වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වෙන හුරුබුහුටි රංගන ශිල්පිනියක්. කාලයක් නිහඬව ඉන්නවා වුනත් ඉදහිට ඇය සමාජ මාධ්‍ය තුළටත් ගොඩ වෙනවා. මේ පසුගිය දිනෙක ඇය වැඩසහටනකට එක්වෙමින් පළ කළ අදහස්… “මගේ ජීවිතේ හැමෝම දන්න එක ප්‍රේමයක් තිබ්බා.
ඒක ඇත්තටම ලොකු කාලයක් තිබ්බා. මම හිතන්නේ සමහර අත්හැරීම් ඇතුළේ අනෙත් කෙනාට වෙන්නෙ හොඳක් නම් ඒක අපි අතරින්නම ඕනි කියලා. මම මේ වෙද්දි කෙනෙක්ට ආදරය කරනවා. ඒක හරි ලස්සන සුන්දර බැඳීමක්. මම ජීවිතේ විඳින ගමන් ගොඩක් දේවල් අතෑරලා ජීවත් වෙන කෙනෙක්. හැබැයි අම්මා කෙනෙක් වෙන්න ඕනි කියන එක තාම අතෑරලා නෑ. මොකද ඕනම ගැමැනියක් අම්මා කියලා කවුරු හරි කෙනෙක්ගෙන් අහගන්න එකට හරි ආසයි….”