මම කොට ඇඳුම් අඳින්නේ ඔයාලට මගේ ඇඟ පෙන්වන්න නෙවෙයි – සචින්තනී කෞෂල්‍යා



මේ දවස්වල හැමෝම ගොඩක් ආදරෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි සිරස ටීවී නාලිකාවේ විකාශනය වෙන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍ය, ඉතින් මේ ආදරනීය ටෙලිනාට්‍ය ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි දිගැසි කියන්නේ, ඉතින් මේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ දිගැසි කියන චරිතයට පන පොවන්නේ ලංකාවේ ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් ඇය තමයි සචින්තනී කෞෂල්‍යා, ඉතින් අපි අද අපේ කතා බහට එකතු කරගත්තේ ඕනෑම කෙනෙක් වශීවෙන සුන්දර රංගන ශිල්පිනියක වන සචින්තනීවයි,


සචින්තනී කොහොමද ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල..? 


”මේ දවස්වල හොඳින් ඉන්නවා, ඒ වගේම ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ෂූටින් නිසා ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නේ, ඒ වගේම තමයි මම කොළඹ කැම්පස් එකේ නීතිවේදි උපාධිය මම හොඳින් සමත් වුණා, ඉතින් දැන් මම නීතිඥවරියක් වීම සඳහා නීති විද්‍යාලයේ ඉගන ගන්නවා, මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි නීතිඥවරියක් වගේම රංගනයත් සමබරව කරගෙන යන එක”


කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ රඟපාන යශ් වීරසිංහ සහ ඔයා පෙම්වතුන් කියලා ගොඩක් අය කියනවා, මොකද්ද ඒ කතාවේ ඇත්ත නැත්ත..? 


”ඒ කතාව සම්පුර්ණ බොරුවක් යශ් කියන්නේ මගේ ගොඩක් හොඳ යාලුවෙක්, හැබැයි ඉතින් අපිට් ආදරේ කරන ප්‍රේක්ෂකයන්නම් කැමති අපි පෙම්වතුන් වෙනවට, හැබැයි යශ් සහ මගේ අතර තියෙන්නේ යාළුකමක් විතරයි එතනින් එහාට ගියපු සම්බන්දයක් අපි අතර නෑ,”


කලින් හිටියට වැඩිය දැන් ඔයා ගොඩක් ලස්සන වෙලා මොකද්ද රහස ”


නිලියක් වුනාම එම විදියට ඉන්න බෑ නේ, ඇඟේ හැඩය ලස්සන ගැන හිතන්න ඕන, එහෙමයි කියලා මම ලස්සන වෙන්න කෘතීම දේවල් පාවිච්චි කරන්නේ නැහැ, ජිම්යනවා ජිම් එක නිසා තමයි ෆිගර් එක හැඩ වුනේ, ඒ වගේම ස්භාවික දේවල් පාවිච්චි කරනවා”


සමාජ ජාලා තුලින් ඔයාගේ පෞද්ගලික ජීවිතය ගැන එක එක ඒවා කියලා ගොඩක් අය කමෙන්ට් කරනවා නේද..? 

”මෙහෙමයි මම අඳින ඇඳුම් පැළඳුම් සහ මගේ බාහිර පෙනුම ගැන කියලා එක එක අය විවේචනය කරනවා, මට විතරක් නෙවෙයි ලංකාවේ හැම නිලියකටම එහෙමයි, හැබැයි මම දකින විදියට එහෙම විනිෂ්‍ය කරන්න කිසිම අයිතියක් නෑ, අපේ නිර්මාණ රස විඳිනවා හැරෙන්න ඒ අයට අපේ පුද්ගලික ජීවිතය අදාළ නෑ, මම සාමාන්‍යයෙන් අවශ්‍ය තැනට ගැලපෙන විදියට ඇඳුම් අඳින කෙනෙක්, මම කොට ඇඳුම් අඳින්නේ මගේ ඇඟ පෙන්වන්න නෙවෙයි, ලස්සනට පේන්න සහ නිදහස්ව පහසු විදිහට ඉන්න ඕන නිසා.”






Previous Post Next Post