ටීවි එකේසුපර් ස්ටාර් යද්දී මට අවුරුදු 8 යි, ඒ තරු වටකරගෙන නිවේදනය කරන්න මට ලැබුණා - ජූලීයා සොනාලි



මේ දවස්වල ඇය ගැන වැඩිපුර හැමෝම කතා කරනවා. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි ඇය නිවේදනය කරන වැඩ සටහනක් නිසා. සිරස නාලිකාවේ තරු ඉරිදා වැඩ සටහන හේෂාන් සමගින් නිවේදනය කරන්නේ ජූලීයා සොනාලි. ඉතින් මේ වන විට ජූලියාව හැමෝම වගේ හොයන්න ගන්නවා. ජූලියා කියන්නේ පාසලේදී බාහිර කටයුතු සිදු කලත් කලා කටයුතු සිදු කලත් කවදාවත් නිවේදනය පාසල් යන කාලේ සිදු නොකරපු දෙයක් කියලා. නමුත් ඇය ඒ ක්ශේෂ්ත්‍රය තුල මේ වන විට නියැලෙනවා.

ඉතින් ජූලියා සොනාලි ගැන වැඩිපුරම ප්‍රේක්ෂකයන් අතරට ගියේ පසුගිය දා ඇය ශිහාන්ගේ ගීතයකට පුංචි නිරූපනයක් කරලා තිබුණා. තරු ඉරිදා වැඩ සටහනට සිරස සුපර් ස්ටාර් තරගයට සහභාගි වුණු තරගකරුවන් 10 දෙනෙක් සහභාගි කරවගෙන ලස්සන රසවින්දන වැඩ සටහනක් සිදු කලා. ඉතින් මීට අවුරුදු 17 කට පෙර සිරස සුපර් ස්ටාර් තරගය පැවැත් වුණත් එහි තරු වලට එදා වගේම අදටත් ඔවුන්ට ආදරෙයි. ඉතින් ජූලියා සිරස සුපර්ස්ටාර් නරඹපු ආකාරය ගැන කිව්වේ මේ විදියටයි.

” සිරස සුපර් ස්ටර් යනකොට මට වයස අවුරුදු 8 යි. මට මතකයි ඒ කාලේ අපේ පවුලේ අය ඔක්කොම එකතුවෙලා බලනවා. ඉතින් මම හීනෙකින්වත් හිතුවෙ නෑ අපි එක වැඩ සටහනක්වත් මග නොහැර බලපු ඒ වැඩ සටහනේ හිටපු තරු වට කරන් මට වැඩ සටහනක් නිවේදනය කරන්න ලැබෙයි කියලා. ජීවිතේ නොහිතන දේවල්නේ අපිට සිද්ධ වෙන්නේ. මම තමයි අපේ පවුලේ එකම ළමයා.”

මේ විදියටයි ජනප්‍රිය නිවේදිකා ජූලියා සොනාලි ඇගේ අදහස් දක්වලා තිබුණේ.





Previous Post Next Post