ජනප්‍රිය ගායක සදුන් පෙරේරාගේ බිරිදට ලැබෙන්න ඉන්නේ පුතෙක්ලු




ශ්‍රී ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රයට කාලෙන් කාලෙට තරු බිහිවෙනවා. ටික කාලයක් බෙහෙවින් ජනප්‍රිය වෙලා ආයෙත් ඔවුන්ව දැක ගන්න ලැබෙන්නේ නෑ. නමුත් ඔහුනම් ජනප්‍රියත්වය එක විදියටම රදවාගෙන ඉන්න රසිකයාගේ හදවතටම ගීත ගායනා කරන කෙනෙක්.


සදුන් පෙරේරා කිව්වම මේ වන විට ප්‍රාසාංගික වේදිකාවට ඔහු නැතුවම බැහැ. ඒ වගේම සංගීත ප්‍රසංග නිසා ඉතාම කාර්යබහුල සදුන් පෙරේරා දෙස් විදෙස් ප්‍රසංග සදහා සහභාගි වෙනවා. ඉතින් ඒ විදියට ඉහල ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්න සදුන් පෙරේරා ගායන කරන ගීත විදියට නෑරම, ඔබ මගෙ හදවතේ පැළදුවා, ආයෙත් වරක්, අමුතුම මලක් වැනි ඔහුගේ ගීත ඉතා ජනප්‍රියයි.


ඉතින් මේ වන විට විවාහ වෙලා ඉන්න සදුන් පෙරේරා ගැන සුබම සුබ ආරංචියක් අපිට අහන්න ලැබුණා. ඒ ඔහු උතුම් පිය පදවිය ලබන්න සූදානම් වෙලා කියලයි. ඉතින් ජනප්‍රිය ගායක සදුන් පෙරේරාගේ ලැබෙන්න ඉන්න දරුවගේ ජෙන්ඩර් රිවීල් එක හරි අපූරුවට ඔවුන්ගේ හිතවතුන් විසින් සිදු කරලා තිබුණා.





Previous Post Next Post