අදටත් මගේ පවුල මට අංක එක - හර්ෂි රසාංගා

 


හිරු නාළිකාවේ විකාශය වූ ළංවී ටෙලි නිර්මාණයෙන් ඔබ වෙතට සමීප වූ හර්ෂි රසාංගා සමාජ මාධ්‍ය තුළත් බොහෝම කතාබහට ලක්වන චරිතයක්. පසුගිය දා යුගදිවියට පිවිසුණු ඇය රංගනයට සමුදුන්නෙ විදෙස්ගත වීමේ අරමුණින්. මේ හර්ෂි මෑතක ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබු සටහනක්..

මෙ ඉන්නේ අම්මියි තාත්තියි මට දුන්න වටිනම තෑග්ග. ඔව්, මගේ අම්මියි තාත්තියි නෙවෙයි මෙයාව මට දුන්නේ. ඒත් ඒ දෙන්නා කැමති වුනේ නැත්තන්, මෙයාව මගේ කරගන්න එකත්, මං එයාගේ වෙන එකත් හීනයක් විතරයි. හැමදාම මට මගේ පවුල එක. මං බයෙන් හිටියේ මම marry කරපු දවසක husband නිසා ඒක අකමැත්තෙන් හරි මට වෙනස් කරන්න වෙයිද කියලා.

නෑ! අදටත් මගේ පවුල මට එක. මොකද මෙයා මගේ husband විතරක්ම නෙවෙයි. දැන් මෙයත් මගේ පවුල කියන්න දේවල් ගොඩයි. ඒ හැමදේම මෙතන නොකියන්නත් හේතු ගොඩයි. හැබැයි කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මං හරි පිංවන්තයි ඔයාව ලැබෙන්න පණ ඔයා නිසා මට ලැබුන දේවල් බොහොයි, විශ්වාසයි…

ලැබෙන දේවල් අනන්තයි ඔය අතින් මගේ අත හයියෙන් අල්ලගෙන, පරිස්සමට මාව එක්කන් යන විදිහ දැක්කම, ඇහැට කදුලින් වගේම හිතට සුසුමින් නිවණක් නැති වෙනවා මේක හරි පාරද පණ? වැරදි තැනකින් හැරුනේ නෑ නේද? අපි දෙන්නා පරිස්සමට යන්න ඕන අපේ හීනෙට. අර බලන්න, පාර කෙලවර ඉදන් කවුද අත වනනවා. පොඩ්ඩක් ඉන්න! පණ, ඒ “මගේ” හීනය නේද? Mahen Anuradha මං ඔයාට හරි ආදරෙයි ළමයෝ.





Previous Post Next Post