මට ප්‍රසංග දීපු හැමෝම දන්නවා මම කවුද කියලා - දිල්කි උරේෂා

 


ප්‍රසංග වේදිකාවක ඇති වූ සිදුවීමක් පිළිබඳව ජනප්‍රිය ගායිකා දිල්කි උරේෂා සම්බන්ධව සමාජ මාධ්‍යයේ විවිධ සටහන් සහ වීඩියෝපට හුවමාරු වෙනවා ඔබත් දකින්න ඇති. ආශාවරි සංගීත කණ්ඩායම සමඟ පැවති මෙම ප්‍රසංගයේදී දිල්කි ගීත දෙකක් පමණක් ගයා වේදිකාවෙන් බැසගිය පුවතක් එලෙස හුවමාරු වෙනවා. කෙසේ නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් ඇය ෆේස්බුක් ලයිව් පැමිණ මේ විදියට අදහස් දක්වා තිබුණා.


“පෙරේදා දිනයේ ආශාවරී එක්ක මට ප්‍රසංගයක් තිබ්බා… ඊයෙ මට ප්‍රසංග තුනකට සහභාගී වෙන්න තිබ්බා…. සිංදු දෙකයි පුතේ මම කියන්නෙ කිව්වා … අනවුන්සර් මහත්මයාට මොකක් හරි මම එක්ක ප්‍රශ්නයක් ඇති..ඒ නිසා මම සිංදු දෙකයි කිව්වෙ කියන එක වෙන විදියකට හයිලයිට් කරා… මම පුතාලා එක්ක සිංදු කියන්න බැරි හින්දා ආවා කියලා….. දෙයක් විවේචනය කරන්න කලින් මොකක්ද වුණේ කියලා හොයලා බලලා විවේචනය කරන්න…

මම ඒ පුතාලට පෞද්ගලිකව කතා කරලා සුබපතලා තියෙන කෙනෙක්… මට ඉස්සරහටත් එයාලා එක්ක වැඩ තියෙනවා… මට ප්‍රසංග දීපු හැමෝම දන්නවා මම කවුද, මම කොහොමද වැඩ කරන්නෙ කියලා… සිංදු දෙකත් මම කියාගත්තෙ කඳුළු හිරකරගෙන… ඒ තරමට ප්‍රශ්නෙ වුණා… ඔයාලා ඉන්නෙ වැරදි වැටහීමක… අපිත් මනුස්සයෝ… වැරදි වැටහීමක ඉන්න එපා කියලා කියන්න මම ලයිව් එකක් ආවේ…. අපි දෙගොල්ලො අතර ප්‍රශ්නයක් නෑ… මම වැරැද්දක් නොකර මේ වචන අහන්නෙ.. එතන වුණේ පෞද්ගලික ප්‍රශ්නයක්… අනවුන්සර් කරපු කෙනාට මං එක්ක ප්‍රශ්නයක් තියෙන්න ඇති… මමත් පුංචි තැනක ඉඳලා ආපු කෙනෙක්.. දෙයක් හොයලා බලලා හරියට කතා කරන්න……”





Previous Post Next Post