සැමියා මට වඩා අවුරුද්දයි වැඩිමහල්, මම එයාට මටත් වඩා ආදරෙයි - හේෂානි ලියදිපිට.



‘ධරණි’ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයා අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වුණු ඇය හේෂානි ලියදිපිට. ඉතින් කවුරුත් ආදරය කරන හේෂානිගේ ධරණි ටෙලිනාට්‍යයේ චරිතයට සාපේක්ෂව වෙනස්ම චරිත රංගනයක් ‘ලොක්කි’ ටෙලිනාට්‍යය තුලින් ඉදිරියේදී අපිට දැක ගන්න ලැබෙනවා. විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු ඉවර කර සිටින හේෂානි ගැන ගොඩක් දෙනෙක් කතා බහ කරන්නට වුණා.

හේෂානි ගැන ගොඩ දෙනෙක් කතා බහ කරන්නට වුණේ පසුගිය දා ඇගේ විවාහ ගිවිස ගැනීම සිදු කිරීමත් එක්කයි. ඇගේ සැමියා තමයි ගිශාන් ශාලිත් දිසානායක. ඔහු අධ්‍යාපන කටයුතු නිමකරලා මේ වන විට රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින්නේ. ඉතින් හේෂානි ඇගේ සැමියා ගැන මේ විදියටයි පුවත් පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” ගිශාන් මට වඩා අවුරුද්දක් වැඩිමහල්. අපි දෙන්නගෙ ආදර කතාව ආරම්භ කරලා ටික කාලයක් වුණත් ඒ ගැන මම කිව්වේ මගේ උපන්දිනය දවසේ. යාලුවෝ නම් දැනගෙන හිටියා. නමුත් මාධ්‍යට කිව්වේ උපන්දිනේ දවසේ. මට ගොඩක් කට්ටිය සුබ පතලා තිබුණා. විවාහ ගිවිස ගැනීමට සුදුසු කාලය නිසා හැමෝගෙම ආශිර්වාදය ඇතුව විවාහ ගිවිස ගත්තා.

මාව කවදාවත් කලාවෙන් ඈත් කරන කෙනෙක් නෙමෙයි ඔහු. එයා මට හැමදාම කියන්නේ කරන දේ හරියටම කරන්න කියලා. එයා කැමතිම මම සම්මානයක් ගන්නවා බලන්න. මට මං වගේ ඉන්න නිදහස දුන්න කෙනෙක් ඔහු. ඉතින් මම මටත් වඩා ඔහුට ආදරෙයි. අපි දෙන්නගෙ ලොකු ලොකු බලාපොරොත්තු නෑ. අපිට ඕන මව්පියන් එක්ක සතුටින් ජීවත් වෙන්න. එයාගේ උපාධියෙන් පස්සේ අපි විවාහය ගැන සැලසුම් කරන්නේ.”


මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී හේෂානි ලියදිපිට ඇගේ අදහස් දක්වලා තිබුණේ.





Previous Post Next Post