අවුරුදු 14ක ආදර කතන්දරයක් පසුගිය දා සැබෑ වීමක් ගැන ප්‍රේක්ෂක අපිට දැක ගන්න ලැබුණා. ඒ සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා දමයන්තිගේ විවාහ උත්සවයයි. නර්තන ශිල්පිනියක් රංගන ශිල්පිනියක් විදියට හැමෝම දන්න අනූෂා දමයන්ති සිනමාව වගේම ටෙලිනාට්‍යය තුළ විවිධ චරිත රංගනය කරන අතිශය දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වුණු හිරු නාලිකාවේ විකාශය වුනු ‘මහවිරු පණ්ඩු’ ටෙලිනාට්‍යයේ සැර පරුෂ චරිතයකට ඇය රංගනයෙන් දායක වුණා. ඒ වගේම අනූෂා රංගනය කල චිත්‍රපට විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත් නිර්මාණ ලෙස ඇගේ වෛරය, කොටි සනා, ගිණිගත් මධුසමය, තෑන්කියු බර්ටි, සිරි දළදාගමනය, සිංග මචං චාර්ලි, මයි නේම් ඊස් බන්දු, සිකුරු යෝගය වැනි චිත්‍රපට ගණනාවකම ඇය රංගනයෙන් දායක වුනා.
ඉතින් පසුගිය දා ඇගේ විවාහ මංගල්‍ය මහත් උත්කර්ෂවත් විදියට පැවැත් වුණා. ඒ විවාහ මංගල්‍යයට කලා ලොවේ ගොඩක් දෙනා සහභාගි වුණා. ඉතින් අනූෂා සහ අමිල ආදර කතාව ගැන මේ වන විට හැමෝම දන්නවා. මේ දෙන්නාගේ විවාහ මංගල්‍යය මීට පෙර කීප අවස්ථාවකදී ගන්න සූදානම් වෙලා තිබුණත් එක එක හේතූන් මත එය කල් දාන්නට සිදු වෙලා තියෙනවා. ඉතින් අනූෂව ගොඩක් ලස්සන මනාලියක් කරල තිබුණේ. ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින්. එහිදී ඇයට මංගල උත්සවයට ආරාධනා කරන්න බැරි වුණු කලා කරුවොත් ඉන්නවා කියලයි අනූෂා කිව්වේ. ඒ ගැන මේ විදියටයි අනූෂා අදහස් දක්වලා තිබුණේ.
” ඇත්තටම මම ඉතාම කෙටි කාලයක් තුළ ප්ලෑන් කරලා හදිස්සියේම වෙඩින් එක ගත්තේ. ගන්න හදපු හැම වෙලේම අපිට කල් දාන්න සිද්ද වුණා. අපි මුලින්ම හිතන් හිටියේ අපේ පවුලෙ අයයි අමිලගෙ පවුලෙ අයයි විතරක් ගෙන්නලා වෙඩින් එක කරන්න. ඊට පස්සේ චන්දිමාල් තමයි කිව්වේ කලා කරුවොත් කීප දෙනෙකුට හරි කියමු කිව්වේ.
ඉතින් හදිස්සියේ නිසා මට ගොඩක් දෙනෙක් මග හැරුණා. මම කිසිම කෙනෙක් ළගට ගිහින් ඉන්විටේෂන් දුන්නෙ නෑ. ලංකාවේ නිලි රැජින මාලනී ෆොන්සේකට පවා මම වට්ස් ඇප් එකෙන් කිව්වෙ මගේ වෙඩින් එක. එතකොට මට ගොඩක් දෙනෙක් මගහැරුණා වෙඩින් එක කියන්න බැරුව. මගේ වෙඩින් එකට එන්න බලාගෙන හිටපුඅයත් හිටියා. ඒ ගොල්ලොන්ට කියන්න බැරිවුනානම් මට සමාවෙන්න. මොකද මේක හදිස්සියේම චන්දි කිව්ව නිසා තමයි කලා කරුවන්ටත් කිව්වේ.”