වයසට යන්න යන්න මම කවුද කියලා මටම වැටහෙනවා - අයිශාරා අතුකෝරල

 


මකුළුවෝ සිනමා පටය ඔබට මතකද? මතක නම් ඇය නමින් අයිශාරා අතුකෝරල. රුවැත්තියව අමතක වෙන්න විදිහක් නැහැ. ඉදිරියේදී තිරගත වෙන්න නියමිත හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරන අයිස්ක්‍රීම් චිත්‍රපරයේද ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇයයි.

අයිශාරා රංගන ක්ෂේත්‍රයට එනේ නිරූපණය හරහා. වැඩිය රංගන කටයුතු වල නිරත නොවුවද අයිශාරා නිරූපන ක්ෂේත්‍රයේ නම් දිගටම රැඳිලා ඉන්නවා. පසුගියදින අයිශාරාගේ උපන්දිනය තිබුනා.  උපන්දිනය වෙනුවෙන් අයිශාරා අපූරු ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා.  ඒ ඡායාරූප රූගත කිරීම සමාජ මාධ්‍යවල පළ කරන අතර අයිශාරා මෙන්න මේ සටහන පළ කරලා තිබුනා.

"වයසට යාම නිසැකව මට ලබා දී ඇත්තේ බාහිර වලංගු භාවයක් නොතකා, මම සත්‍ය වශයෙන්ම කවුරුන්ද යන්න පිළිබඳ විශ්වාසයයි ප්‍රඥාවන්ත මිනිසෙක් වරක් පවසා ඇත, ජීවිතයේ වරප්‍රසාදය වන්නේ ඔබ සැබවින්ම කවුරුන්ද යන්න සොයා ගැනීමයි! ඔබ සොයා ගත් දෙයට ආදරය කිරීමට හැකිවීම මීළඟ කදිම පියවර වනු ඇතැයි මම අනුමාන කරමි"





Previous Post Next Post