මම ආදරය උපරිමයෙන් විදිනවා, ප්‍රශ්න බාධක මැද මගේ ආදරේ ගලාගෙන යනවා - රංගි රාජපක්ෂ



නිරූපන ක්ශේෂ්ත්‍රය තම වෘත්තිය කරගත් ඒ සුරූපිනිය තමයි රංගි රාජපක්ෂ කියන්නේ. නිරූපන ක්ශේෂ්ත්‍රය තම වෘත්තීය කරගත් රංගි පසුව වෙළද දැන්වීම් ක්ශේෂ්ත්‍රයට පැමිණ මේ වන විට වෙළද දැන්වීම් 50කට සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මේ දිනවල පුංචි තිරය හරහා ටෙලිනාට්‍යය දෙකකින් ඇය අපි අතරට එනවා. ඒ චන්දෝලි සහ නොනිමි ටෙලිනාට්‍යය හරහා. ඉති රාවණා සහ සල්සපුනා ටෙලිනාට්‍යය තුලින් ටෙලිනාට්‍යය කලාවට ආව රංගි මේ වනවිට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් විදිමින් සිටිනවා.

තවම ක්ශේෂ්ත්‍රයට අලුත් කෙනෙක් වන රංගි සිනමා නිර්මාණ තුනකටත් තම රංගන දායකත්වය ලබා දුන්නා. ඇය සදහන් කරන ආකාරයට ඇයට ක්ශේෂ්ත්‍රයේ වැඩ කරන ප්‍රවීනයන්ගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්. ඒ ගැන වගේම රංගි රාජපක්ෂ ඇගේ ජීවිතයේ තොරතුරු මේ විදියටයි ප්‍රේක්ෂකයන් සමගින් බෙදා ගත්තේ.

” මම ආදරය උපරිමයෙන් විදිනවා. ප්‍රශ්න බාධක මැද ගෙනියන ආදරය හරි සුන්දරයි. සම්මානයක් ගන්න එක හැම රංගන ශිල්පියෙක්ගෙ වගේම ශිල්පිනියකගේ හීනයක්. මම ආස කවදහරි දක්ෂ නිළිය විදියට සම්මානය ලබා ගන්න.දැනට මට ලැබිලා තියෙන හොදම සම්මානය තමයි ප්‍රේක්ෂක ආදරය.”


මේ විදියටයි රංගි ඇගේ අදහස් දක්වලා තිබුණේ.





Previous Post Next Post