ජනප්‍රිය රංගන ශිල්පිනි නයෝමි තක්ෂිලා කියන්නෙ වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය ඔස්සේ ඉමහත් රසික ආදරයක් දිනූ නව පරපුරේ තාරකාවක්. ආකර්ෂණීය රූපයක් ඇති ඇය තිරයේ වඩාත් කැපී පෙනෙන චරිතයක් කිව්වොත් හරි. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන නයෝමි, එහි නිතර තබන විවිධ සටහන් අපේ ඇස ගැටෙනවා.
මේ සටහනත් එවැනි එකක්...
"ඔයාගේ comfortable zone එක ඇතුලේ ඔයාගේ මානසික නිදහස රකින මිනිස්සු විතරක් තියා ගන්න. සමහරවිට ඔයාගේ වටේට ඉන්නෙ හරිම Toxic, කිසිම දේක හොදක් දකින්නෙ නැති, අනිත් අයට අපහස කරන, කපටි කුහක මිනිස්සු වෙන්න ඇති. මේ අයගෙ හැටි තමයි අනිත් මිනිස්සුන්ටත් තමන්ගෙ විස පොවලා තමන්ගෙ පැත්තට නම්ම ගන්න එක. අන්න ඒ වගේ අයව ඔයාගෙ circle එකෙන් අයින් කරන්න දෙපාරක් හිතන්න එපා. ඉන්නෙ හොදම අය එක්කෙනාද දෙන්නෙක්ද කමක් නෑ ඔයාගෙ මානසික නිදහසට කරදරයක් නොවන අය විතරක් ආශ්‍රය කරන්න."