අපිට අවුරුදු 9 ක් යනකම් දරුවො හිටියෙ නෑ, දැන් මම තාත්තා කෙනෙක් -අමිල පෙරේරා




සිරස සුපර් ස්ටාර් තරගාවලිය හරහා ප්‍රේක්ෂකයන් අතරට ආව ඒ දක්ෂ ගායන ශිල්පියා තමයි අමිල පෙරේරා කියන්නේ. මාධ්‍ය හරහා වැඩි පුර කතා බහට ලක් නොවුනත් ඔවුන්ගේ හඩට ආදරය කරපු ප්‍රේක්ෂකයන් තවමත් එදා වගේම ආදරෙයි. ඉතින් අමිල පෙරේරා අද වන විට දරුවන් දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක්.

ඉතින් ඔහු ඉතා අහම්බයකින් තමයි විවාහය සිදුවෙන්නේ. තනිකමට ඉන්නැතුව විවාහ වෙලා ජීවිතේ විදින්න තමයි අමිල ඕන වුණේ. ඉතින් 2006 වසරේ අවසන් කාලයේ තමයි ඔහු විවාහ දිවියට පත් වෙන්නේ. ඉතින් විවාහ වෙන හැමෝගෙම අපෙක්ෂාව දරුවො හදන එක. අමිලගේත් බිරිදගේත් අපේක්ෂාව වුණේ ඒ විදියටයි. ඉතින් දරුවෙක් හදන්න බලාපොරොත්තුවෙන් හිටපු අමිල මේ විදියටයි එක්තරා මාධ්‍ය හමුවකදී ඔහුගේ අදහස් හුවමාරු කරගෙන තිබුණෙ.

” අපි විවාහ වුණේ පොඩි වයසකින්. ඉතින් අපි විවාහ වෙලා ටික කාලයක් හිටියා දරුවො හදන්නැතුව. ඊට පස්සේ අපි බලාපොරොත්තු වුණත් දරුවෙක් ලැබුණෙ නෑ. අවුරුදු 9 ක් අපිට දරුවෙක් ලැබුණෙ නෑ. අපි එංගලන්තයේ ජීවත් වෙන කාලේ හැමදේම තිබුණා. නමුත් ඒ මොනවා තිබුණත් වැඩක් නෑ දරුවෙක් නැතුව. ඒකයි ලංකාවට ආවේ ට්‍රීට්මන්ට් වලට. අපිට මිනිස්සු කියන්න ඇති වද කෙනෙක් කියලා. මමනම් කියන්නේ එහෙම කියන්න එපා කියලා. අම්මා කෙනෙක් වෙන්න ප්‍රතිකාර තියෙනවා. මගේ ජීවිතේ සුවිශේෂීම දවස අපිට දරුවෙක් ලැබෙන්න යනවා කියපු එක. ‘’ 

මේ විදියටයි තාත්තා කෙනෙක් වුණ අමිල පෙරේරා ඔහුගේ අත්දැකීම් ගැන අදහස් දක්වලා තිබුනේ.





Previous Post Next Post