මම කාර් එකේ ලීස් එක මාසයක් ගානේ තවම ගෙවනවා -රශිපබා සන්දීපනි




පුංචි තිරය හරහා ජනප්‍රියත්වයට පත් වුණු රංගන ශිල්පිනියන් අතරින් රශිපබා සන්දීපනීට ලොකු ආකර්ෂණයක් තියෙනවා. මේ දිනවල ඇයව දැක ගන්න ලැබෙන ටෙලිනාට්‍යයක් සති අග හිරු නාලිකාව හරහා අපිට දැක ගන්න පුලුවන්. ඒ හිරු නාලිකාවේ සෙනසුරාදා සහ ඉරිදා දින විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යය හරහායි.

ශලිනි තාරකා රංගනය කල සත්සරනී චරිතයට ඇයට අවස්ථාව උදා වීමත් එක්ක රශිපබා ගන්නේ ලොකු අභියෝගයක්. නමුත් ඇය ඇයට පුලුවන් ආකාරයට එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න පටන් අරන් දැන්නම් එහි උපරිම සාර්ථකත්වය අපිට දැක බලා ගන්න පුලුවන්. ඉතින් සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යය පමණක් නෙමෙයි ඇය රංගනයෙන් දායක වුණු දමිළ ටෙලිනාට්‍යයත් අපිට දැක ගන්න පුලුවන්.

ගොඩක් දෙනෙක්ගෙන් ඇයට අහන්නට ලැබෙන්නේ ඇය ඉන්දීය සිනමාවට සුදුසුයි කියලයි. ඉතින් රශිපබාට විදෙස් ගත වෙලා රංගනය කරන්නත් අවස්ථාව උදා වුණා. ඇය සමේ පැහැයෙන් ටිකක් අඩු නිසා ඇයට ගොඩක් රංගන අවස්ථාවන් අහිමි වෙලා තියෙනවා. රශිපබා කියන්නේ සමේ වර්ණය ගැන හිතන්නැතුව ඒ කෙනාගේ දක්ෂතාවය මත චරිත ලබා දීම කල යුතුයි කියලා. මේ දවස් වල ඇයව නිතරම දැක ගන්න ලැබෙනවා. ඒ ඇය රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණයක් වන ‘ නිමි’ චිත්‍රපටය ඇගේ ප්‍රථම සිනමා අත්දැකීමයි. ඉතින් රශිපබා කියන්නේ සාමාන්‍ය පවුලකින් පැවත එන කෙනෙක්. ඇගේ අරමුණු සහ ඉලක්ක හොද වෙඩින් එකක් ගන්න එක නෙමෙයි දෙමාපිය සතුටින් තියන්නයි. ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

”අපි සාමාන්‍ය පවුලක්. ඉතින් ඉස්සර අපේ තාත්තට තිබුණේ බයික් එකක්. ඒකේ දාගෙන ගිහින් තමයි මාව පොඩි කාලේ නිවේදන කටයුතු වලට එක්කන් ගියේ. මම පොඩි කාලේ ඉදලම අම්මලා තාත්තලාට බරක් වුණෙ නෑ. මගේ දේවල් මමම කරගත්තා. මගේ ක්ලාස් පීස් පවා මම හොයා ගත්තා. ඉතින් මට ඕන මගේ අම්මයි තාත්තයි එයාලගෙ අවසන් කාලේ විශ්‍රාම සුවයෙන් සතුටින් ජීවත් වෙනවා දකින්න. මම ඉස්සර අම්මට කියනවා මම ඔයාල දෙන්නව ඒසී කාමරයක තියනවා කියලා.

අපිට බයික් එකක්නෙ තිබ්බේ. මට හීනයක් තිබුණා වාහනයක් අරන් මටම කියලා මගේම සල්ලි වලින් ගෙයක් හදන්න. වෙන ගෑණු ළමයින්ට තිබුණු හීන නෙමෙයි මට තියෙන්නේ. මම වාහනයක් ගත්තා. නමුත් මම හරිම ආඩම්බරෙන් කියන්නේ ඒකේ ලීස් එක තාම මම මාසයක් ගානේ ගෙවනවා. වාහනේ ගේනකොට මම තාත්තගෙන් ඇහුවා ඇත්තටම අපි වාහනයක් ගත්ත නේද කියලා. ඒ තරමට මට සතුටුයි. මම ඒ වාහනේ ගත්තේ රෑ දවල් නොබලා මහන්සි වෙලා වැඩ කරලා.’’


මේ විදියටයි රශිපබා සන්දීපනී ඇගේ අදහස් දක්වලා තිබුණේ. 





Previous Post Next Post