ළගදිම අපි දෙන්නා එක කූඩුවකට එන්න බලාගෙන ඉන්නවා - මනීෂා චංචලා





දක්ෂ රංගන ශිල්පිනියක් විදියට කාගේත් ආදරය දිනා ගත්ත ඇය මනීෂා චංචලා. රංගම ශිල්පිනියක් වගේම මනීශා මේ වන විට දක්ෂ ගායිකාවක් විදියටත් අපිට දැක ගන්න පුලුවන්. ඉතාමත් දක්ෂ විදියට රංගනයේ යෙදෙන මනීෂා සිදූ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය බෙහෙවින් ලබා ගත්තා.ඉතින් ඒ ගායිකාවක්, රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි මනීෂා දක්ෂ නිවේදිකාවක් විදියටත් ප්‍රේක්ෂක අපි අතරට එනවා. ළමා වියේ කලා ක්ශේෂ්ත්‍රයට ආපු මනීෂා ගුවන් විදුලි නිවේදිකාවක් විදියට තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. ඇගේ පළමු නිර්මාණය තමයි දෙරණෙහි විකාශය වුණු වස්සාන සිහිනය ටෙලිනාට්‍යය.

ඒ එක්කම ඇයට් ටෙලිනාට්‍යය ගණනාවකටම සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. කුමී, කිරුළි, සිල්ලර සමනල්ලු, අමුතු රසිකයා, ගුග්ලි වැනි ටෙලිනාට්‍යය ගණනාවකටම ඇයට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ විදියට කලා ක්ශේෂ්ත්‍රය තුළ දස්කම් පාපු මනීෂා ගැන සුබ ආරංචියක් අපිට පසු ගිය දා අසන්නට ලැබුණා. ඒ ජනප්‍රිය රංගන ශිල්පී අශේන් සිරිවර්ධන ගැනයි. ඉතින් අශේන් සහ මනීෂා සහභාගි වුණු නත්තල් වැඩ සටහනකදී මේ විදියටයි ඔවුන්ගේ අනාගත බලාපොරොත්තුවක් ගැන මාධ්‍ය වෙත් කියලා තිබුණේ.


අපි දෙන්නා ලගදිම කූඩු තනන්න බලන් ඉන්නේ. හැමදාම අහනවා. ඒ නිසා ලගදිම වෙයි. අපි දෙන්නා එක කූඩුවක ඉන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.’’






Previous Post Next Post