පාර අයිනේ බර්ගර් විකුණන රටම දන්න ආදරණීය නලුවා සහ සුරූපී දියණිය



 ලාංකීය කලා ක්ෂේත්‍රයේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ආනන්ද අතුකෝරල කියන්නේ. ඉතින් ඔහුට ඉතාමත් සුරූපි දියණියක් සිටිනවා ඇය නමින් ඉෂාරා අතුකෝරල.


මේ තාත්තයි දුවයි ගැන හදිසියේම කතාබහක් ඇතිවෙන්නෙ ඒ දෙන්නා බර්ගර් විකුණන වීඩියෝ එකක් බුකියේ පැතිර ගිය නිසයි. ඇත්තටම මොකද්ද මේ කතාව..


ඒ ගැන කියූ ආනන්ද අතුකෝරළ,

"සම්බැරීන් බර්ගර් හොට් බර්ග් වගේ දේවල් තියෙන ෂොප් එකක් දැම්මා. දුවගෙන් යෝජනාව ආවේ. යෝජනාවට හේතුව වුණේ නෝනා.. වර්ණනා කරනවා යාලුවෝ එහෙමත් නෝනාගේ කෑම රහයි කියලා. දුව කිව්වා මේකෙන් ප්‍රයෝජනයක් ගමු කියලා.. ආනා ෆැට්ස් කියලා පොඩි බර්ගර් ෂොප් එකක්. මාලබේත් තියෙනවා, අතුරුගරියෙත් තියෙනවා..." 

මේ වගේ දෙයක් කරන්න ඇත්තටම අවුලක් වුණේ නැද්ද රංගන ශිල්පියෙක් වෙලා? මිනිස්සු දන්න අඳුරන අය වෙද්දි?

"අපි රඟපාන්නෙ කැමරාව ඉදිරියේ දී විතරයි. මම දුව මෙහෙමයි.. අපි සාමාන්‍ය මිනිස්සු..."


ආනන්දගේ දුව කිව්වෙ මෙහෙම කතාවක්..


"සාමාන්‍යයෙන් අපි අපිට පුළුවන් මට්ටමට කරන්න ඕනි. ලොකු ලොකු රෙස්වුරන්ට් දාන්න පුළුවන්කමක් නෑ අපිට. අම්මාගේ කෑම රහ නිසා මම කිව්වා තාත්තාට පොඩියට පටන්ගමු කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපේ තත්ත්වයට මදි වගේ, මම ගෑනූ ළමෙක්. නමුත් මමත් මෙතන ඇවිත් බර්ගර් හදනවා. හැබැයි මට ඒක ලැජ්ජාවක් එහෙම නෑ. පොළවේ පය ගහලා ඉන්න චරිතනේ අපි.."

"හැබැයි ඉතින් අපිට තියෙන ප්‍රසිද්ධකම මේක දියුණු වෙන්න හේතුවක් වුණා.." කියලයි ආනන්ද අවසන් වශයෙන් කිව්වේ.





Previous Post Next Post