පෞද්ගලිකත්වය ඕනවට වඩා පෙන්නන්න හොඳ නෑ - ශානක උදීශ



 දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා 2012 අවුරුද්දේ ක්ෂේත්‍රයට ආපු ඔහු ශානක උදීශ. කුඩා කාලයේ ඉදලම සංගීත ක්ශේෂ්ත්‍රයට දක්ෂතා දක්වන ශානක සංගීත ක්ශේෂ්ත්‍රය නිසාවෙන්ම රංගන වරම් ලබා ගන්නවා. ඒ මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන දෙරණ නාලිකාවේ විකාශය වෙන ‘සංගීතේ’ ටෙලිනාට්‍යය හරහා. එහි රොකී විදියට නපුරු චරිතයකට රංගනය කරන ශානක පවුලේ වැඩිමලා.

ඉතින් ශානකට සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ ලවන් අභිෂෙක් සහ දිනිත් ශිරන්ත. මේ දෙදෙනා අතරින් අපි කවුරුත් දන්න තවත් සංගීතයට ඉතා දක්ෂ කෙනෙක් තමයි ලවන් කියන්නේ.ඔහුත් සංගීතේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙනවා.

මේ විදියට චරිත රංගනය කරන ශානක සහ ලවන් සහෝදරය්න් දෙදෙනා තවත් තරුණයන් කිහිප දෙනෙක් සමගින් සංගීත කණ්ඩායමක් කරගෙන යනවා. ඉතින් ඔවුන්ගේ සංගීත කණ්ඩායම තමයි ‘සෙවන් වින්ග්ස්’. මේ වන විට මේ සෙවන් වින්ග්ස් සංගීත කණ්ඩායම ඉතා කාර්යබහුල වෙලා රට වටේම යනවා. ඉතින් දැන්නම් ශානක රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් විදියට කවුරුත් හදුනනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ශානක මේ විදියටයි එක්තරා පුවත් පත් මාධ්‍ය සාකච්ඡාවකට කියලා තිබුණේ.

” මම සංගීත වැඩ කටයුතුවලට සහ බෑන්ඩ් එකේ ප්‍රමෝෂන් වලට ගොඩක් යොදා ගන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් දෙක. මිනිස්සු කැමති ආර්ටිස්ලගේ ලයිෆ් ස්ටයිල් දැන ගන්න. එහෙම කියලා අපි කන බොන විදිය හැම දේම දාන්න හොද නෑ. පෞද්ගලිකත්වය ඕනවට වඩා පෙන්නන්න හොද නෑ.”





Previous Post Next Post