ජැක්සන් ඇන්තනී කියන දැවැන්ත කලාකරුවා මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන්නෙ, ඔහු කලකට පෙර දී මුහුණ දුන් දරුණු අනතුරක් නිසා යි. රෝහල්ගත ව සිටින ජැක්සන් ඇන්තනී ගැන විවිධ පාර්ශව විවිධ අදහස් පළ කරද්දි, ජැක්සන්ගේ බිරිඳ මාධ්‍ය ඉදිරියට පැමිණ සඳහන් කළේ ජැක්සන් ගැන පළවන එම පුවත් සම්පූර්ණ සාවද්‍ය බවයි. එසේම ඔහු සුවපත් වෙමින් සිටින බවත්, ඇය සඳහන් කළා. “ජැක්සන් ද මමද ඉස්සර වෙලා යන්නෙ කියලා කාටවත් කියන්න බෑ.
ඔය මැෂින් ගලවන්න කියන අයද වෙන්නත් බෑ. අපි අපේ ගමනාත්තය තෙක් යන්න ඕනෙ. ගල්පර වල හැපි හැපි අභියෝග මැද ඒ ගමන යන්න ඕනේ. මම හැමදාම වගේ ජැක්සන්ව බලන්න යනවා. ගිහින් අපි ඔහුට කතා කරනව. ඒ කතා කරනකොට සමහර වෙලාවට කඳුලු වැක්කෙරනවා.ඒ කියන්නෙ ඔහුට ඇහෙනව අපි කියන දේවල්. ඒ උණාට හැමදාම ඒ ගමන යනවා. මට රූගත කිරීම් තියෙන දවසට සුප් එහෙම අරන් යන්නෙ ලොකු පුතාගේ දුව, (ලේලි..)
ජැක්සන් කියන කලාකරුවාත් ජැක්සන් කියන සැමියාත් අතර වෙනස ගැන, කුමාරි මුණසිංහ කිවුවේ මෙහෙම කතාවක්
“ජැක්සන් කියන කලාකරුවත් එක්ක වැඩ කරන එක හරි අමාරුයි. ජැක්සන් කියන සැමියා එක්ක නම් පහසුයි..ඔහුට පූර්ණ විවේකය තිබ්බා පත පොතේ වැඩවලට. කලාකරුවා එක්ක හරි අමාරුයි. වෙලාවකට හරි සැරයි. මම හදන ඒවා තමයි කන්න ආස. දුවටත් හොඳට උයන්න පුලුවන්. මම හිතන්නෙ ජැක්සන්ගේ හැකියාවන්වලට ළඟින්ම ඉන්න දරුව ඇය. (මාධවී වත්සලා) සිංදු ලියන්න චිත්‍ර අඳින්න හැමදේම. ඇය තමයි මගේ හොඳ දුව.. ඇය හිතුවොත් ඕනම දෙයක් කරන කෙනෙක්..