කවදාවත් මේ තරම් කාලයක් ගෙදරින් ඈත් වෙලා ඉඳලා නැහැ - අශාන් ප්‍රනාන්දු

 


මේ දවස්වල හැමෝම කතා කරන ගායකයෙක් තමයි අශාන් ප්‍රනාන්දු කියන්නෙ.. ඔහුත් ඔහුගේ බිරිඳත් දෙන්නම මේ දවස්වල ලංකාවෙන් ඈත් වෙලා ඉන්නේ.. ඒ කුමුදිගේ අධ්‍යාපන කටයුතු නිසා. කොහොම වුණත් අශාන් අන්තිමට රිලීස් කරපු සින්දුව නිසා නම් එයාගේ රසිකයෝ තවත් එයාට ළං වුණා. මේ දෙන්නාගේ ජීවිතේ වෙච්ච මේ වෙනස්කම ගැන අශාන් පුවත්පතකට කිව්ව අදහස් තමයි මේ.

මේ ගමනට ඇරෙන්න මං කවදාවත් අම්මගෙන්, තාත්තගෙන් මේ තරම් කල් ඈත්වෙලා ඉඳලා නෑ. කුමුදිත් එහෙමයි.  එයා මටත් වඩා තාත්තට සමීප කෙනෙක්. ටුවර් එකක් ගියත් දවස් දෙක තුනකින් එනවා. කාලෙකට ගිය නිසා මේ පාර තනිකම පුදුම විදිහට දැනුණා. ඒ දැනුණු සංවේදීකමත් එක්කයි මගේ අතින් මේ තනුව නිර්මාණය වුණේ. මං වෙන සින්දුවක් රිලීස් කරන්න හිතාගෙන හිටියෙ. තාත්තා තමයි මගේ ලෝකය. එයාගෙන් ඈත්වෙලා ඉන්නව කියන්නේ පුදුම වේදනාවක්. ඒ කම්පනය මට දරාගන්න බැරි වුණා.

මගේ තනුවට ගී පද යෙදුවේ දුමින්ද අලහේන්ද්‍ර අයියා. පවුල් දෙකේම මවුපියන් යොදාගෙන එයාලටත් එයාලටත් නොදැනෙන්න නොදැනෙන්න එයාමයි වීඩියෝ එකත්කළේ.. මට ඕන වුණේ හැමෝටම ‘තාත්තාගේ ආලේ‘ සර්පයිස් එකක් කරන්න. ඒකයි ඒක තාත්තගේ උපන්දිනේ දවසෙම රිලීස් කළේ. තනුව හදලා දුමින්ද අයියට කියලා වචන දාගෙන වීඩියෝ එකත් කරලා සතියක් ඇතුළත සින්දුවේ වැඩේ කළා.  ලොකුම අභියෝගය වුණේ තාත්තටත් නොදැනෙන්න වීඩියෝ එක කරගන්න එක.

ඒකෙ අපේ තාත්තා, අම්මා වගේම කුමුදිගේ තාත්තා, අම්මත් ඉන්නවා. දුමින්ද අයියා එයාලට නොදැනෙන්න ඒක ෂූට් කරගෙන තිබුණා. තාත්තගෙ උපන්දිනේට අපි හිටියේ ඕස්ට්‍රේලියාවේ. එහේ ඉඳන්මයි ඒක රිලීස් කළේ. ඒක දැකලා හැමෝම ගොඩක් සංවේදී වුණා. තාත්තට ගොඩක් සතුටුයි. මගේ අතින් නිමවුණු වටිනාම නිර්මාණය තමයි මේක. අම්මා, තාත්තා ළඟ ඉන්න කල් අපිට එයාලව ලොකුවට දැනෙන්නෑ. එයාලගෙන් ඈත් වුණාම තමයි ඒක දැනෙන්නේ.





Previous Post Next Post