‘යායට පායනා පෝදා සද’ ගීතය නිසා මුලු රටක ආදරය දිනා ගන්නට හැකි වුණු ජනප්‍රිය ගායකයෙක් තමයි ප්‍රිහාන් කියන්නේ. ඉතින් කාලයක් නිහඩව සිටි ප්‍රිහාන් සංගීතය තුලින් වැඩිය දකින්නට ලැබුණෙ නැත්තේ ඔහුගේ ව්‍යාපාර කටයුතු නිසයි. ඉතින් කොහොමහරි හැමෝගෙම අවධානය නැවත ලබා ගන්නට වුණේ ඔහු ජනප්‍රිය ගායිකාවක්, රංගන ශිල්පිනියක් විදියට අපි කවුරුත් දන්න නතාශා පෙරේරා විවාහ කරගැනීම නිසයි.
ඉතින් ඒ විදියට නතාශා සමගින් විවාහ වුණු ප්‍රිහාන් වැඩිපුර එකතුවෙලා ගත්ත ඡායාරූප වැඩිපුර සමාජ මාධ්‍ය ජාලාවල දකින්න ලැබෙන්නෙ නෑ. මොකද ඔවුන් දෙදෙනා වැඩිහරියක් තම තමන්ගේ වැඩ කටයුතු කරමින් තනිව ගමනක් යන බවයි ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් විදියට අපිට තේරෙන්නෙ. ඉතින් නතාශා සහ ප්‍රිහාන් ගැන සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන බොරු පුවතක් තමයි ඔවුන් දෙදෙනා දික්කසාද වෙලා කියන පුවතක්. ඉතින් කොහොම වුණත් මේ දේ බොරු කියලයි නතාශා සහ ප්‍රිහාන් සදහන් කරන්නේ. ඔවුන්ට අහන්න ලැබෙන ගොසිප් ගැන ප්‍රිහාන් කිව්වේ මේ වගේ අදහසක්.
” මම ගැන වැඩිය මුල ඉදන්ම ගොසිප් හැදුනෙ නෑ. මම නතාශා එක්ක විවාහ වුනාට පස්සෙ තමයි ගොසිප් හැදුනෙ. මොකද නතාශා කියන්නේ ජනප්‍රිය කෙනෙක්. කෙනෙකුට ගොසිප් හැදෙන්නෙ එයා ජනප්‍රිය වුනාම. අපිට බොරු ගොසිප් හදලා කවුරුහරි ජීවත් වෙනවනම් ඉතින් කමක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.”
මේ විදියටයි ප්‍රිහාන් අදහස් දක්වලා තිබුණේ.