අද දවස යහපත්ව සතුටින් ගත කිරීම තමයි එකම අරමුණ – පූර්ණිකා පීරිස්



අපේ රටේ ඉන්න ජනප්‍රිය එවගේම දක්ෂ නිවේදිකාවක් තමයි පුර්ණිකා පිරිස් කියන්නේ. ඉතිං ඇය මේ වෙද්දී පුංචි පුතුන් දෙදෙනකුගේ ආදරණීයත මවක්.ඉතිං ඇය ඇයගේ මේ දවස් වල අලුත්ම තොරතුරු ගැනත් පෞද්ගලික ජිවිතයේ විස්තර ගැනත් මේ විදියට පුවත්පතක් සමඟින් කියා තිබුනා. 


පූර්ණිකා නියෝජනය කරන්නෙ තාත්තාගෙ රැකියාව අක්ක යන ගමන් මගේ ගියොත් වැඩි ජනප්‍රියත්වයක් ලබා ගන්න පුළුවන් කියල හිතෙන්නෙ නැද්ද?


එහෙම වෙන්නත් තිබුණා. මම රංගනයෙත් නියැළිලා තියෙනවා. ඒත් මගේ වැඩි කැමැත්ත වගේම හැකියාව තියෙන්නෙ තාත්තගෙන් උරුම වූ නිවේදන වෘත්තියට. පුතාල කියන්නෙම දඟයො. දඟයො දෙන්නෙක් එක්ක වැඩ කරන එක ලේසි පහසු  කටයුත්තක් නෙමෙයි. 


කොහොමද ඒ තත්ත්වයට මුහුණ දෙන්නෙ....?


ලොකු පුතා ආදිත්‍යට දැන් අවුරුදු 10 ක්. චූටි පුතා අභිමන්‍යුට තවම අවුරුදු 02 යි. දෙන්නව බැලන්ස් කර ගන්න අමාරුම වෙලාව තමයි ආදි හෝම් වර්ක් කරන වෙලාව. මල්ලි නොතේරෙන කමට අයියගෙ පොත්පත් පෑන් පැන්සල් අදිනවා. ඒවට අයියා ටිකක් බයයි වගේම සැරයි. පොඩ්ඩව අඬවන්නෙ නැතුව ලොක්කගෙ වැඩ වලට උදව් කරන එක ඇත්තටම ස්ටේරස්. කොහොම හරි බොහොම හොඳින් අපි ඒ දේවල් කරගන්නවා.


ගෙදර වැඩ වලට පේෂලගෙන් ලැබෙන සහයෝගය...?

එයා ගෙදර ඉන්න වෙලාවට හැමදේකටම මට සපෝට් කරනවා. පුතාල දෙන්නව නාවන්නෙ කවන්නෙ පොවන්නෙ ආදීව උදේට ඉස්කෝලෙ එක්ක යන්නෙ ආපහු එක්කන් එන්නෙ එයා. ගෙදරට අවශ්‍ය කරන බඩු මුට්ටු ගේන්න උයන්න පිහන්න වගේ ගෙදර ඕනම දේකට පේෂල උදව් කරනවා. එයාට රසට ඉන්දියන් කෑම හදන්නත් පුළුවන්.


දරුවන්ගෙ අනාගතය සැලසුම් කරන්නෙ මොන විදියටද...?


තවම අපි ලොකුවට ඒ දේවල් ප්ලෑන් කරල නෑ. ඒත් දැනට පේන විදියට ඉදිරියේදී පුතාලව වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට පිටරට කට යවන්න වෙයි නේද කියන තැන අපි ඉන්නවා.


ඉදිරියේදී ඔවුන් අම්ම තාත්තගෙ රැකියාවල්ම තෝරගත්තොත්...?


එයාල කැමැත්තෙන් තෝරගත්තොත් මිසක අපි බල කරන්නෙ නෑ. කලාවට දෙන්නගෙම පුංචි ලැදියාවක් තියන බව පේනවා. ඒ කාලෙට වඩා අද හැමදේම ලොකු වෙනසකට ලක් වෙලා. ඒ තුළ මේ වෘත්තීන්වලට මොනවගේ පිළිගැනීමක් තියෙයිද කියල කියන්නත් බෑනෙ.


ඉදිරි බලාපොරොත්තු ගැන සඳහන් කළොත්....


ඇත්තටම අපි බලාපොරොත්තු ගොන්නකට මැදිවෙලා ජීවත් වෙන්නෙ නෑ. අද දවස යහපත්ව සතුටින් ගත කිරීම තමයි එකම අරමුණ. එහෙම දේකට තියෙනව නම් ඒ දරුවො දෙන්නගේ අනාගතේ සාර්ථක වනවා දැකීම පමණයි.


ධම්මික හේවාවසම් 






Previous Post Next Post