මගේ පුතා යාලුවන්ට කියනවලු ලොකු වුනාම කසාද බදින්නැතුව අම්මව බලාගෙන ඉන්නවා කියලා - පියුමි හංසමාලී



ලංකාව තුළ සිටින නිරූපන ශිල්පිනියන් අතරින් වැඩිපුර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලී කියන්නේ. දිනෙන් දින කාගේත් වැඩි අවධානයට ලක් වෙන කෙනෙක් විදියට පියුමි හංසමාලී මේ වන විට ආදරය උපරිමයෙන් විදිමින් සතුටින් තම ජීවිතය උපරිම විදින කෙනෙක් තමයි ඇය. ඇය කියන විදියට ඇය ජීවිතේ කිසිම දවසක බොරුවක් කියන්නැති ඇත්ත කතා කරන ආදරණීය මවක්.

පසුගිය දා ඇගේ පෙම්වතා ප්‍රගීත් අතර අතර ගැටලුවක් ඇති වීම ගැන සහ එය ප්‍රේක්ෂකයන් අතර වැඩි කතා බහකට ලක් වුණේ පියුමි හංසමාලිව ෆලෝ කරන විශාල රසික පිරිසක් ඉන්න නිසා කියලයි පියුමි කියන්නේ. ඉතින් කවුරු ඇයට ඉරිසියා කලත් මොන දේ කිව්වත් ඇය කියන්නේ ඇගේ පාඩුවේ උපරිමයෙන් ජීවිතේ විදිනවා කියලයි. ආදරණීය මවක් වන ඇය තම පුතා ගැන ආඩම්බරයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූයේ මෙවැනි අදහසක්.

”මම හිතනවා මම හොද අම්මා කෙනෙක් කියලා. අපේ තාත්තා කිව්වේ බොරු කියන්න එපා කියලා. ඉතින් මම මගේ පුතාට කියන්නේ විහිළුවටවත් කිසි කෙනෙක්ට බොරුවක් කියන්න එපා කියලා. මම හිතන්නේ මවක් විදියට මම මගේ ජීවිතේ දිනලා ඉවරයි කියලා. කවුරු මොනවා කිව්වත්. සමහරක් කට්ටිය ඉන්නවා දරුවෙක් ඉන්නවා කියලා හංගනවා. මමනම් හරි ආඩම්බරයෙන් කියනවා මට පුතෙක් ඉන්නවා කියලා. මම කියන්නේ මට මිනිස්සු බනිනවනම් මගේ වැරැද්දක් දැකලා මගේ හොද දේ විතරක් ගන්න. මගේ පුතා සෙල්ලම් කරන්න යනවා ළග ගෙදරකට. ඉතින් පුතාට තව ලොකු වයසක් නෑ. එයාගෙන් අහපුවාම ලොකු වෙලා බදිනවද කියලා එයා කියනවලු මම ලොකු වුනාම කසාද බදින්නෙ නෑ අම්මවත් බලාගෙන ඉන්නවා කියලා.’’


මේ විදියටයි පියුමි හංසමාලී ඇගේ ආදරණීය පුතා ගැන අදහස් දක්වලා තිබුණේ.





Previous Post Next Post