අම්මපල්ලා මට බදින්න කොල්ලෙක් නෑ, ගහක තමයි බදින්න වෙන්නේ - කාවින්ද්‍යා අධිකාරි



ජනප්‍රිය ගායන ශිල්පී අතුල අධිකාරිගේ සහ සමිතා මුදුන්කොටුවගේ දියනිය වන කාවින්ද්‍යා ගායනයට, රංගනයට දක්ෂ කෙනෙක්. ඉතින් ගායන හැකියාවනම් උපතින්ම හිමි කාවින්ද්‍යා නිවේදිකාවක් විදියටත් රූපවාහිනිය හරහා අපිට දැකගන්න ලැබුණා. ඉතින් කාවින්ද්‍යාව රංගන ශිල්පිනියක් විදියට සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබුණේ ඝරසරප චිත්‍රපටය හරහායි. ඇය ටැටූ විලාසිතාවලට ආදරය කරන කෙනෙක් නිසාවෙන්ම ඇගේ ටැටූ කිහිපයක්ම දැකගන්න තිබෙනවා. ඉතින් කාවින්ද්‍යා අම්මගෙයි මල්ලිවයි ආදරයෙන් බලා ගැනීම වගකීම විදියට ඇයට පැවරිලා තිබුනත් චිරන්ත ඔවුන්ගේ පවුලට එකතු වීමත් එක්ක සිය පවුලේ වගකීම චිරන්ත බාරගත්තා කියලයි කවී කියන්නේ.

මිහිරි හඩකින් ගායනා කරන කවී ක්ශේෂ්ත්‍රයේ කා සමගත් ඉතාම සුහදව කත බහ කරන අහිංසක කෙනෙක්. ඉතින් ඇය පසුගිය දා සහභාගි වුණු රුපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ මිතුරියක් වුණු ශෙහානි කහදවල ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ මේ විදියටයි.

” අම්මපල්ලා මට බදින්න කෙනෙක් නෑ. ඉතින් මම බදින්න දවසක් තීරණය කරලා නෑ. මම අම්මගෙ ආදරයත් එක්ක හැදුණු කෙනෙක් නිසා ගොඩක් ආදරය හොයන කෙනෙක්. ඒ නිසා ඒ විදියට ආදරය හොයාගෙන ගිහින් වැරදුණු අවස්ථාත් තියෙනවා. දැන්නම් ආදරය හොයාගෙන යන්නෑ. මම වෙනුවෙන් මේ ලෝකේ කවුරු හරි ඇතිනේ. එයා මම ලගට එනකම් ඉන්නවා.”


මේ විදියටයි කාවින්ද්‍යා අධිකාරි ඇගේ අදහස් දක්වලා තිබුනේ.





Previous Post Next Post