අපි දෙන්නගෙ ලොකු යාලුකමක් කොහෙත්ම තිබුණෙ නෑ - නයනා කුමාරි



 කලා ක්ශේෂ්ත්‍රය තුළ කාලයක් සිට රංගනය කරමින් රසික ආදරය ඉහලින්ම ලබා සිටි කෙනෙක් තමයි නයනා කුමාරි කියන්නේ. එදා පෙම්වතිය විදියට පුංචි තිරයෙන් ඇයව දැක බලා ගත්තට දැන්නම් ඇයව දැක ගන්න ලැබෙන්නේ අම්මා චරිතය හරහා. ඉතින් මේ විදියට අම්මෙකුගේ චරිතය රග දක්වන නයනා රිදී තිරය හා වේදිකාවද පුංචි තිරය මෙන්ම තමා සතු කරගන්නට සමත්කම් දක්වපු කෙනෙක්.

මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වෙන ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ විශාල්ගෙ අම්මා විදියටයි ඇය අපි අතරට එන්නේ. මීට පෙර ඇය හිරු නාලිකාවේම විකාශය වෙන මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේ ඇය රංගනයෙන් දායක වුණා.

ඉතින් මේ විදියට විවිධ චරිත හරහා අපි අතරට එන නයනා කුමාරි වෙනද තරම් ටෙලිනාට්‍යය සදහා සහභාගි වෙන්නෙ නෑ. ඒ ඇය රංගනයට අමතරව කරගෙන යන ව්‍යාපාරයත් එක්කයි. ඇය රූපලාවන්‍යාගාරයක් කරගෙන යනවා. ඉතින් ඒ එක්ක ගොඩක් කාර්‍යබහුල වෙලා ඉන්න නයනා කුමාරි ඉතා සීමිත නිර්මාණ සදහායි ඇගේ කාලය වෙන් කරන්නේ. ඉතින් කවුරුත් දන්න හොදම යාලුවන් දෙදෙනෙක් තමයි නයනා කුමාරි සහ ගයත්‍රි ඩයස් කියන්නේ. ඉතින් මේ දෙදෙනා ගැන සමාජ මාධ්‍ය හරහානම් විවිධ කතා අසන්නට ලැබෙනවා. ඒ කොහොම වුණත් ඒ ගැන නයනා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මගෙයි ගයත්‍රිගෙයි එහෙමට ලොකු යාලුකමක් තිබුණේ නෑ. අපි ඉස්සර නිදහසේ ඉන්න කාලේ එකට එලියට ගියා. කෑවා බිව්වා. නමුත් දැන් අපි කාර්යබහුලයි. ඒ නිසා දැන් හම්බවෙන්නෙ නෑ. එයා එයාගෙ වැඩ. මම මගේ වැඩ. එයා රට යනවා කියලා මට කිව්වෙ නෑ.”





Previous Post Next Post