සමහර චරිතවල කරන්න දෙයක් නැති වුණාම මම ඒවා අතහරිනවා - මේනක රාජපක්ෂ

 


මේ දිනවල බොහෝදෙනා අතර ඉතාමත් ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකින් ඔබ හමුවට එන මේ තරුණ රංගන ශිල්පියා ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. සිදාදියේ සමනලියෝ, රැල්ල වෙරළට ආදරෙයි සහ දිව්‍යාදරී ටෙලිනාට්‍ය තුළින් නිතර පුංචි තිරයෙන් ඔබ හමුවට පැමිණෙන මේ අපූරු රංගන ශිල්පියා නමින් මේනක රාජපක්ෂ. ඔහු මෙවර  අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


කොහොමද මේ දිනවල ගෙවන ජීවිතේ?


මේ දිනවල මම ටිකක් කාර්යබහුලයි. ලංකාවේ ප්‍රධාන නාළිකා තුනක විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකටම මම රංගනයෙන් දායක වෙනවා. ඒත් එක්ක ටිකක් වැඩ වැඩි වෙලා තිබෙන්නේ.


මේ දිනවල නිරත වෙන කලා කටයුතු ගැන කතා කළොත්?


 මේ දිනවල ජනප්‍රියම ටෙලිනාට්‍ය තුනක් වන සිදාදියේ සමනලියෝ, දිව්‍යාදරී, රැල්ල වෙරළට ආදරෙයි කියන ටෙලිනාට්‍ය තුනේම එකිනෙකට වෙනස් චරිත තුනකට මම රංගනයෙන් දායක වෙනවා. එකිනෙකට වෙනස් චරිත රඟපානවා වගේම  ඒක මට හරි අපූරු අත්දැකීමක්.


ජනප්‍රිය ටෙලි ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වන නිසා ඔබට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සිදාදියේ සමනලියෝ ටෙලිනාට්‍යයේ සාගර නම් නීතිඥවරයාගේ චරිතය පිළිබඳව බොහෝදෙනා කතා කරනවා. අනෙක් චරිත දෙකටත් ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ටෙලිනාට්‍ය නිර්මාණවලින් ඔබ්බට ඔබේ කලා කටයුතු ගැන කතා කළොත්?


‘රතු මඟුල් කපුවා’ නම් වේදිකා නාට්‍යයට මම මේ දිනවල රංගනයෙන් දායක වෙනවා. ඒ මගේ පළමු වේදිකා නාට්‍යයයි. ඒ අත්දැකීමත් ගන්න ගමන්ම සිනමා නිර්මාණයකට සහභාගි වෙනවාද කියන පොඩි කතාබහකුත් ඇතිවෙලා තිබෙනවා. නමුත් මම තවම තීරණයක් අරගෙන නැහැ.


කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඔබේ බිරිය ඔබේ රංගන කටයුතුවලට ලබාදෙන සහයෝගය මොනවගේද?


ඇත්තටම මගේ කලා කටයුතුවලට ගොඩක් ලොකු සහයෝගයක් ලබාදෙන්නේ නෙහාරා. මම කරන්නේ අට – පහ රැකියාවක් නෙවෙයි. ඉතින් සම්පූර්ණයෙන්ම පවුලේ වැඩ කටයුතු සිදුවන්නේ ඇය අතින්. ඒ නිසා ඒක මගේ වැඩවලට ලොකු සහනයක් වගේම උදව්වක්. ඇයත් දක්ෂ රංගන ශිල්පිනියක්. නමුත් මට අවස්ථාව දීලා ඇය දරුවෝ දෙන්නත් එක්ක කාලය ගත කරනවා.


පවුලේ අලුත් සාමාජිකයන් දෙන්නත් එක්ක කලාවට අවධානය යොමු කිරීම අපහසු නැද්ද?


දරුවන් එක්ක පවුලේ වැඩකටයුතු ටිකක් සංකීර්ණ වෙලා. නමුත් අපේ රැකියාව එක්ක ඒ දේවල් සම්බන්ධ වෙලා නැහැ. ගෙදර ආවම දරුවෝ එක්ක කාලය ගත කරනවා වගේම රැකියාවේදී රැකියාව කරනවා. ඉතින් නෙහාරාත් මමත් මේ දේවල් කතාබහ කරගෙන බැලන්ස් කරගන්නවා.


කලා ක්ෂේත්‍රයේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙලා දැන් හෙමින් ගමනක් යන්න හේතුවක් තියෙනවාද?


එහෙම විශේෂ හේතුවක් නැහැ. කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යන්න වාසනාව සහ දක්ෂතාව කියන දෙකම බලපානවා. ඒකෙනුත් සීයට හැත්තෑවක් විතරම තමන්ගේ වාසනාව තියෙන්න ඕනේ. ඒ වාසනාව සහ දක්ෂතාවත් එක්ක මම මේ තරම් දුරක් ආවා. කෙටි කාලයක් මම රංගනයෙන් අෑත් වෙලා හිටියා. ඒකත් හේතුවක් වෙන්න ඇති මේ හෙමින් හෙමින් යන ගමනට. නමුත් මට හමුවෙන සෑම අලුත් නිර්මාණයකින්ම මම අලුත් දෙයක් ඉගෙන ගන්නවා වගේම ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා.


ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස ඔබ චරිත තෝරා ගැනීමක් සිදු කරනවාද?


ඇත්තටම ඔව්. මට ලැබෙන සෑම චරිතයක්ම මම භාරගන්නේ නැහැ. සමහර වෙලාවට අපිට එකම චරිත කිහිප අවස්ථාවකදීම කරන්න ලැබෙනවා. නමුත් එකම චරිතය විවිධාකාරයෙන් කරනවා නම් ඒක තමයි රංගන ශිල්පියකුගේ වගකීම. ඇතැම් චරිත තිබුණා නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයා එක්ක කතා කරලා ඒ චරිතය අතහැරපු. සමහර චරිතවලට මගේ රංගනයෙන්  කරන්න දෙයක් නැහැ කියලා වගේ තේරුණොත් මම ඒ චරිත අතහරිනවා.


ඒ වගේම සමහර චරිත මට කරන්න පුළුවන් කියලා දැනුණොත් පිටපත් රචකයත් සහ අධ්‍යක්ෂවරයා සමඟ කතා කරලා චරිත භාරගෙනත් තියෙනවා.


රංගන කටයුතු අතරතුර ඔබ මුහුණදුන් අමතක නොවන සිදුවීමක් ගැන මතක් කළොත්?


සමහර රූගත කිරීම්වලදී කලා අධ්‍යක්ෂවරු වගේම ඇ¾දුම් නිර්මාණ ශිල්පියෝ අපට ඇ¾දුමක් දෙකක් ගේන්න කියනවා. ඉතින් දවසක් මටත් කලිසමක් අරගෙන එන්න කියලා කිව්වා. ෂූටිං යන දවසේ උදේ මම කලිසමක් බෑග් එකක දාගෙන ගියා. කලා අධ්‍යක්ෂවරයා මගේ ළඟට ඇවිත් අහනවා මේ ඇ¾දුම  ඔයාගෙමද කියලා. එතකොට තමයි මමත් දැක්කේ ඒක නෙහාරාගේ කලිසමක් කියලා. ඉතින් ආපහු කෙනෙක් යවලා මට ඕනේ ඇ¾දුම ආයෙමත් ගෙන්න ගත්තා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මේ වනවිට කලාව ස්වයංපෝෂිතද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් රටක් වශයෙන් සෑම ක්ෂේත්‍රයක්ම ස්වයංපෝෂිත වෙලා ලංකාවේ මිනිස්සුන්ට හොඳක් වෙන තැනකට ආව දවසකට මම හිතනවා කලාව සහ අනෙක් සියලුම ක්ෂේත්‍රවලත් දියුණුවක් ඇතිවෙයි කියලා. එහෙම දවසක් උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post