පොරොන්දු වුණු පරිදිම කිතුනු දහම වැළද ගත් නිරන්ජනී ශම්මුගරාජා



 සිනමාව තුළ විවිධ චරිත ගෙන හැර පෑ ඒ දක්ෂ රංගන ශිල්පිනිය නිරන්ජනී ශම්මුගරාජා. ඇය දමිළ කෙනෙක් වුනත් අපේ සිංහල සිනමාව තුල ඇයට ලැබෙන්නේ ඉහලම ආකර්ෂණයක්. නිරන්ජනී ශම්මුගරාජා කිව්ව පමණින් මේ වන විට ඕනම කෙනෙක් දන්නවා. ඒ තරමටම ඇය අපේ ජීවිත වලට සමීපයි.ඇය මෑතකදී රංගනය කල සිනමා නිර්මාණයක් තමයි ‘ප්‍රාණ’ කියන්නේ. ඉතින් විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂක හදවත් වලට සමීප වෙන ඇය කාගේත් ආදරය ලබා ගන්නවා. ඒ විදිටයට කවුරුත් ආදරේ නිරන්ජනී ශම්මුගරාජා ගැන පසු ගිය දිනවල වැඩි පුර කතා කරන්නට වුණා.


ඒ මෙදා පාර නත්තලේ සිට ඇය කිතුනු දහම වැළද ගන්නවා කියලයි. ඊට හේතුවත් ඇය සදහන් කර තිබුණා.


” පසු ගිය වසර තුල මිනිස්සු ගොඩක් දුක් වින්දා. එකිනෙකාට උදව් කරගන්න බැරි තරමට මිනිස්සු අසරණ වුණා. නමුත් මේ වසර තුල යම් සැනසීමක් ලැබිලා තියෙනවා. මෙදා පාර නත්තල මට මගේ ජීවිතේට සුවිශේෂියි. ඒ අවුරුදු හත අටක කාලයක් මම පීඩා වින්ද රෝගයක් නිසා දුක් වින්ද මට දෙවියන් වහන්සේව විශ්වාස කරලා යාච්ඤා කිරීම නිසා මගේ රෝගය සුව වුණා. ඒ නිසා මම උන්වහන්සේව දැඩිව විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා මෙදා පාර නත්තකේ ඉදලා මම කිතුනු දහම වැළදගන්නවා.’’


මේ විදියට සදහන් කරලා තිබුණු ජනප්‍රිය රංගන ශිල්පිනී නිරන්ජනී ශම්මුගරාජා ඒ පොරොන්දු වුණ පරිදිම ඊයේ දිනයේ කිතුනු දහම වැළද ගෙන තිබුණා. එම අවස්ථාවේ ගත් ඡායාරූප ඇය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.





Previous Post Next Post