අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. ඉතින් පුංචි තිරය හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇයව මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානයට ඇයව නිර්දේශ වෙලා තිබුනත් ඇය එම සම්මානය ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඇය රඟපාන ස්නේහාගෙ චරිතයට රසිකයින්ගෙන් පුදුම ආදරයක් ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම පහුගිය කාලයේ ඇයට ඩෙංගු හැදිලා හිටපු නිසා ටෙලි නාට්‍යයේ ඇය පේන්න නැහැ කියලා ගොඩක් දෙනා කලබල වුණා කියලත් ඇය කියනවා. ඉතින් සමහරු කියලා තිබුණාලු ඇය නැත්තම් ටෙලි නාට්‍යය බලන්නෙත් නැහැ කියලා. ඒ නිසාම ඒ අදහස්වලින් ඇය තේරුම් ගත්තාලු කවදාහරි ඇය අයින් වෙන්න හැදුවත් ඇයට ආදරය කරන රසිකයෝ ඒකට ඉඩදෙන එකක් නැහැ කියලා.
කොහොම නමුත් මේ දවස්වල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන හීනයකි මේ ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඇය ටිකක් දඟකාර චරිතයක් තමයි රඟපාන්නෙ. ඉතින් පහුගිය කාලෙ ඇය වැඩිපුර රඟපෑවෙ ටිකක් බැරෑරුම් අභියෝගාත්මක චරිත වුනත් බරපතළ විදිහට හිතන්නෙ නැති, සැහැල්ලු, දඟකාර චරිතයකට දායක වුණේ බොහෝ කාලයකට පස්සෙ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය වෙනුවෙන් ඇයට මනාපය පළ කරලා sms එවන්න එපා කියලා ඇය රසිකයන්ගෙන් ඉල්ලුවා වගේම සුමති සම්මාන උළෙලෙ සංවිධායකයන්ගෙනුත් ඇය ඉල්ලුවාලු ඇයව ජනප්‍රිය නිළියට හිමි සම්මාන කාණ්ඩයෙන් අයින් කරන්න කියලා.
ඉතින් ඇය එහෙම කළේ ඇයට දැන් ජනප්‍රිය නිළිය කියන කාණ්ඩයෙන් සම්මාන අවශ්‍ය නැති නිසා කියලයි ඇය කියන්නේ. හැබැයි කාලයක් තිබුණාලු ඇයත් ජනප්‍රියම නිළිය විදිහට සම්මාන ලබන්න හීන දැකපු. ඉතින් ඒ හීනය සැබෑකරගෙන සම්මාන උළෙලෙවල් කීපයකදීම ජනප්‍රිය නිළිය විදිහට නිර්දේශ වෙලා සම්මානත් ලබා ගත්තා කියලත් ඇය කියනවා. ඒ වගේම තවත් රංගන ශිල්පිනියකට ඉදිරියට එන්න අවස්ථාව ලබාදෙන්න ඕනයි කියන අදහසේ ඉඳගෙන තමයිලු ඇය ජනප්‍රිය සම්මාන කාණ්ඩයෙන් ඉවත් වෙන්න තීරණය කළේ.මොකද ඇයම හැමදාම ජනප්‍රිය නිළිය විදිහට ක්ෂේත්‍රයේ වැජඹෙන්න ඕන කියලා අදහසක් ඇයගේ හිතේ නැහැ කියලත් ශලනි කියනවා. ඉතින් තවත් රංගන ශිල්පිනියක් ඉදිරියට ඇවිත් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා දකින්න ඇය ගොඩක් කැමතියිලු.