නිරුවත් චරිතවලට ගියොත් මට පවුලෙ අයට මූණ දෙන්න බෑ - හිමාලි සිරිවර්ධන




ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වන හිමාලි සිරිවර්ධන කියන්නේ සම්මානනීය රංගන ශිල්පිණියක් කියලා අපි කව්රුත් දන්නවා. සිනමාව පුංචි තිරය තුලින් ප්‍රේක්ෂකයාව අමන්දානන්දයට පත් කළ ඇය hiru super dancer වැඩසටහන තුළ විනිසුරු මඩුල්ල ද නියෝජනය කළා.

ඉතින් නර්තනයට ඉතා දක්ෂතා දක්වන හිමාලි රංගනය කරන මේ දිනවල පුංචි තිරයේ අපට දැකබලා ගන්න පුළුවන් ටෙලි නාට්‍යය තමයි ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘ගගන පියවර’ ටෙලි නාට්‍යයේ සහ හිරු නාලිකාවේ විකාශය වන ‘ලංවී’ ටෙලිනාට්‍යයේ ත්.

ඉතින් පෙම්වතියගේ චරිතය රඟපෑ හිමාලි දැන් ආදරණීය බව විදිහට පුංචි තිරය හරහා අපි දැක ගන්නවා. ඇය පෞද්ගලික ජීවිතයේත් ආදරණීය පුංචි පුතෙකුට මවක් වෙනවා. ඉතින් මව් පදවිය සැබෑ ජීවිතේ ලබා ගත්ත හිමාලි ඇගේ පුතාට ආදරණීය මවක්. චරිත නිර්මාණ බෙහෙවින් තෝර බේර ගෙන රංගනය කරන හිමාලි ඇය නිර්මාණයන් සඳහා තමා විසින් යොදාගත් වාරණයන් ගැන ඇය මේ විදිහට අදහස් දක්වලා තිබුණේ.

” මට නිර්මාණ කිහිපයක්ම මග හැරුණා. ඒ මම ඒවා බාර නොගත්ත නිසා. මම නිර්මාණ තෝරා ගනිද්දි මගේ සීමාවේ ඉදලයි නිර්මාණ තෝරගන්නෙ. උදාහරණයක් විදියට කිව්වොත් නිරුවත් චරිත මම රංගනය කරන්නේ නෑ. මොකද ඒ චරිතවල රඟපාල මට මගේ පවුලේ අයට මිනිස්සුන්ට මුහුණ දෙන්න අමාරුයි. එහෙම මුහුණ දෙන්න තරම් ආත්ම ශක්තියකුත් මට නෑ. මම හිතන්නේ මේ ක්ෂේත්‍රය තුළ මගේ ආත්ම ගෞරවය හොඳ නම තියාගෙන හැමදාම වැඩ කරගෙන යනවා කියලා. ඒ ගැන ඇත්තටම ආඩම්බරයි.”\






Previous Post Next Post