නර්තනයෙන් රංගනයෙන් දක්ෂතා පෙන්වූ රංගන ශිල්පිනි අනුෂා දමයන්ති පසුගිය දවසක කලා ලෝකයේ තරු පිරිවරා විවාහ දිවියට පිවිසුණා. අනුෂාගේ විවාහ මංගල්‍යය දිහාවට ප්‍රේක්ෂකයින් වගේම කලා ලෝකයේ හිතවත් බොහෝ පිරිසකුත් ඇහැ යොමාගෙනයි හිටියේ.කොහොම හරි අවුරුදු 10ක ආදර කතාව හැබෑ කරගන්න අනුෂාට පුළුවන්කම ලැබෙනවා. මේ කතාව අනුෂා කාලෙකට කලින් යූටියුබ් නාලිකාවකට කියපු කතාවක්.
"හැමෝම නියමිත වයසේ බැඳලා, ළමයි බැඳලා එහෙම කරුණු කාරණාවලට. සමහර වෙලාවට මම වේලාසනින් බැන්ඳා නම් මගේ වෘත්තිය ජීවිතේ සමහර ජයග්‍රහණ ලබන්න බැරි වෙන්න තිබුණා. මට අවුරුදු 10ක් මටම ආදරේ කරන, මං වෙනුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා."
"අම්මා මට දක්වපු සෙනෙහස ආදරේ නිසා මටත් ඕනි වුණේ පුංචි දුවෙක් තමයි. ඒකට හේතුව ලස්සනට අන්ඳන්න පුළුවන්, බෝනික්කෙක් වගේ. ඒ හීනේ මගේ ළඟ තියෙනවා. අනිවාර්යෙන්ම මම පුංචි දුවෙක් හදයි. දුවද පුතාද ප්‍රශ්නයක් නෑ. හැබැයි ගෑනු ළමෙකුට වැඩි කැමැත්තක් දක්වනවා. කොල්ලෙකුත් ඕනි. බලමු..."