මට නිවන් සුව පතපු,මම වෙනුවෙන් දානේ දීපු හැමෝටම ස්තුතියි - කාවිංග පෙරේරා

 



කාවිංග පෙරේරා කියන්නේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල කතාබහට ලක් වුන චරිතයක් බවට පත් වුණානේ.ඔහුට සිදු වූ සුළු අනතුරක් හේතු කරගෙන සමාජ මාධ්‍ය තුළ පැතිරුනේ වෙනස්ම පුවතක්. බොහෝ දෙනෙක් කිව්වේ කාවිංගට සිදු වුනේ ඉතාමත් විශාල අනතුරක් කියලා. සමහරු ඔහු මිය ගිහින් කියලත් කිව්වා වගේම,ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවටත් පැතිරුණා. ඒ වුනත් ඇත්තටම ඔහුට සිදු වෙලා තිබුනේ ඉතාමත් සුළු අනතුරක් පමණයි. කොහොම වුනත් ඔහු දැන් සුවෙන් සිටිනවා.

"මට නිවන් සුව පතපු,මම වෙනුවෙන් දානේ දීපු,හැමෝටම ස්තුතියි කියලා තමයි කාවිංග කියන්නේ.ඔහු සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් එක්ක අපූරු පුංචි සටහනක් යොදා තිබුනා.  ඒකේ සඳහන් වෙලා තිබුනේ නම් "මට අලුතෙන් වෛරක්කාරයන් අවශයයි. මොකද පරණ අය මගේ රසිකයෝ බවට පත් වෙලා කියලා". ඔවු ඔබටත් පුළුවන් ඔබට වෛර කරන්නන් ඔබේ රසිකයින් බවට පත් කරගන්න. ඒ සඳහා කරන්න ඕනි එක දෙයයි...වෛර කරන්නන්ට ඔබ පෙරළා ආදරය කරන්න.




Previous Post Next Post