කාලයක් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වුනු රියැලිටි වේදිකාවෙන් කළා ක්ෂේත්රයට පිවිසි දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි තීක්ෂණ අනුරාධ කියලා කියන්නේ. කොහොම නමුත් දැන්නම් ඔහුව ප්‍රසංග වේදිකාවෙන් දකින්න නැති තරම්. ඉතින් ඒ වගේම ඔහු මේ වෙද්දී සංගීත අධ්යක්ෂවරයෙක් හැටියත්ට කටයුතු කරනවා. ඒ වගේම ඔහු කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය බිරිඳයි දරුවෝ දෙන්නයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බව කාටත් රහසක් නම් නෙවෙයි.
ඒ වගේම ඔහුගේ ස්ටූඩියෝ එක තියෙන්නේ ගෙදර නිසා ගෙදරම ඉදලා සංගීත නිර්මාණ අධ්‍යක්ෂණය කරනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහුට අලුත් ටෙලි නාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් එක්කම මහ රෑට ප්‍රසංගවලට ගිහිං උදේ පාන්දර ගෙදර ඇවිත් දවල් වෙනකල් නිදාගත්ත සුන්දර කාලයක් ඔහුටත් තිබ්බා කියලයි ඔහු කියන්නේ. ඉතින් කොච්චර මහන්සි වුණත් ඒ ජීවිතේ වින්දා කියලත් ඔහු කියනවා.
ඉස්සර දවසට ෂෝ හතර පහ ගන්නවා වගේම ඒවට යන්නේ ට්‍රිප් යනවා වගේ කියලයි ඔහු කියන්නේ. ඉතින් බිරියයි ඔහුයි හරි ආසයිලු ට්‍රැවල් කරන්න. එයාලගෙ විනෝදාංශය ඒක. ඒ නිසා දෙන්නා එක්ක දරුවෝ හදන්න කලින් ජීවිතේ සැලසුමක් විදිහට වයස 30 වෙනකල් විනෝද වෙනවා කියලා එයාලා තීරණය කරලලු තිබුනේ. ඉතින් කොහේ ගියත් බිරිඳ එක්ක යන නිසා අමාරුව දැනෙන්නේ නැහැ කියලත් ඔහු කියනවා.
ඒ වගේම මේ දෙන්නා විදෙස් සංචාර සඳහාත් සම්බන්ධ වුණේ එකටමලු. දැනුත් ගෙදර ඉදලා වැඩ කරත් පුළුවන් හැම ප්රසංගයකටම ඔවුන් හතර දෙනාම යනවා. කොහේ ගියත් පවුලම එකටලු යන්නේ. සුපර් මාර්කට් යන්නෙත් පවුල පිටින් නිසා ඒක දැන් පුරුදු වෙලා කියලයි තීක්ෂණ කියන්නේ. ඒ වගේම දරුවෝ දෙන්නා එක්ක ගෙවන ජීවිතේ හරිම සුන්දරයි කියලත් ඔහු කියනවා. ලොකු පුතා ඒඩ්න් ලුක් අනුරාධ, වයස අවුරුදු පහ මාරයි. පොඩි පුතා තමයි ජේඩ්න් ජෙක් අනුරාධ.
ඒ වගේම ඔහු විවාහ වෙලා තියෙන්නේ අවුරුදු 25න්. ඉතින් ඔහු හම්බ කරලා බිරිඳට සල්ලි ටික දෙන නිසා දෙන්නම ඒක හරියට කළමනාකරණය කර ගන්නවා. ඒ වගේම ඔවුන් ප්ලෑන් කරාලු ඉඩමක් අරගෙන ඒ ඉඩමේ මේ කාලේ වෙනකොට ගේ හදලා ඉවර කරන්න. මොකද ඔවුන් හිටියේ රෙන්ට් එකට නිසා. ඉතින් හිතපු කාල සීමාවට කලින් ගේ හදලා වාහනේකුත් ගත්තා කියලයි ඔහ කියන්නේ. ඉතින් වාහනයක් ගත්තෙත් ගමන් පහසුවට මිසක් මිනිස්සු කරන නිසා නෙමෙයි කියලත් ඔහු කියනවා.
ඒ වගේම දැන් රුපියල් 1000ක් වැඩිපුර තිබ්බත් කම්මැළි නොවි ගිහිං බැංකුවට දාන නිසා ලොකුවට ආර්ථික ප්‍රශ්න දැනෙන්නේ නැහැ කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ප්‍රසංග අඩු වුණත් ඔහු ඔහුගේ ඔක්ටෙව් විත් තීක්ෂණ අනුරාධ කියන සංගිත කණ්ඩායම පවත්වාගෙන යන නිසා ආර්ථික ප්‍රශ්න තේරෙන්නේ නැහැ කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.