ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් වූ දිනේෂ් මුතුගල රංගනයට?

 



දිනේෂ් මුතුගල කියන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ටියුශන් ගුරුවරයෙක්නේ. ඔහු ජනප්‍රිය වෙලා තියෙන්නේ ටියුශන් කිරීමට අමතරව ඔහුගෙ යූටියුබ් චැනලය හරහා ඔහු ප්‍රකාශ කරන අදහස් නිසාත් සමාජ ජාලාවල ඔහුට ලැබිලා තියෙන්නේ ඉතාමත් ඉහල ප්‍රතිචාරයක්.

සමහර ප්‍රතිචාර ඉතාමත් විවේචනාත්මක ප්‍රතිචාර වුනත් ඒ ප්‍රතිචාරත් ඉතාමත් ආදරයෙන් බාරගන්නා ඔහු අළුත් වැඩකට අතගහලා. ඒ තමයි ඔහු ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරලා. නළුවෙක් වෙන්න බලන් ඉඳලා ජනප්‍රිය ගුරුවරයෙක් වුන දිනේෂ් කළාවට තියෙන ඇල්ම නිසාම මේ කටයුත්ත කළා කියලයි ඔහු නම් කියන්නේ.

ඒ වගේම සිනමා පටයක් නිෂ්පාදනය කරන්නත් ඔහුගේ බලාපොරොත්තුවක් තියෙනවලු. "මම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කලා. ඒක විකාශය කිරීමට අවශ්‍ය කටයුතු කරමින් ඉන්නේ. ඉදිරියේදි දක්ෂ පිරිසක් එක්ක එකතුවෙලා හොඳ චිත්‍රපටයක් කරන්න හිතාගෙන ඉන්නෙ. රඟපෑම ගැන නම් දෙපාරක් හිතලා කරන්න ඕනි. හැබැයි එදා ඉඳලා මගේ ආත්මය ඇතුළේ සිටින කලාකරුවාට සමුගන්න මම ඉඩ දෙන්නෙ නැහැ"





Previous Post Next Post