ධරනි ටෙලිනාට්‍යයේ කවුරුත් කතා බහ කරන චරිතයක් රංගනය කරපු ඒ සුරූපී යුවතිය තමයි හේෂානි ලියදිපිට කියන්නේ. ඇය රංගනයට වගේම නර්තනයටත් ඉතා දක්ෂ කෙනෙක්. ඒ වගේම හේෂානි රංගනය කරන වීඩියෝ ඇගේ සමාජ මාධ්‍ය හරහා ඇයට ආදරය කරන රසිකයින්ට දැක බලා ගන්න පුලුවන්. ඉතින් හේෂානි රංගනය කරන වෙනස්ම චරිත රංගනයක් මේ දිනවල දෙරණ නාලිකාව හරහා දැක ගන්න පුලුවන්. දෙරණෙහි විකාශය වන ලොක්කිගේ කතාව ටෙලිනාට්‍යයේ නපුරු චරිතයකට තමයි ඇය රංගනය කරන්නේ. ඉතින් හේෂානි ගැන පසුගියදා හැමෝම කතා කරන්නට වුණේ ඇගේ විවාහ ගිවිස ගැනීමත් එක්කයි.
විවාහ ගිවිස ගැනීම දවසේ කලා කරුවන්ට බොහෝ සෙයින් ආරාධනා නොකලත් ඉක්මනටම කලා තරු පිරිවරාගෙන විවාහය ගන්නත් ඇය බලාපොරොත්තු වෙනවා. ඉතින් හේෂානිගෙ සැමියා අධ්‍යාපනය සදහා විදෙස් ගත වෙලයි ඉන්නේ. ඉතින් ඇය කියන්නේ ඇගේ සැමියා ඉතාම සාමාන්‍ය පවුලක ජීවත් වෙන කෙනෙක් කියලයි. ඉතින් ඇය ලිවින් ටුගෙදර් සංකල්පය ගැන කිව්වේ මේ වගේ අදහසක්.
” මමනම් දකින්නේ ලිවින් ටුගෙදර් කියන්නේ හොදම හොද දෙයක් කියලයි. ඉස්සරනම් පිට රට තමයි මේක තිබුණේ. නමුත් මේ වෙන විට ලංකාවෙත් අපිට ලිවින් ටුගෙදර් ඉන්න කට්ටිය දැක ගන්න පුලුවන්. දෙන්නෙක් එකට ඉන්නකොට තමයි එයාලගේ කැමති අකමැති දේවල් දැන ගන්න පුලුවන්. අද සමාජයේ වැඩිහිටියො තවම ලිවින් ටුගෙදර් සංකල්පය පිලි ගන්න කැමති නෑ.’’
මේ විදියටයි හේෂානි ලියදිපිට ඇගේ අදහස් දක්වලා තිබුණේ.