තාත්තා මට කිසිම වෙලාවක ක්ශේෂ්ත්‍රයට එන්න කියලා බල කලේ නෑ - ඉෂාරා අතුකෝරල



නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුළ දක්ෂතා දක්වන කෙනෙක් තමයි ඉෂාරා අතුකෝරල. ඇය ගැන නමින් කිව්වට වඩා ගොඩක් දෙනෙක් හදුනන්නේ අපේ රටේ ප්‍රවීන රංගන ශිල්පියෙක් වන ආනන්ද් අතුකෝරලගේ දියනිය කියලා. ඉතින් ඉෂාරා රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් වගේම මේ දිනවල පුංචි තිරය හරහා දැක බලා ගන්න පුලුවන්.ඒ ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ රුක්ෂානාගේ හොදම යාලුවා විදියටයි. ඉතින් කවුරුත් හදුනන ඉෂාරා මීට අවුරුදු 10කට පමණ පෙර ඇය ‘ආත්මා’ කියලා ටෙලිනාට්‍යයක රංගනය කරලා තිබුණා. එය තමයි ඇගේ පළමු රංගන නිර්මාණය. ඉතින් රංගනයට මේ වන විට බෙහෙවින් ආස කරන ඇයට රංගනය සදහා පියාගෙ ලැබෙන සහයෝගය ගැන කිව්වේ මේ විදියටයි.


” මට ඉස්සර රංගන වරම් ලැබුණා තාත්තා නිසා. නමුත් ඒ කාලේ මම රංගනයට කැමති නැති නිසා තාත්තා මාව රංගනයට යොමු කලේ නෑ. නමුත් මම නිවේදනයටනම් කැමැත්තෙන් හිටියේ. නමුත් තාත්තා කැමැත්තෙන් ඉදලා තියෙනවා කියලා දැන් තමයි තේරෙන්නේ. දැන් මගේ රගපෑම් නිවේදනයන් බලලා අඩුපාඩු කියලා දෙන්නෙ මගේ තාත්තා.”


මේ විදියටයි ප්‍රවීන රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරලගේ දියණිය ඉෂාරා අතුකෝරල අදහස් දක්වලා තිබුණේ





Previous Post Next Post