බැන්දහම කලාවෙන් අයින් වෙනවා - ආදරය ගැන ප්‍රථමයෙන් හෙළි කල ශලනි



ශලනි තාරකා කිව්වහම ඇයට ආදරේ කරන්න කලාවට ආදරේ කරන ඕනෙම කෙනෙක් ඇය පිළිබඳව දන්නවා.ඒකට හේතුව ඇය අති දක්ෂ කලාකාරිණියක් විදිහට විවිධ ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු නිසයි. ඉතින් මේ සුන්දර කලාකාරිනිය ගැන කතා කරද්දී අනිවාර්යෙන්ම කියන්න ඕනේ ඇය එක්තරා අවස්ථාවකදි දක්ෂතම නිළියක් ජනප්‍රියම නිළියක් වෙන්න වාසනාව හිමිකර ගත්තා කියන දේ.ඒ එක්කම එකම වේදිකාවක් තුළ.

ඒ විදිහට විදිහටම කලාව තුළින් ඇගයීම් ලබන ශලනිට කලාවට ආව මුල් කාලේදී නම් විවිධ හැල හැප්පීම්වලට මුහුණ දෙන්න ලැබුණා.නමුත් ඒ සියලුම දේවල් ජීවිතයට ආශිර්වාදයක් කර ගත්තු ඇය වැඩි වශයෙන්ම වශයෙන් ම රංගනයෙන් දායකත්වය දැක්වූ ඒ ටෙලි නිර්මාණ වලට.ඇය සිනමාව තුළ දකින්නට නැති තරම්.නමුත් ඇය චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා.ඒත් ඒ චිත්‍රපටයේ තවම තිරගත වෙලා නැහැ කියලත් ඇය සඳහන් කළා.

මේ වන විට ජීවිතයේ යොවුන්විය පසුකරගෙන කාලය ගතකරන ඇයව කසාද බඳින වයසත් ඇවිල්ලා කියලා තමයි ගොඩක් අය කියන්නෙ. නමුත් ඇය කවුද කසාද බඳින්නේ මොන වගේ කෙනෙක්ද කියන එක පිළිබඳව නම් තාම කවුරුත් දන්නේ නැහැ.ආදරය ගැන අහපුවාම ඇය ආදරේ ආදරය සහ විවාහ උනහම කලාව පිළිබඳව දන්න තීරණ පිළිබඳව සති අග පුවත්පතකට අදහස් දක්වලා තිබුනේ මේ විදිහටයි.

“ආදරය ආදරයක් වෙන්නේ හරිම කෙනා ලැබුණු දාට.ඒ වගේ ආදරයක් මම දැන් විඳිනවා.නිළියක් විදිහට ඇත්තටම සතුටින් මම.නිළියක් විදිහට මම මගේ ජීවිතයේ යන්න ඕනෑ ඉහළටම දැන් ඇවිත් තියෙන්නෙ. පොඩි වයසකදී ජනප්‍රිය නිළිය හොඳම නිළිය සම්මාන දෙකම එකම වේදිකාවෙන් ලැබීම මම ලබපු ලොකු ජයග්‍රහණයක්.අවුරුදු දාහතක් පුරාවටම මට කන්න අදින්න වාහනයක් ගෙයක් මේ හීන සියල්ල සැබෑ කරගත්ත කලාවෙන්.ඒකට මම කලාවට හැමදාමත් පිං දෙනවා.ජීවිතයේ සතුට මට දුන්නේ කලාව. බැන්දට පස්සේ යම් තැනකදී කලාවත් හරින්න වුනොත් උනොත් ඇය ගන්න තීරණය ගැන ආපුහාම ශලනි කිව්වේ මේ වගේ දෙයක්.

“මේ ක්ෂේත්‍රයට එද්දි ම මම දාගෙන ආපු නීතියක් තමයි බැන්දට පස්සේ කලාවෙන් අයින් වෙනවා කියන එක.විවාහ වෙලා ළමයි හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න.ඒ වගකීම ගන්න මම කැමතියි.විවාහයත් එක්ක යම් දවසක සමුගන්න වුනොත් මට සතුටෙන් සමු ගන්න පුළුවන් පසුතැවීමක් දුකක් නැහැ.”


ඉතින් ඇය තමන් මේ වන විටත් ආදරවන්තයා කියලා සඳහන් කළා ඒ වගේම විවාහ උනහම කලාවත් එක්ක සම්බන්ධ නොවී ඉන්න තමයි ඇයගේ අරමුණ. කෙසේ නමුත් ඇයගේ පෞද්ගලික ජීවිතය තුළ ආදරය ජයග්‍රහණය කරලා ඒක සාර්ථක විවාහ ජීවිතයකින් පටන් ගන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.





Previous Post Next Post