මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු නිවුන්නු දෙන්නෙක් තමයි අනුෂ්කි සහ කනුෂ්කි කියන්නේ. නර්තනයට පොඩි කාලේ ඉදලම දක්ෂතා දක්වපු දෙදෙනෙක් තමයි ඔවුන් දෙදෙනා. රංගනයට ලොකු ආසාවක් තිබුණේ නැතත් ඔවුන් දෙදෙනා ඉතාම අහම්බෙන් තමයි කලා ක්ශේෂ්ත්‍රයට ආවේ
ඉතින් ඔවුන් දෙදෙනාගේ යූ ටියුබ් නාලිකාව හරහාත් ප්‍රේක්ෂකයන්ට අනූගේ සහ කනූගේ නර්තනයන් දැක ගන්න පුලුවන්. ඉතින් කලා ජීවිතය තුළ අනූට සහ කනූට ඔවුන්ට ලැබුණු මුල් නාට්‍යය තුළ ප්‍රධාන චරිතය කිරීම ලොකු අභියෝගයක්. ඉතින් ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න පුලුවන් වුණු අනූ සහ කනූ ඔවුන්ගෙ අදහස් ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.
” අපි දෙන්නා පිටිපස්ස හැරිලා ඉන්නකොට ගෙදර අයටත් අපිව අදුනගන්න අමාරුයි. ඒ තරමටම අපිදෙන්නා එක වගේ. පොඩි ළමයි අපි දෙන්නට ගොඩක් ආදරෙයි. අපි තව ආදරයක් ගැන හිතුවෙ නෑ. මොකද අපි තවම චූටිනෙ. අපිට ගොඩක් ප්‍රේම ආරාධනා ලැබෙනවා. අපි දෙන්නට අපි දෙන්නා නැතුවම බෑ. අපිව හැමෝටම පැටලෙනවා. එකම ලියුම අපි දෙන්නටම දෙනවා. අපි දෙන්නගෙ බලාපොරොත්තුව ගුරුවරියන් වීමයි. ඒ සදහා උපරිමයෙන් ඉගෙන ගන්නවා.”
මේ විදියටයි අනුෂ්කි සහ කනුෂ්කි ඔවුන්ගේ අදහස් දක්වලා තිබුනේ.