තනියට කවුරු හරි ඕනි කියන තැන මම නෑ -ආශා එදිරිසිංහ



ආශා එදිරිසිංහ කියන්නෙ පුංචි තිරයේ හුරුබුහුටි නිළියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්. පසුගිය දවසක ඇය ඇගේ ම කියන ගීතයකුත් එළිදැක්වුවා. ආශා, පසුගිය දවසක යූටියුබ් වැඩසටහනකට එක්වෙමින් පළ කළ අදහස් තමයි මේ…

“විවාහය කියන මාතෘකාවම හරි ගැඹුරු එකක්. තේරුම් ගන්න අමාරු බැලන්ස් කරන්න අමාරු එකක්. මිනිස්සු මොනා හරි හිතයි, ඒ නිසා තනියට කවුරු හරි ඉන්න වුවමනා කියන තැන මම නෑ. මගේ වාසනාවට මගේ අම්මයි තාත්තයි අයියයි මේ දේවල් තේරුම් ගත්තා.

මම කියන්නෙ නෑ මම විවාහ වෙන්නෙ නෑ කියලා. හැබැයි මම දැකලා තියෙනවා විවාහ වෙන්න ඔ්නි නිසා විවාහ වෙලා දුක් විඳින නමට පමණක් ඉන්න පිරිස්..” “මට ඒ වෙලාවට හිතෙනවා ඇයි මම දුක් විඳින්නේ. අපි මේ ජීවිතේ හැමදේම කරන්නෙ සතුටින් ඉන්නනේ. කෙනෙක් විවාහ වෙලත් බොහෝම සතුටින් ඉන්න පුළුවන්.. මං එහෙම ගොඩක් අය දැකලා තියෙනවා. කෙනෙක් සතුටින් ඉන්න පුළුවන් විවාහ වෙලා. වගේම විවාහ නොවීත්. අන්තිමට බලපාන්නේ අපි ජීවිතේ කොච්චරක් සතුටින් ගත කළාද කියන එක…”





Previous Post Next Post