මම ඇත්තමයි ආසාවෙන් හිටියෙ රට යන්න සුද්දෙක් බැදගන්න - පියුමි හංසමාලි

 


පියුමි හංසමාලි... කාලෙන් කාලෙට මේ නම කරළියට එනවා. මේ දවස්වල හැමෝම කතා කරන්න ඩුබායි ගිහින් ලක්ස ගානක් වියදම් කරලා හදපු පියුමිගේ කොණ්ඩෙ ගැන. කොහොම වුණත් පියුමි එහෙම කොණ්ඩෙත් හදාගෙන මුලින්ම ලංකාවට ඇවිත් ආවේ හිරු නාළිකාවට. හිරු නාළිකාවේ ඊයේ විකාශය වුණු හිරු කොපිචැට් වැඩසටහනට පියුමි හංසමාලි සහ ඇගේ පෙම්වතා ප්‍රගීත් සහභාගි වුණා. එහිදී ඇගේ පෙම්වතා ගැන ඇය පැවසූ වීඩියෝ පටයකට ඇය නැවතත් සටහනක් පළ කරලා තිබුනා.

පියුමි කොපිචැට් වැඩසටහනේදී කියනවා ඇය විදේශ ජාතිකයෙකුව විවාහ කර ගන්න කැමැත්තෙන් සිටි බවත් නමුත් ඇයට ප්‍රගීත් මුණගැහුණු පසුව ඒ අදහස වෙනස් කරගත්ත බවත්. ඒ වීඩියෝ පටය ඇගේ සමාජ ජාලාවල නැවත පළ කරමින් පියුමි කියා සිටින්නේ ඇය සුදු ජාතිකයෙකු හා විවාහ වන්න තීර්ණය කළේ පියුමිගේ කලින් පෙම්වතා වෙනුර සැර පරුෂ පුද්ගලයෙක් බැවින් ප්‍රශ්න ඇති වෙයි යන බියෙන් බවයි.

මේ තියෙන්නේ පියුමි පළ කරපු ඒ සටහන...

"මම ඇත්තමයි ආසාවෙන් හිටියෙ රට යන්න සුද්දෙක් බැදගන්න. මොකද ලංකාවෙ කොල්ලෙක් එක්ක යාලු වෙන්න බැ බයයි.මගෙ ex ඇවිල්ලා ගහයි කියලා. වෙනුර කියලා තිබ්බෙ මට නැත්තං කාටත් නැ.යාලු වෙන වෙන එකාට ගහනවා කියලා. බොරැ කියන්න ඔනෙ නැ මාත් බයයි එයාට මොකද එයා බිව්වම මටත් නෙලනවා. ඉතිං එක නිසාම තිරනය කරා රට ගිහින් සුද්දෙක් බැදලා සුද්දි පැටියෙක් හදන් ඉන්නවා කියලා. මම දැනුත් නිතරම මාත්තයා එක්ක කියනවා.අපරාදෙ සුද්දෙක් බදින්න හිටිය මට වෙච්ච දෙයක් කියලා.මාත්තයා කියනවා ඇයි ගැනියෙ මම කොච්චර සුදු ද දැං සුද්දොත් කොර ලු එයාගෙ ලස්සන දැකලා. ආතල්ම seen එක දැනටත් ex බිව්වම මෙ prageeth වරෙන් අතින් පයින් ගහා ගන්න . නිතරම බිලා ඔක කියනවා. මම මාර විදිහට දෙපැත්ත balance කරනවා මගෙ මාත්යා අහිංසක වගෙ හිටියට හරි දරැනුයි. ගහගන් ගිහින් දෙන්නම මැරැනොත් අන්තිමට මට ex ත් නැ මගෙ මාත්තයත් නැති වෙනවා"






Previous Post Next Post