකේ මෙතුකිටත්, සංසාරිණි එකේ තුෂිටත් එක හා සමානවම ප්‍රතිචාර මේ වනවිටත් ලැබෙනවා.


රූගත කිරීම්වලදී සිදු වූ අමතක නොවන සිදුවීම් ?


මෑතකදී සංසාරිණී ටෙලි නාට්‍යයේ මගේ චරිතයේ හැටියට ගහ ගන්න සිද්ධියක් තිබුණා එහි අනෙක් චරිතයට රංගනයෙන් දායක වුණු තනාෂා හතරසිංහත් එක්ක මේ චරිත දෙකේ හැටියට අපි දෙන්නාගෙ ඒ ගහ ගැනීමේ සිද්ධිය සාර්ථක වුණා කියලා හිතෙනවා. මොකද එකෙන් අපි දෙන්නගෙ අතපය පවා තුවාල වුණා මගේ එක අතකුත් පොඩ්ඩක් අමාරු වුණා. දැන් නම් ඒකත් හොඳයි. ඒ මොනවා වුණත් ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර ඒ සඳහා ලැබෙන විට ඒ ගැන සතුටු වෙනවා. ඉතින් දැනට ප්‍රශ්නයක් නැ හොඳට තාමත් නට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා.


රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද ?


පොලිස් නිලධාරිනියකගේ, බන්ධනාගාර නිලධාරිනියකගේ චරිතය කරන්න ආසයි. බන්ධනාගාර නිලධාරිනියක වෙන්න තමා මම ඉගෙන ගත්තෙත්. සැබෑ ජීවිතේදී තවමත් මම ඒයට ආසයි. ඒ වගේම යුද හමුදා (ඒපථර) නිලධාරිනියකගේ චරිතයක් කරන්නත් ආසයි. තව ගොළු චරිතයක්, හිඟන අයෙකුගේ වගේ චරිත රඟපාන්නත් කැමැත්තෙන් ඉන්නවා.


සික්ස් පැක් (ඉඪය ර්‍ථචජ) ටෙලි නාට්‍යයේ මෙතුකිගේ චරිතය විනෝදයට ජොලියට බර නිතරම මොන ප්‍රශ්න තිබුණත් ආතල් එකේ තමා ඉන්නේ. සැබෑ ජීවිතයේදී ධනංජිත් එහෙමද?


සැබෑ ජීවිතේදී මමත් සමාජ මාධ්‍ය ඉන්න විනෝදයෙන්, සැහැල්ලූවෙන් ජීවිතේ ගතකරන කෙනෙක්. ඉතින් ඇත්තම ජීවිතය මටත් මෙතුකිට සමානකම් තියෙනවා.


ධනංජි විවාහකයි. දැන් විවාහ වෙලා කොච්චර කල්ද ?


අවුරුදු පහක් (5) වෙනවා.


මහත්තයා ගැන විස්තර කියමු නේද ?


නම ෂැගී විරණක ඔහුත් මේ ක්ෂේත්‍රයේ සම්බන්ධ කෙනෙක්. මේ දවස්වල දෙරණේ යන ලොක්කිගේ කථාව ටෙලි නාට්‍යයේ සමුද්‍ර කියන චරිතයට ඔහු රංගනයෙන් දායක වෙනවා.


නිර්මාණ කටයුතුවල දී ඔහුගෙන් ඔබට ලැබෙන සහාය මොනවගේද ?


ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔහුත් මේ ක්ෂේත්‍රයටම සම්බන්ධ නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ. අපි දෙන්න සහයෝගයෙන් වැඩ කරගෙන යනවා.


දැන් රඟපෑවා ඇති ගෙදර වැඩ ටික කරගෙන ගෙදරට වෙලා ඉන්න කියලා මහත්තයා කියන්නේ නැද්ද ?


එහෙම කියන්නෙ නැ. මං මුලිනුත් කිව්වා වගේ අපි දෙන්නම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදර දොර වැඩකටයුතු හා අනෙකුත් වැඩකටයුතුත් හොඳීන් කරගෙන යනවා.


දැන් දෙන්නා ඔහොම හිටියා ඇති තුන්වැන්නෙක් ගැන හිතන්නෙ නැද්ද ?


දෙන්නා තුන්දෙනා වෙන එක ගැන නම් තවම තීරණය කරලා නැ. ඒ ගැන පසුකාලීනව සලකා බලනවා.


ධනංජි තාරුකා කලා ශිල්පිනියක් නොවුණා නම් ?


මම උසස් පෙළ (ඒ/ඹ්) කළේ බන්ධනාගාර නිලධාරිනියක් වෙන්න හිතාගෙන. ඒ අංශයට අදාළව මං වැඩිදුරටත් ඉගෙනගෙන ඊට අදාළ ප්‍රායෝගික වැඩකටයුතු වල පවා නිරත වුණා. මොකද මගේ තාත්තා බන්ධනාගාර නිලධාරියෙක්. ඒ නිසා වැඩි කාලයක් බන්ධනාගාර නිල නිවාස වලම තමා ජිවත් වුණේ. තාත්තත් එක්ක මම ඒ නිල නිවාස වල ඉදලා ළඟම තියෙන බන්ධනාගාරවලට පවා ආවෙ ගියෙ. ඒ පරිසරයට මෙන්ම ඒ වැඩ කටයුතු වලටත් මං නිරන්තරයෙන් ප්‍රායෝගිකවත් දායක වුණා. මගේ තාත්තගේ බලාපොරොත්තුවක් තිබුණා. මං කවදාහරි දවසක එයාගේ තැනට එයි කියලා. අම්මත් එහෙම හිතුවා. නමුත් පස්සේ මං රංගනය පැත්තට යොමු වෙනවා. මගේ අම්මත් තත්තත් දෙන්නාම දැන් මම කලාවේ වැඩකටයුතු වල නිරත වෙනවාට තමා කැමති.


හේමන්ත බණ්ඩාර




Previous Post Next Post