වේදිකාව, සිනමාව, පුංචි තිරය මේ හැම ක්ශේෂ්ත්‍රයකම දක්ෂතා දක්වපු කෙනෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ. ඔහුගේ ආදරණීය දියණිය තමයි අමන්ද්‍යා උත්පලී කියන්නේ. ඇය සහන් රන්වල බලකායෙන් කලා ක්ශේෂ්ත්‍රයට පැමිණ මේ වන විට කලා ක්ශේෂ්ත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් වෙලා. ඇය රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යය දෙකක් මේ වන විට පුංචි තිරය හරහා විකාශය වෙනවා. ඒ Key නාට්‍යය සහ නොනිමි ටෙලිනාට්‍යය තුළින්. ඉතින් මේ ටෙලිනාට්‍යය දෙකත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න අමන්ද්‍යා ටෙලි තිරයට පිවිසුණේ ඇගේ පියාත් රංගනය කල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය හරහායි.
ඉතින් රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්ද වන අමන්ද්‍යා ඒ නවතම ගීතයක් ඇය එළිදක්වන්නට සූදානමින් ඉන්නවා. ඉතින් කලාව උපතින්ම පිහිටලා තිබෙන අමන්ද්‍යාගේ කලා ගමන ගැන මේ විදියටයි ඇය පුවත් පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මම පොඩි කාලේ පාසලේ වේදිකා නාට්‍යයවල රගපෑවා. මම රංගනයට කැමති වුණත් තාත්තා මාව රංගනයට යොමු කලේ නෑ. එයා කැමතිවෙලා හිටියේ මම ගායිකාවක් වෙනවට. නමුත් දැන් මම රගපාන හැම එපොසෝඩ් එකක්ම තාත්තා බලනවා. මගේ හොදම රසිකයො දෙන්නා මගේ තාත්තයි මහත්තයයි. මට හිතෙනවා තාත්තට සතුටු ඇති කියලා මගේ රංගනය දැකලා. ‘’
මේ විදියටයි අමන්ද්‍යා ඇගේ කලා ගමන ගැන අදහස් දක්වලා තිබුණේ.